අලියෙක් ඉස්සරහට හම්බුනොත් දුවලා ගිහින් බේරෙන්න බැරි නං හොදම දේ තමයි හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක. එතකොට අලියා අපි ඉස්සරහට දුවගෙන ආවත් ලගටම ඇවිත් හැරිලා යනවා.
මොකද අපි හෙල්ලුනොත්, දිව්වොත් අලියා දන්නවා ඌට බයේ යන්නේ, මට පහර දෙන්න පුළුවන් කියලා.
හැබැයි අපි එහෙම්ම හිටගෙන හිටියොත් අලියා කල්පනා කරනවා මේ ඉන්න කෙනා මට වැඩිය බලසම්පන්න කෙනෙක් වෙන්න ඕනි, මට ප්‍රහාරයක් එල්ල කරන්න තමයි මේ හදන්නේ, හිමිට අයින් වෙන එක හොදයි කියලා.
ඒ කියන්නේ චන්ඩි දෙන්නෙක් හම්බුනාම, දෙන්නම එක වගේ නං ඉස්සෙල්ලා ගහන්න යන්නේ නැහැනේ. පුළුවන් නං ගහපන් බලමු මොකද වෙන්නේ කියලා කියව කියව ඉන්නවා විතරනේ. ඒ වගේ තමයි.
අලියෝ එක්ක දුවලා බේරෙන්න අමාරුයි මිනිසුන්ට.
අනික මම සමහර කඳු මුදුන් වල, අපිත් බොහොම අමරුවෙන් ලනු දාලා එල්ලිලා ගිහින් බලද්දී ඒවායේ අලින්ගේ වසුරු දක්නට ලැබිලා තියෙනව.
උන් මිනිසුන්ට යන්න අමාරු කඳු පල්ලම් වලත් ඒ නිසා යනවා. හැබැයි බොහොම පරිස්සමට ඉස්සරහ කකුල් දෙක නමලා, පරිස්සමට යනවා.