අලියෙක් කොහොමද බන් නිවන් දකින්නේ.
මන් හිතන් හිටියේ නිවන් දකින්න ලෝකයේ සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියලා. එහෙම නැතුවත් නිවන් දකින්න පුලුවන්ද ?
වෙන කියන්න දෙයක් නැති නිසා එහෙම කියනවා වෙන්න පුලුවන්. බෞද්ධ ධර්මය ඇතුලෙදි මිය ගිය අයෙක්ට, සුභ ගමන් හෝ සමාදානයේ සැතපේවා කියන්න ඉඩක් නැහැ. නමුත් අන් හැම සංස්කෘතියකම වගේ එහෙම එකක් තියන නිසා, වර්තමාන පොපියුලර් ක්‍රමයට අනුගත වෙමින් මොකක් හරි කියන්න ඕනෙ නිසා ඔහොම ප්‍රාර්ථනාවක් හැදුනා වෙන්න පුලුවන්.
ඕකට තවත් මූලයක් තියෙනවා වෙන්න පුලුවන්. සෑම බෞද්ධ මලගෙදරකදිම කියන, සහ ලොකු අකුරෙන් ගහන එකූතරා ප්‍රධාන වාක්‍යකුත් ඒ වාක්‍ය සඳහන් ගාථාවකුත් තිබෙනවා. අහලා දැකලා ඇති නේද සෑම මරණ දැන්වීමකම ගහනවා "අනිච්චා වත සංකාරා" කියලා. ඒක සම්පූර්ණයෙන්ම මෙහෙමයි.
අනිච්චා වත සංඛාරා
(සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ)
උප්පාද වය ධම්මිනෝ
(ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ)
උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
(ඉපද නිරුද්ධ වෙත්)
ඒසං වූප සමෝසුවෝ
(ඔවුන්ගේ සංසිඳීම සුව ය.)
මේක මුලින්ම කියවිලා තියෙන්නෙ තාථගතයන්ගේ පිරිනිවීමෙදි. එතනදි මේක ශෝකය මුසු උදාන වාක්‍යක් වගේ. මොකද මරණය උනත් තථාගතයින් (ඇතුලු රහතන් වහන්සේලා) මේ අනිත්‍ය ස්වාභාවයෙන් මිදුන නිසා. උන්වහන්සේලා සංසිඳුනා.
හැබැයි සාමාන්‍ය කෙනෙක් මැරෙන්නෙ සංස්කාර සන්සිඳිලා නෙමෙයි. නමුත් ඒ අයටත් කවදාහරි මෙහෙම මිදීමක්, විමුක්තියක් ලබාගන්න හැකියාවක් තිබෙනවා කියන එකත්, අපිටත් ඕක තමා අන්තිමට උරුමය කියන සංවේගය ඇතිකරගන්න පුලුවන් වෙන්නත් ගාථාවේ අන්තිම පදය අනුව යමින් "නිවන් සැප ලැබේවා" කියන ප්‍රාර්ථනාව කරනවා වෙන්න පුලුවන්. සතෙක් උනත් "කවදාහරි" කියන බලාපොරොත්තුවෙන් එහෙම ප්‍රාර්ථනාවක් කරනවා වියහැකියි.
සමහරු දැනුවත්ව කරනවා ඇති සමහරු නොදැනුවත්ව කරනවා ඇති...