අලි ගැන තියෙන කැක්කුම

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    jxkP5cE.jpg

    සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්‍රමණය කලේ .. :rofl:
    මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව...

    හැබැයි බුදු උනාම එහෙම ගියා කියලා අපි අහල නෑ . මොකද ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක.

    මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
    අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
    නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ? :rofl:
    දළදා පෙරහැර වෙනයි බුද්ධාගම වෙනයි පටලව ගන්න එපා.දළදා පෙරහර කියන්නේ බුද්ධාගමේ උත්සවයක් නෙවෙයි, ඒක රාජ්‍ය උත්සවයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    අන්න ඒකම තමා භික්ශුව එයින් ඉවත්වෙන්න ඕනෙ කිව්වෙ.ඊට පස්සේ ඉතිරි වෙන්නෙ ගිහියන්. ගිහියෝ අලි හැදිල්ල බුදුන්ට වෙන් කිරිල්ල කොහොමද වෙන්න ඕනෙ නේ ?

    ඔන්න ඔතනින් පස්සෙ දිලාන් ඕක තීරණය වෙන්නෙ තමන් කොයි කොයි වැලියුස්ද ජීවිතයට ලංකර ගන්නෙ කියන එක මත. බේස් ලයින් එක කිව්වොත්, බෞද්ධ ගිහියන්ට තියෙන්නෙ නිත්‍ය පංචශීලය.

    පාණාතිපාතා වේරමණී
    අදින්නාදාන වේරමණී
    කාමේසුමිච්ඡාචාර වේරමණී
    මුසාවාදා වේරමණී
    සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී

    ඔච්චරයි බෞද්ධ පිළිවෙතේ මූලික අවධිය. ඔතනින් එහාට කැමති නම්, අට සිල්, දස සිල් යන ඒවාත් එතින්න එහාට ගිහින් සමථ විපස්සනා භාවනාවෙත් යෙදෙන්න පුලුවන්. එතකොට ගිහි බෞද්ධ සමජයක morality එක මැනෙන ප්‍රධානතම නිර්ණායක පංච ශීලය.
    මම කියන්නේ බුදුන් ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන් අලි ටිකක් ජිවිත කාලයම හිර කරගෙන ඉන්න එක ගැලපෙන්නේ නෑ .
    උබ හිතන විදියට ඒක කරන කෙනා මාරු කරල කරගෙන ගියාට ප්‍රශ්නයක් නෑ වගේ උනාට ඔය ජීවමාන බුදුන් විදියට සලකන දෙයක් නේ. ඕක වෙනුවෙන් සත්තු හිර කරන් ඉන්න එක කොහෙත්ම ග්ල්පෙන්නේ නැති වැඩක් .

    ඔතන හාමුදුරුවෝ අලි ඇති කරනවද නැද්ද කියන එක එච්ච්ර් වැඩක් නෑ .. ඒක තමන්ගේ වැඩක් තමන් මොන්ව්ඩ් කරන්නේ නැත්තේ කියල . හාමුදුරුවෝ හදන්න මට ඕන නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    දළදා පෙරහැර වෙනයි බුද්ධාගම වෙනයි පටලව ගන්න එපා.දළදා පෙරහර කියන්නේ බුද්ධාගමේ උත්සවයක් නෙවෙයි, ඒක රාජ්‍ය උත්සවයක්.
    ගිහි බෞද්ධයන් කරන පූජාවක්. රජයේ අනුග්‍රහය ඇතුව.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    දළදා පෙරහැර වෙනයි බුද්ධාගම වෙනයි පටලව ගන්න එපා.දළදා පෙරහර කියන්නේ බුද්ධාගමේ උත්සවයක් නෙවෙයි, ඒක රාජ්‍ය උත්සවයක්.
    එහෙනම් දළදා පෙරහැර ගැන කියද්දී ආගම් වලට ගහනව, අනිත් ආගම් වල සත්තු මරණ කතා මොකද කියන්නේ කට්ටිය ?

    මට නම් දළදා පෙරහැර ආගමික සම්බ්න්දෙන් අයින් කරන්න බෑ . ඔක් ආගමට සම්බන්දයි උබ හොදට හිතල බැලුවොත්. නිකන් සංස්කෘතික උත්සවයක් නෙවෙයි.
     
    • Like
    Reactions: Candid-B

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එහෙනම් දළදා පෙරහැර ගැන කියද්දී ආගම් වලට ගහනව, අනිත් ආගම් වල සත්තු මරණ කතා මොකද කියන්නේ කට්ටිය ?

    මට නම් දළදා පෙරහැර ආගමික සම්බ්න්දෙන් අයින් කරන්න බෑ . ඔක් ආගමට සම්බන්දයි උබ හොදට හිතල බැලුවොත්. නිකන් සංස්කෘතික උත්සවයක් නෙවෙයි.
    ආගමයි සංස්කෘතියයි පැටලුනා හම ඔය වගේ දේවල් වෙනවා. මුලින්ම හොයාගන්න ඕන ඇයි දළදා පෙරහර පටන් ගත්තෙ කියන එක. ඒක දන්නවනම් ඔය ආගම ප්‍රශ්න ඉවරයි .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම කියන්නේ බුදුන් ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන් අලි ටිකක් ජිවිත කාලයම හිර කරගෙන ඉන්න එක ගැලපෙන්නේ නෑ .
    උබ හිතන විදියට ඒක කරන කෙනා මාරු කරල කරගෙන ගියාට ප්‍රශ්නයක් නෑ වගේ උනාට ඔය ජීවමාන බුදුන් විදියට සලකන දෙයක් නේ. ඕක වෙනුවෙන් සත්තු හිර කරන් ඉන්න එක කොහෙත්ම ග්ල්පෙන්නේ නැති වැඩක් .

    ඔතන හාමුදුරුවෝ අලි ඇති කරනවද නැද්ද කියන එක එච්ච්ර් වැඩක් නෑ .. ඒක තමන්ගේ වැඩක් තමන් මොන්ව්ඩ් කරන්නේ නැත්තේ කියල . හාමුදුරුවෝ හදන්න මට ඕන නෑ .

    ඔව්. ඒ දිලාන් ජීවිතයට ලංකර ගෙන තියෙන වැලියු එකක් නිසා එහෙම ප්‍රකාශයක් කරනවා වෙන්න ඇති. ඉතින් මම පෙන්නුවේ ඇවරේජ් බෞද්ධයන්ට බුදුදහම අනුව ඕක කොහොමද අදාලවන්නේ කියන එක.

    එතකොට පෙනෙන්න ඕනෙ විවිධ පුද්ගලයන්ට/සමාජ කාණ්ඩ වලට විවිධ ආකාරයට ඕක ආදාල වෙන හැටි.

    Edited - removed a sentence.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ආගමයි සංස්කෘතියයි පැටලුනා හම ඔය වගේ දේවල් වෙනවා. මුලින්ම හොයාගන්න ඕන ඇයි දළදා පෙරහර පටන් ගත්තෙ කියන එක. ඒක දන්නවනම් ඔය ආගම ප්‍රශ්න ඉවරයි .
    පෙරහරක් යන එක මට අවුලක් නෑ .
    දළදාව සලකන්නේ නිකන්ම සංස්කෘතික සංකේතයක් විදියටද ? නැත්නම් ජීවමාන බුදුන් වෙනුවට ද ?

    අන්න ඒ දේ වෙනුවෙන් සතෙක් හිර කරගෙන ඉන්න එක ගැලපෙන්නේ නෑ කියලා මම කිව්වේ.
    අවුරුද්දම පෙරහැරවල් ගියාට අවුලක් නෑ .
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සමහරුන්ට අලි ගැන තියෙන කැක්කුම අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් උන්ට ගගහ යන උන්ව දැක්කම නැත්තේ මොකද බන්?
    ආගමික නාමයෙන් වුවද සත්ව හිංසනය සත්ව හිංසනයම වේ. ආගමික වුවා කියා සත්ව හිංසනය හිංසනයක් නොවී වෙනස් යමක් වන්නේ නැත. ඔබ සැමට ස්තූතියි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ඔව්. ඒ දිලාන් ජීවිතයට ලංකර ගෙන තියෙන වැලියු එකක් නිසා එහෙම ප්‍රකාශයක් කරනවා වෙන්න ඇති. ඉතින් මම පෙන්නුවේ ඇවරේජ් බෞද්ධයන්ට බුදුදහම අනුව ඕක කොහොමද අදාලවන්නේ කියන එක.

    එතකොට පෙනෙන්න ඕනෙ විවිධ පුද්ගලයන්ට/සමාජ කාණ්ඩ වලට විවිධ ආකාරයට ඕක ආදාල වෙන හැටි.

    Edited - removed a sentence.
    බෞද්ධ ද වෙන ආගම් ද කවුරු හරි සත්ව හිංසන කරන එක වරදී. .
    මම මේ එක එක මිනිස්සු කරන හිංසා කරන එක නෙවෙයි කිව්වේ.

    කතෝලික උන් දෙවියෝ වෙනුවෙන් මස් දෙන්න ෆාම් එකක් නඩත්තු කරන එක උන්ගේ ආගමේ ඉගැන්වීම් එක්ක ගැලපෙනවා වෙන්න පුලුවන්
    මුස්ලිම් උන් උරෝ මරල දෙයියෝ වෙනුවෙන් මොකක් හරි කරන එකත් ඒ දහම එක්ක පරස්පර නොවෙන්න පුලුවන්.
    හැබැයි බුදුන් වෙනුවෙන් සත්තු හිර කරගෙන ඉන්න එක ගැලපෙන්නේ නෑ දහම එක්ක.

    ඔය උඩ 3ම සත්ව හිංසා විදියට වැරදි. හැබැයි මම කිව්වේ නොගැලපීම.
    මිනිස්සු හදන්න මට ඕන නෑ .
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පාණාතිපාතා වේරමණී
    අදින්නාදාන වේරමණී
    කාමේසුමිච්ඡාචාර වේරමණී
    මුසාවාදා වේරමණී
    සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී

    ඔච්චරයි බෞද්ධ පිළිවෙතේ මූලික අවධිය. ඔතනින් එහාට කැමති නම්, අට සිල්, දස සිල් යන ඒවාත් එතින්න එහාට ගිහින් සමථ විපස්සනා භාවනාවෙත් යෙදෙන්න පුලුවන්. එතකොට ගිහි බෞද්ධ සමජයක morality එක මැනෙන ප්‍රධානතම නිර්ණායක පංච ශීලය.
    :lol:
    මරන්නේ නැතුව වධකාර කරන ගියත් හරි මේ කියන විදිහට ,
    කන්න ඕන උනාම තලගොයා කබරයා කර ගන්න කතාවක් මේක .
     
    • Like
    Reactions: Candid-B

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පෙරහරක් යන එක මට අවුලක් නෑ .
    දළදාව සලකන්නේ නිකන්ම සංස්කෘතික සංකේතයක් විදියටද ? නැත්නම් ජීවමාන බුදුන් වෙනුවට ද ?

    අන්න ඒ දේ වෙනුවෙන් සතෙක් හිර කරගෙන ඉන්න එක ගැලපෙන්නේ නෑ කියලා මම කිව්වේ.
    අවුරුද්දම පෙරහැරවල් ගියාට අවුලක් නෑ .
    හැම රටකම තිබිලා තියනවා ඒ රටේ රජ්ජුරුවන්ට තමන් ගේ රජකමට තියෙන සුදුසුකම පෙන්නන්න පුළුවන් මොකක් හරි භාණ්ඩයක්. ඊජිප්තුව පාරාවෝ රජ්ජුරුවන් එයාගෙ රාජත්වය පෙන්නුවේ එයාගෙ ceptre ඒකෙන්.
    අන්න ඒ වගේආගමික භාණ්ඩයක් වුණත් දළදාව කියන්නේ ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය. වෙන රටවල් වල වගේම ලංකාවෙත් කන්සෙප්ට් එකක් තිබුණා දලදාවේ අයිතිකාරයා තමයි රටේ රජ්ජුරුවෝ කියලා ඒක හින්ද තමයි ඉස්සර ආක්‍රමණවලදී රජා අහුවුනත් දළදාව අහුවෙන්න ඉඩ දුන්නෙ නැත්තේ.

    තමන් ගාව තමයි දළදාව තියෙන්නේ කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්නන්න රජ්ජුරුවෝ කරපු ප්‍රදර්ශනයෙ විකාශනයක් තමයි ඔය දළදා පෙරහැර කියන්නේ.
    දළදා පෙරහැර නිකං එංගලන්තෙ coronation ceremony එක වගේ ාජ්‍යය උත්සවයක් මිසක් ආගමික උත්සවයක් නෙවෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    අලියව ඕනෙම නම් මැරිච්ච අලියෙක්ගෙ හම ඇතුලට පුළුන් පුරවලා කකුල් 4ට රෝද දාල ඒක පිටේ කරඬුව ගෙනියන්න බැරිද ?
    b16001244b27f44f15ad7700395565d7.jpg
     
    • Like
    Reactions: Dexter-D and dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බෞද්ධ ද වෙන ආගම් ද කවුරු හරි සත්ව හිංසන කරන එක වරදී. .
    මම මේ එක එක මිනිස්සු කරන හිංසා කරන එක නෙවෙයි කිව්වේ.

    කතෝලික උන් දෙවියෝ වෙනුවෙන් මස් දෙන්න ෆාම් එකක් නඩත්තු කරන එක උන්ගේ ආගමේ ඉගැන්වීම් එක්ක ගැලපෙනවා වෙන්න පුලුවන්
    මුස්ලිම් උන් උරෝ මරල දෙයියෝ වෙනුවෙන් මොකක් හරි කරන එකත් ඒ දහම එක්ක පරස්පර නොවෙන්න පුලුවන්.
    හැබැයි බුදුන් වෙනුවෙන් සත්තු හිර කරගෙන ඉන්න එක ගැලපෙන්නේ නෑ දහම එක්ක.

    ඔය උඩ 3ම සත්ව හිංසා විදියට වැරදි. හැබැයි මම කිව්වේ නොගැලපීම.
    මිනිස්සු හදන්න මට ඕන නෑ .

    දැන් දිලාන් කියන්නෙ ධර්මානුකූලව බලනකොට දන්ත ධාතූන් වඩම්මන්න වාහනයක් විදිහට අලියෙක් හදන එක වැරදියි කියලනෙ. ඔව් දිලාන් බුදුහමුදුරුවො සතුන් පිලිගත්තේ නැහැ බුද්ධ පූජාවක් විදිහට දුන්නොත්. නමුත් සතුන් යොදාගෙන සිදුකෙරුණු බුද්ධපූජා ඉවසා සිටියා.

    බුද්ධ ධර්මය පරම අවිහිංසාවාදී නැහැ ජෛන ධර්මය වගේ. බුදුන් සමහර සමාජ යථාර්ථයන් පිළිගත්තා. ඒක නිසා දිලාන්, භික්ෂුවක් අලි ඇතුන් නඩත්තු කරනවා නම් ඒක වැරදියි. බණ භාවනා කරන අයෙක් ඒක කරනවානම් ඒකත් දුර්වලයි. පංචශීලය රකින්න පමණක් උත්සහකරන ගිහියෙක් ඒක කරන එකේ "දිලාන් පෙන්වන" ගැටලුව නම් නැහැ. වෙනත් ගැටලුවක් තියනවා. ඒ වෙනත් ගැටලුව තමා මේ ඡේදයෙන් ඉස්මතු කලේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    දැන් දිලන් කියන්නෙ ධර්මානුකූලව බලනකොට දන්ත ධාතූන් වඩම්මන්න වාහනයක් විදිහට අලියෙක් හදන එක වැරදියි කියලනෙ. ඔව් දිලාන් බුදුහමුදුරුවො සතුන් පිලිගත්තේ නැහැ බුද්ධ පූජාවක් විදිහට දුන්නොත්. නමුත් සතුන් යොදාගෙන සිදුකෙරුණු බුද්ධපූජා ඉවසා සිටියා.
    බුදුන් වෙනුවෙන් කවුරු හරි රජෙක් පුද පුජා කරන්න සතෙක් වෙන් කරල හිර කරන් හිටියද ?

    බුද්ධ ධර්මය පරම අවිහිංසාවාදී නැහැ ජෛන ධර්මය වගේ. බුදුන් සමාජ යථාර්ථයන් පිළිගත්තා. ඒක නිසා දිලාන්, භික්ෂුවක් අලි ඇතුන් නඩත්තු කරනවා නම් ඒක වැරදියි. බණ භාවනා කරන අයෙක් ඒක කරනවානම් ඒකත් දුර්වලයි. පංචශීලය රකින්න පමණක් උත්සහකරන ගිහියෙක් ඒක කරන එකේ "දිලාන් පෙන්වන" ගැටලුව නම් නැහැ. වෙනත් ගැටලුවක් තියනවා. ඒ වෙනත් ගැටලුව තමා මේ ඡේදයෙන් ඉස්මතු කලේ
    උග්‍ර අවිහිංසා වාදී නෑ . වතුර උණු කරද්දී සත්තු මැරෙයි ද , පෑගිලා මැරෙයි ද වගේ තැනට යන්නේ නෑ .
    දැනුවත්ව හිංසා කරන්නේ නෑ .
    මෙතන දැනුවත්ව වෙන්නේ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    :lol:
    මරන්නේ නැතුව වධකාර කරන ගියත් හරි මේ කියන විදිහට ,
    කන්න ඕන උනාම තලගොයා කබරයා කර ගන්න කතාවක් මේක .

    ඔව් බුදුන් රාජ්‍ය පාලන තන්ත්‍රයට ඇඟිලි ගහන්න ගියේ නැහැ (එහෙම එක අවස්ථාවක් මතකයි. ඒ නිසා බොහොම විරලයි කියලා හිතාගමු). උන්වහන්සේ ඔයවගේ කාරණා වලදී උපයෝගීතාවය තේරුම් ගත්තා. අනුමත කලේ නැහැ. බුදුන් නම් සමාජශෝදකයානෝ වගේ වැරදි වැටහීම් වල ඉන්නකොට එහෙම හිතෙන්න පුලුවන්.

    බුදුන් කියන්නෙ ශ්‍රමණයෙක්, ශ්‍රමණ සම්ප්‍රදායකින් බිහිවුන කෙනෙක් කියන එකයි ඕක තේරුම්ගන්න තියෙන යතුර. එකෙන් ඉන්ෆ්ලුවන් වෙන එකයි ඒ ශ්‍රමණ සම්ප්‍රදායට අනුග්‍රහ දක්වන සමාජයක වෙන්නෙ. එහෙම නැතිව මුලු පාලන තන්ත්‍රයටම මුල් ඇදපු, මිනිසුන් පාලනය කරන්නම ඒකටම අනන්‍ය වූ නීති (commands) සහ සංස්කෘතියක් සකස්කෙරගෙන බිහිවුණු ආගමක් නෙමෙයි බුදුදහම.

    Edited - new reply to Dilann

    බුදුන් වෙනුවෙන් කවුරු හරි රජෙක් පුද පුජා කරන්න සතෙක් වෙන් කරල හිර කරන් හිටියද ?

    මම දැනුවත්ව නම් බුදුන් ජීවමාන කාලයේදී එහෙම වෙලා නැහැ. ශ්‍රමණ සම්ප්‍රදායක් අනුගමනය කරපු කෙනෙක්ට එහෙම ඇත්, ගව ආදී සම්පත් වලින් පලක් නැහැ කියන එක ඒ අය බහුතරයක් දැනුවත්ව ඉන්න ඇති. මට පොඩි මතකයක් තියනවා තියනවා වගේ එකතැනක් එහෙම පූජා කරලා බුදුන් ප්‍රතික්ෂේප කරපු. හොයන්න සූත්‍ර පාඨයක් වත් මතක් වෙන්නෙ නැහැ. එතන තියෙන්නෙ ප්‍රතික්ෂේප කිරීමක් අපිට මේවාගෙන් ප්‍රයෝජනයක් නැහැ ආදියට.

    උග්‍ර අවිහිංසා වාදී නෑ . වතුර උණු කරද්දී සත්තු මැරෙයි ද , පෑගිලා මැරෙයි ද වගේ තැනට යන්නේ නෑ .දැනුවත්ව හිංසා කරන්නේ නෑ .මෙතන දැනුවත්ව වෙන්නේ.

    අන්න ඒක තමා. ශාසනානුකූලව ඒක තමා වැරැද්ද. සතාට ආදරයෙන් කරුණාවෙන් සැලකීමේදී පිනක්/යහපතක් සිදුවෙනවා. සතාට ආනාදරයෙන් අකාරුණිකව සැලකීමෙදි පවක් සිදුවෙනවා/හිංසාවක් වෙනවා. සතා නිසා වෙන වෙනම තව තව අකුසල් කරන්න වෙනවා. ඒ නිසාම තමා යමෙක් බෞද්ධ පඩිපෙලේ ඉහලට යනවානම් ඔය දේවල් අත්හරින්න ඕනෙ.

    මම දිලාන් කියන එක එක්ක යම් මට්ටමකට එකඟයි. හැබැයි ඒ එකඟ වෙන්නෙ ඉහත කාරණාව නිසා, දිලාන් මුලින් ඒත්තු ගන්වන්න හදපු කාරණාව නිසා නෙමෙයි.
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සබ්බේ තසන්ති දණ්ඩස්ස
    සබ්බේ භායන්ති මච්චුනෝ
    අත්ථානං උපමං කත්වා
    නහන්‍යෙ න ඝාතයෙ

    සබ්බේ තසන්ති දණ්ඩස්ස
    සබ්බේ සඔ ජීවිතං පියං
    අත්ථානං උපමං කත්වා
    නහන්‍යෙ න ඝාතයෙ

    මේ ගාථා දෙක කියපු කෙනාගෙ දතක් අරන් යන්න
    අම්මගෙන් වෙන් කරලා,
    බලෙන් අල්ලගෙන,
    බලෙන් හීලෑ කරගෙන,
    බය කරගෙන,
    දඬුවම් කර කර,
    ජීවිත කාලෙම දංවැල් දාල බැඳගෙන,
    (අලි කියන්නෙ දවසකට 10-15km ඇවිදින සත්තු)
    ලිංගික ජීවිතේ නැත්තට නැති කරලා,

    සතෙක් තියාගෙන ඉන්න එක කොච්චර නොගැලපෙනවද,කොච්චර විහිලුවක්ද කියල මොලේ අබ ඇටයක් තරමට හරි තියෙන එකෙක්ට තේරෙනව ඉතින්.සාධාරණීකරනය කරන්න හැදුවට වැඩක් නෑ.කෑමට සත්තු මරන එකෙන් වහන්නත් බෑ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සමහරුන්ට අලි ගැන තියෙන කැක්කුම අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් උන්ට ගගහ යන උන්ව දැක්කම නැත්තේ මොකද බන්?
    අස්සයන්ව දම්වැල් දාල උලකින් ඇන ඇන පාරෙ ගෙනියන්නෑනෙ ගොන් ත්‍රෙඩ් නොදා ඉදින්...පව්කාර හැත්ත...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ ගාථා දෙක කියපු ....
    ඒ ගාථා දෙක කිව්වත් නැතත් සත්ව හිංසනය නරක බව තේරුම් ගන්න බැරි හරක් ඉන්නවා.
    උන්ට වේදනාව තියෙන්නෙ අලි ගැන විතරයි. ඒකත් පෙරහැරේ යන අලි ගැන විතරයි.
    අන්න ඒ ගැනයි මේ කතා කරන්නෙ.

    * මොන විදිහට කළත් සත්ව හිංසනයක් නම් වැරදියි. මදුරුවාගෙ ඉඳන් අලියා, නිල් තල්මසා දක්වාම.

    අස්සයන්ව දම්වැල් දාල උලකින් ඇන ඇන පාරෙ ගෙනියන්නෑනෙ ගොන් ත්‍රෙඩ් නොදා ඉදින්...පව්කාර හැත්ත...
    ⁣ඔයාගෙ ආගමේ විදිහට නම් මැරුවත් පව් නෑ නේද bro?

    අලි ශිල්පයේදි උල (හෙණ්ඩුව), දංවැල් පාවිච්චි කරන විදිහක් තියෙනවා සතාට හානියක් නොවන විදිහට. (කටු කම්බි වැටවල් කඩාගෙන, ගස් පෙරගෙන යන අලිය⁣ව පූසෙක් ගානට දාලා හිතන්න එපා.)
    එහෙම නැතුව වැරදි විදිහට අනිනවා නම් ඒකට විරුද්ධව කතා කරන්න ඕනෙ තමයි. අලියට නෙවේ, හැම සතාම සම්බන්ධව.
     
    Last edited:
    • Like
    Reactions: neo7x