රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහමගදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (25) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කැලුම් මද්දුමගේ ගොනු කර තිබූ පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේදීයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ, සුරේෂ් සලේ මෙරට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවයි.
එල්.ටී.ටී.ඊ හිටපු නායක තමිල් සෙල්වම් විනාශ කිරීම සඳහා ඔහු මුල්වී ක්‍රියා කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
එමෙන්ම එල්.ටී.ටී.ඊ හිටපු නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේද සුරේෂ් සලේ විසින් බවත්, ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත්, අලි සබ්රි නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළා.
2015 වසරේ සිදු වූයේත් මෙවැනි තත්වයේ ක්‍රියාවක් බව සඳහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි, අවසානයේදී මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ වැටුණු බව අවධාරණය කළා.
වවුනතිවු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයාට එරෙහිව වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, එවැනි විමර්ශනයක් සිදු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ සිදු කරන මෙම විමර්ශනය හරහා සිය සේවාදායකයාට සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම දේශපාලන සරණාගතභාවය අපේක්ෂා කරන අසාද් මවුලානා නමැති අයෙකු බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත්, මෙවැනි විමර්ශන හරහා වින්දිතයින්ට කිසිදා යුක්තිය ඉටු නොවන බවත්, ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
https://hirunews.lk/449040/strongly...ence-chief-saleh-presidents-counsel-ali-sabri