අලුත්ම ගැජමැටික්ස් ටිකක්

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Aluthma Gadgematics Tikak

    මුලින්ම කියන්න ඕනෙ මම මේ එලකිරි එකේ දාන පලවෙනි ටිකක් හරි වැදගත් ත්රෙඩ් එක.. :rolleyes: මීට කලින් නම් මට තියෙන ප්රශ්න ගැන අහලා ත්රෙඩ් දාලා තියෙනවා ඒත් මේක තමයි මම මොනවහරි මගේ මහන්සියෙන් දාන පලවෙනි දෙය..ඉස්සරහටත් දිගටම දාන්න බලාපොරොත්තු වෙනවා..අද මම කියන්න යන්නෙ මේ පොඩි මාතෘකාවක් ගැන...උඹලා සමහරවිට මේවා ගැන දන්නවත් ඇති..අලුත් අලුත් ගැජමැටික්ස් ටිකක් ගැන තමයි මම අද කියන්න යන්නේ.. :yes::yes:

    01. BluFit Intelligent Water Bottle

    M_Id_424714_BluFit.jpg


    හ්ම්ම් මේ යන විදියට නම් මිනිස්සු තව මොනවා මොනවා හදයිද මන්දා..එක අතකින් හොදයි ලෝකේ දියුනු වෙනවනේ..මේ බෝතලේ හදපු කට්ටියට අමුතු දෙයක් හිතිල තියෙනවා..මේ බෝතලේ මේගොල්ලො නම් කරලා තියෙන්නෙ ස්මාට් බොට්ල් කියලා..මේකෙන් වැඩක් ගන්න නම් ස්මාට්ෆෝන් එකකුත් ඕනෙ වෙනවා..ඔයාලගෙ ස්මාට්ෆෝන් එකෙ ඇප් එකක් දාල ඒකත් එක්කම තමයි මේක වැඩ කරන්නෙ..ඒ ඇප් එකෙන් අධීක්ෂනය කරනවා ඔයාල කොච්චර අද දවසට වතුර බිව්වද කොච්චර නොබිව්ව්ද කොච්චර ඔයාගෙ ශරීරයට තව වතුර ඕනෙද ඒ වගේම ඔයාලගෙ Hydration ලෙවල් එකත් පාලනය කරන්න මේ ස්මාට් බොට්ල් එකට හැකියාවක් තියෙනවා..ඔයාලට අවශ්ය වතුර ප්රමානය බීල නැත්තන් ඔයාලට ෆෝන් එක හරහා ඇලට් කරනවා (ඇනයක් වෙන්නත් පුලුවන් නෙ වෙලාවකට)..

    නිෂ්පාදක සමාගමට අනුව නම් මෙකෙ වාසි ගොඩක් තියෙනවලු..ඇත්ත ඉතින් අපිට දැන් වතුර බොන්නවත් හරියට වෙලාවක් නැහැ නොවැ..මේකත් එක්ක සෙන්සර් එකක් එනවලු ඒකෙන් අපි වතුර බීපු වෙලාවයි වතුර ප්රමානයයි මොනිටර් කරනවාලු..ඒක නිසා මේකෙන් අනවශ්ය විදියට කරදර කරන්නෙත් නෑලු..අපෙ බර,වයස,පරිසර උෂ්ණත්වය,ආර්දතාවය වගේ සාධක වලට අනුව අර ෆෝන් එකට දාන ඇප් එකෙන් හරියටම අපිට අවශ්ය වතුර ප්රමානය ගණනය කරනවාලු..මේක එන්නෙ ලබන අවුරුද්දෙ මාර්තු වලලු..බලාපොරොත්තු වෙන්නෙ 59$ ක් වගේ ගානකට දෙන්නලු.. :cool::cool::cool:

    02. ChargeCard Wallet-Sized USB Cable

    1579_charge_card_wallet_sized_usb_cable_microusb.jpg


    මේක නම් ගොඩක් බිසී අයට වැදගත් වෙයි…කරදරකාර වයර් කෑලි (USB Cable) ප’ස් එකේ දාගෙන යන්න බැහැ නේද? ඒකට පිලියම තමයි මේක…මේක නම් කරලා තියෙන්නෙ ChargeCard Wallet Sized USB Cable කියලා..නමින්ම තේරෙනවානේ මේකෙන් කරන දේ..කොහෙ ගියත් ලග කේබල් එකක් තියෙන එක ගොඩක් වටිනවනෙ..ඕනෙම කරන්ට් එක තියෙන තැනකට මේක ගහලා පාවිච්චි කරන්නලු තියෙන්නේ…Micro USB සහ Lightning කියල තව ඉස්සරහට එන්න තියෙන ඉන්ටෆේස් එකක්ලු මේකට තියෙන්නෙ..ගාන නම් 25$ ක් විතර වෙනවලු.. :yes::yes:

    03. Flipbook Kit

    flipbook-machine.gif


    මේක නම් පොඩි එකෙක්ට ඒ වගේම චිත්ර එහෙම අදින එකෙක්ට පට්ට භාන්ඩේ…කවුද හිතුවෙ අපි ඉස්සර කාලෙ අර පොත් පිටු ගොඩක GIF විදියට හදන ඒවා මෙහෙම පාවිච්චි කරන්න…මේකෙ ඔරිජිනලි එන්නෙ පින්තූරයක් එක්කලු..ඒ වගේම හිස් පිටුත් තියෙනවලු අපිට කැමති ව්දියට චිත්රයක් ඇදගන්න…50$ක් විතර වෙනවලු… :rolleyes::rolleyes:

    04. Breathometer

    breathometer.jpg


    එලකිරි එකේ බොන එවුන් ගොඩක් ඉන්නවා නේද? :D උඹල බීලා ඩ්රයිව් කරනවාද? මෙන්න උඹලට බිව්වට පස්සෙ පොඩි හරි සිහියක් තියෙනව නම් වටිනා කියන භාණ්ඩයක් තියෙනවා..බීලා යනකොට උඹලා පොලිස් මාමලාට මාට්ටු උනොත් එහෙමත් නැත්තන් කරුමෙට ඇක්සිඩන්ට් එකක හැප්පුනොත් කාට කියන්නද බන්..මේ ඩිවයිස් එකෙන් පුලුවන් උඹල බිව්වට පස්සෙ වාහනේ එලවන්න තරම් සිහියක් උඹ්ලට තියෙනවාද කියල චෙක් කරලා බලන්න…ඔය කොච්චර කිව්වත් ඔය කෑලි විශ්වාස කරන්න පුලුවන්ද බන්…වාහන එලවද්දි බීල එලවන්න එපා..උඹ උඹේ ජීවිතේ විතරක් නෙමෙයි වෙන කෙනෙක්ගෙ ජීවිතෙත් අනතුරක තියාගෙනයි බිව්වට පස්සෙ වාහනේ එලවන්නේ… :no::no::no::no:

    05. Alienware Aurora

    alienware-aurora-microatx-core-i7-gaming-pc.jpg


    ගේම් ගහන එවුන්ට නම් මේවා ගැන කියල වැඩක් නැතිවෙයි..බලහන්කො මේකෙ තියෙන වැඩකෑලි ටික…ඩෙල් සමාගම විසින් නිෂ්පාදනය කරන Alienware series එකේ අලුත්ම සාමාජිකයා තමයි මේ..Alienware Aurora කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ…

    මේකට දාල තියෙන්නෙ Intel Core i7 Processor එකක්ලු..ඕනෙ නම් Extreme Edition චිප් එකක් දාගන්නත් පුලුවන්ලු…15MB Cache මෙමරි එකක් තියෙනවාලු ප්රොසෙසර් එකේ…ඒ වගේම Turbo Boost ටෙක්නොලොජි එක නිසා මේක 4.3 GHz දක්වා Overclock කරන්නත් පුලුවන්ලු…Intel IvyBridge-E 4000 Processor Family එකේ තියෙන ඔක්කොම වැඩකෑලි මේකෙ තියෙනවාලු..මේක ඉතින් Branded Machine එකක් නිසා Nvidia GeForce 700 Series or AMD 8900 Series Graphic Card දෙකෙන් කැමති කාඩ් එකක් දාගන්න පුලුවන්ලු….ගාන නම් ටිකක් සැරයි…3200$ ක් වෙනවලු ගාන…පට්ට නේ ඕයි?? :lol:

    මා විසින් අන්තර්ජාලයෙන් තොරතුරු සොයා සම්පාදනය කරන ලද කුඩා ලිපියක් වන අතර උඹලට ඕනෙ නම් මේක එහෙම්පිටින්ම කොපි කරලා දාගනින් මගේ නම දාන්නේ නැතුව... :yes::yes:

    රෙප් දුන්නට තරහා නෑ..මම රෙප් නියගයකට අහුවෙලා යකෝ ඉන්නෙ! :frown::frown:
     
    Last edited: