අලුත්ම මෝටර් රථ 4,000ක් ගිනිබත් වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අලුත්ම මෝටර් රථ 4,000ක් ගිනිබත් වෙයි

    අලුත්ම මෝටර් රථ 4,000ක් ගිනිබත් වෙයි​





    අලුත්ම මෝටර් රථ 4,000ක් සමග නෙදර්ලන්ත මුහුදු සීමාවේ ගිනිගනිමින් ඇති යාත්‍රාව වෙනත් ස්ථානයකට ඇදගෙන යෑමට කටයුතු කරන බව එරට බලධාරීන් පවසයි.
    එහි අරමුණ වන්නේ එම නැව, නාවික ගමන් මාර්ගයෙන් ඉවතට ගෙනයෑම සහ එය බේරාගත හැකිදැයි සොයාබැලීම බව සඳහන් වෙයි.
    ඒ අනුව එම නැව Ameland සහ Schiermonnikoog යන දූපතෙන් කිලෝ මීටර් 16ක් පමණ ඈතකට ඇදගෙන යාමට නියමිතය.
    නැව තුළ ගින්න හට ගන්නා අවස්ථාවේදී එය ජර්මනියේ සිට ඊජිප්තුව දක්වා ගමන් කරමින් තිබුණි.

    පැනමාවේ ලියාපදිංචි එම නෞකාවේ ඉන්දීය ජාතිකයින් 21 දෙනෙක් සේවයේ යොදවා සිටි බවත් අනතුර හේතුවෙන් එක් අයෙක් මියගොස් ඇති බවත් වාර්තා විය.
    ජපානයේ Shoei Kisen නම් සමාගම එම නෞකාවේ හිමිකරු ය.

    නෞකාවේ මෝටර් රථ 3,783ක් ප්‍රවාහනය කරමින් තිබෙන බවත් ඉන් 498ක් බැටරි සහිත විද්‍යුත් මෝටර් රථ බවත් සඳහන් ය.
    මුලින් වාර්තා වූයේ නෞකාවේ තිබුණේ විද්‍යුත් මෝටර් රථ 25ක් පමණක් බවය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    Raththaranta kuwanam ape muhudu kalapeta gennagena kiyak hari hoya gani lol