අලුත්ම macOS Sierra ගැන සියලු දේ දැනගන්න !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අලුත්ම macOS Sierra ගැන සියලු දේ දැනගන්න !




    Apple computer එකක් පාවිචිචි කරන කෙනෙක් නම් හැම අවුරුද්දෙම එන update එකට මොනවා අලුතෙන් එකතු වෙයි ද මොන වගේ වෙයි ද කියලා ලොකු අවධානයක් යොමු කරනවා, මේ අවුරුද්දෙත් තිබ්බ WWDC event එකේදී ඒක බොහෝ සෙයින් වෙනස් වුනා මොකද හැමදාමත් ආපු OS X වෙනුවට දැන් එන්නේ macOS නිකම් ම නෙමෙයි අලුත් features ගොඩක් අරගෙන, Apple මේ අලුත්ම macOS එක නැත්නම් macOS 10.12 වලට නම තියලා තියෙන්නේ macOS Sierra කියලා, OS X නම macOS වෙන්න හේතුව අපි කලින් දන්වපු නිසා ඊළඟට එන macOS එක ගැන විස්තර බලමු.

    Auto Unlock



    අපි දනන්නවා අපි Macbook එක ටික වෙලාවක් නිකම් තිබ්බොත් හරි standby mode එකට දැම්මොත් හරි auto lock වෙනවා අයෙමත් password එක type කරන්නම වෙනවා unlock කරගන්න නමුත් දැන් Apple Watch එකක් බාවිතා කරන කෙනෙක් නම් macOS Sierra එක්ක password එක නැවත නැවත type කරන්න ඕනේ වෙන්නේ නැහැ මොකද මොකද Apple Watch එක අතේ තියන නිසා Macbook එක user හඳුනාගෙන automatically ලඟට ගිය සැනින් unlock කරලා දෙනවා.


    Siri integration


    iPhone එකක් පාවිචිචි කරන කෙනෙක් නම් හැම දේම හොයල දෙන Siri දැන් MacOS එකටත් ඇවිල්ලා, මේ හේතුව නිසා වැඩ ගොඩක් පහසු කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා, මොකද අපිට හොයාගන්න අමාරු බොහෝ දේවල් දැන් Siri ට කියලා හොයාගන්න පුළුවන් ඉතා ඉක්මනින්. Example “Hey Siri show the files that I worked on last week about Apple SL”


    Cross-device copy and paste


    අපි iPhone, iPad එකෙන් ගොඩක් messages යවනවා ඔහොම යවන වෙලාවට සමහර අය අපිට එවන දේවල් අපිට Computer එකට දාගන්න සිදු වෙනවා, නැත්නම් අපි web search කරද්දී මොනවහරි copy කරගන්න ඕනේ කියලා දෙයක් දැක්කොත් එක Computer එකට දාගන්න වෙනම App එකක් බාවිතා කරන්න වෙනවා නැත්නම් Phone එක දිහා බලාගෙන Computer එකේ type කරන්න වෙනවා එත් දැන් macOS Sierra පාවිචිචි කරන කෙනෙක් නම් එහෙම වද වෙන්න ඕනේ නැහැ iPhone, iPad එකෙන් copy කරගත්ත සියලුම දේ macOS වලත් ඒ විදිහටම copy වෙන නිසා iPhone එකෙන් යම් දෙයක් copy කරලා Computer එක ඉස්සරහට ගිහිල්ල Paste කරන්න විතරයි තියෙන්නේ.


    Storage & cross desktop


    අපි එදිනෙදා වැඩ කරනකොට computer එක full වෙනවා ඊට පස්සේ ඉතින් free space එක හොයන්න පරණ files delete කරන්න වෙනවා නමුත් දැන් macOS Sierra එක්ක අපේ සියලුම පරණ files automatically cloud එකට යවන්න පුළුවන් මේ හේතුව නිසා Free icolud drive storage එක 20GB සිට දැන් 150GB දක්වා වැඩි කරලා තිබෙනවා, ඒ සියලුම Files iPad, iPhone එකෙනුත් බලන්න පුළුවන් එක වැඩ තවත් පහසු කරනවා.


    Apple Pay


    මිට අව්රුදු දෙකකට පෙර iPhone 6 එකත් සමග ආපු Apple Pay ශ්‍රී ලංකාවට තාම සහය දක්වන්නේ නැති වුනාට Apple Pay දැන් ලෝකයේ වැඩියෙන්ම බාවිතා කරන payment method එකක් වෙලා උදාහරණයක් ලෙස කිව්වොත් මේ වෙද්දී ගොඩක් රට වල Bus එකේ යනකොටත් Apple Pay වලින් සල්ලි ගෙවන්න පුළුවන් හැබැයි තාම මේක Online බාවිතා කරන්න බැරි ඇයි කියලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා ඔන්න දැන් macOS Sierra එක්ක Apple Pay වලින් online payments කරන්නත් පුළුවන් මේ හේතුව නිසා වැඩ පහසු වෙනවා වගේම ඉතාමත් ආරක්ශාකාරී මොකද අපි සාමාන්යෙන් online payments කරනකොට credit card details දෙන්න වෙනවා ඒ website එකට එත් Apple Pay තිබෙනවානම් Pay with Apple Pay කියන button එක ඔබපු සැනින් iPhone එකෙන් අහනවා Payment එක conform කරනවද කියලා එතකොට payment එක conform කරන්න තියෙන්නේ Touch ID එකෙන් මේ හේතුව නිසා තමයි මේක ඉතාමත් ආරක්ශාකාරී කියල කිව්වේ payment conform කරේ ගමන් සියලු දේ අවසානයි අයේ කිසි විටකත් credit card details දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.


    Release Date
    macOS Sierra මේ වන විට developers ලට නිකුත් කරලා අවසානයි බොහෝ දුරට තව මාස 2-3 ක් ඇතුලත iMac, MacBook, Mac Mini, Mac Pro බාවිතා කරන සියලු දෙනාට දෙනාට Free update එක ලැබෙයි.


    Compatible Macs
    2009 and later – iMac, MacBook
    2010 and later – MacBook Air, MacBook Pro, Mac mini, Mac Pro





    මෙතන කියලා තියනවට වඩා වැඩි features ගානක් macOS Sierra සමග update වෙලා හා වෙමින් තියනවා, මොකද දැනට macOS Sierra release වෙලා තියෙන්නේ developers ලට විතරක් නිසා, මොනවහරි ප්‍රශ්නෙයක් දැනගන්න තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ team එකේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි. වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා. Click For our Facebook Page



    උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/all-about-macos-sierra-sinhala/