කොහොමත් සමාගම් කිහිපයක් ක්‍රියාත්මක වන කතිපයාධිකාරි වෙලදපොල තත්වයක් තුල,
මිල හා නොමිල යුද්දයක් පැවතීම සාමාන්‍ය තතවයක්. ඒනිසා සිදුවන අධික සම්පත් විනාශය නවත්වන්න රජයකට බෑ.
මහින්ද හෝ වේවා රනිල් හෝ වේවා ෆොන්සේකා වේවා මේ කවුරු ආවත් මේ තත්වය නවත්වන්න අපහසුයි.
ඕකතමයි කතිපයාධිකාරී වෙලද පොල තත්වයක ස්භාවය. දිගින් දිගටම මිල මගින් ගහගැනීම හේතු කොටගෙන සමාගම් පාඩුලැබීමත් ස්භාවයෙන්ම තියන දෙයක්.මොකද තමන්ගේ වෙලද පොල කොටස රැක ගන්න භාන්ඩය/සේවව අලවි කරගන්නේ පිරිවැයටත් වඩා අඩු මිලකට .
රජයකට බෑ මේ වියදම් පාලනය කරන, මේව කරන්න එපා, මේ වියදම් තහනම්, වගේ නීති දාන්න. පුලුවන් ආදායම ස්ථාරව පවතාගෙන යන්න උදවුකරන එක විතරයි.
ඒ සදහා මිල දැඩියාවකින් කටයුතු කරන්න සමාගම් පෙලබවීම, ඒ සදහා නීති ගෙන එන්න ඕනෙ. නැත්නම් කවද හරි ඔය සමාගම් වැටුනහම එයින් වෙන්නෙ ඔය රුපියල් දෙකට රුපියලට හිගාකනවට වඩා ආර්ථ්ක අර්බුදයක්.
ඔහොම උන එක හොදයි. දැන් වෙන්නේ මිල මගින් නොවන ක්‍රම මගින් තමන්ගේ භාන්ඩය විකුනන්න තැත් කිරිමක්.
අනිවාර්යයෙන්ම කොහොමත් ඒ සමාගම් ප්‍රචාරනය නවත්වන්නේ නෑ. ඒත් තමන්ගේ සේවාවේ ගුනත්වය වර්ධයන කරම්න් එයින් තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කරන එක ඊලගට ඔවුන් කරන දෙයක්.
ඒ නිසා ඉදිරියේදි වඩාත් වැඩි ගුනත්වයෙන් යුත් සේවාවක් සපයීම තුලින් තම තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කාරාවී. ඒක අනිත් පැත්තේන් පාරිභෝගිකයින්ට වාසියක්.
ඕක ඉතින් පාට කන්නඩි දාගෙන දාගෙන බලනවට වඩා ශම්මි , ඇත්ත තත්වය තේරුම් ගත්තොත් හොදයි. ලංකාවට අලුත් දෙයක් උනාට, වෙන රටවල ඔහොම දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල ඉන්නෙ මහින්ද නෙමෙයි.:ලොල්: