අලුත්+පරපුර Aluth Parapura

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අලුත්+පරපුර Aluth Parapura

    'අධිකරණය පොලිසිය වගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු ආයතන ආණ්ඩුවකට බාර දුන්නට පස්සේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ හොඳ තීරණයක් ගන්න කියලයි අපි ඉල්ලන්නේ.' - කසුන් කල්හාර අලුත් පරපුර මාධ්‍ය සාකච්ඡාවේදී

    අලුත් පරපුර සම්පුර්ණ මාධ්‍ය සාකච්ඡාව




    "අලුත් පරපුර" මෛත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාත්මක තවත් එක් කලාකරුවන්ගේ එකමුතුවක් ලෙස ඌණනය කිරීම වෙනුවෙන් කැපවී සිටින මාධ්‍ය තවදුරටත් පෙන්වාදෙමින් සිටින්නේ සිය ගෝත්‍රවාදී ළාමක දේශපාලන දෘෂ්ටියයි. දේශපාලනය යනු නිශ්චිත දේශපාලන පිලක් දිනවීම සදහා සිදුකෙරෙන කඩේ යාමේ ව්‍යාපෘතියකින් පමනක් අවසන් වන්නක් ය යන්න මෙම සරළ දෘෂ්ටියට වටහාගත හැකි දේශපාලනයේ එකම ස්වරූපයයි.
    පක්ශ දේශපාලනය තුළ පවා දේශපාලනය වියැකී ගොස් ව්‍යාපාරික මුහුණුවරකට අනුවර්තනය වෙමින් පවතින මොහොතක තරුණ කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් පොදු යහපත උදෙසා වන දේශපාලනික සටනක් වෙනුවෙන් පෙළ ගැසීම තීරණාත්මක ය. මෙමගින් හෙජමොනික බලය වෙත නිකුත් කරනු ලබන සංඥාව කිසිසේත්ම නොසලකා හැරිය නොහැක. එකී දේශපාලනික සටන ජනවාරි 8 වෙනිදායින් අවසන් නොවීමට වග බලා ගැනීමේ වගකීම අප සතු ය.
    පක්ශ දේශපාලනය තුලින් අත්කර ගත හැකි වරදාන වෙනුවෙන් වන්දිබට්ටකම් කිරීම පැරණි පරපුරට අයිති ක්‍රියාවලියකි. එහෙයින් අලුත් පරපුර හඩ නගමින් සිටින්නේ මෛත්‍රී පාලනයක් උදෙසා නොව පුරවැසියාගේ පොදු යහපත වෙනුවෙන් වගකීම් සහගත ලෙස කැපවන දේශපාලන ක්‍රමයක් සදහා ය.
    එහිදී පළමු පියවර ලෙස රාජපක්ශ රෙජීමයේ ඒකාධිපති වියරුවට එරෙහිව හඩ නැගීම හා ඒ වෙනුවෙන් මහ ජනතාව සංවිධානය කරවීම අනිවාර්යකි. මේ හරහා නිශ්චිත ලෙස සළකුණු කරවනු ලබන්නේ පාලන තන්ත්‍රය විසින් අත්තනෝමතික ලෙස සිය බලය අවභාවිතයේ යෙදවීමට එරෙහිව පෙළ ගැසෙන පොදු ජන මතය සතු බල විභවයයි. රාජපක්ශ රෙජීමයේ අවසානයෙන් පසුවද තව තවත් රාජපක්ශලා බිහිනොවීමට උන් උපන් දේශපාලන තිඹිරිගෙය කඩා බිද දමනේ මෙකී පොදු ජන බලවේගයයි.

    ---කසුන් පතිරණ
    ---අලුත් පරපුර



    මේ අලුත් පරපුරේ අපි, අපේ පෙර පරපුර මෙන් මුලාව ඉදිරියේ නිහඬව සිටිය යුතු නැහැ.

    8 වෙනිදායින් පසුවත් අපි බොරුවෙන් මුලාවෙන් රවටන් පාලකයින් ට එරෙහිව නැගී සිටිමු.

    ඔබත් දේශපාලන පක්ෂ වල අනාගතය පමණක් ගැන නොහිතන...
    සැබවින්ම රටේ අනාගතය ගැනත් හිතෙන අලුත් පරපුරේ අයෙක් ද ?


    10888602_797868063618288_8602146277339250483_n.png


    එන්න අප සමග එක වෙන්න, මේ අලුත් පරපුරයි.....

    safe_image.php


    http://goo.gl/qqVHnK


    https://www.facebook.com/AluthParapura

    විශේෂයෙන්ම කියන්න ඕන UNP එක සහ රජයේ සහ අනෙකුත් මාධ්‍ය අපි ගැන විග්‍රහ කරන්නේ ...
    අපි මයිත්‍රීට කඩේ යනවා කියලා ! ඒ ඔවුන් දන්නා පක්ෂ පාට දේශපාලනය !

    ඔවුන් සිතන්නේ මේ ලෝකෙයේ විකල්ප මත දරන !

    සැම විටම තාමගේ අදූරදර්ශී බව වර්තමානිකව පෙන්වමින් සිටින පාලකයින්ට එරෙහි වීම ...

    අනෙක් පක්ෂයට කඩේ යෑමක් ලෙසයි ! ඒ ඔවුන්ගේ දන්නා එකම දේශපාලනයයයි.


    අලුත් පරපුර යනු මේ නූතන ලෞකික ජනසමාජයක් උසස් කලාවක් හා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අරගල කරන කලාකරුවන්ගේ හා සමාජ ක්‍රියාකාරීන්ගේ එකතුවකි.

    --අලුත් පරපුර
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේක මගේ අදහස

    මොවුනුත් මයිත්‍රීට කඩේ යනවද ?

    මොහොතක් සිතන්න !

    මොවුන් වෙනස් වෙන්නේ මෙහෙම

    ------------------------------------------------------------------------------------

    හරි මෙන්න ආණ්ඩුව පැත්තට ඉන්න අයගේ හැසිරීම .... වර්තමාන තත්වය ...


    දිවුල්ගනේ 1977 දී ජවිපෙ සමග සටන් කරලා හිරෙත් හිටියා මහා සමාජවාදියා ඒ කාලේ දිවුල්ගනේ හිටියේ කපුගේ එක්ක !

    ගුණදාස කපුගේ පාලකයන්ට විරුද්ධව නැගිට්ටා ! කඩේ යන්නේ නැතුව විපක්ෂෙට
    හැබැයි ඒ පාලකයෝ බලේ ආවහම නිකම් දෙන ආණ්ඩුකාරකම තියා කිසිම දෙයක් ගත්තේ නැහැ !

    ජැක්සන්ගේ කඩේ යෑම !
    බුදුන්ගේ තාත්තා සුද්ධෝධන රජුගේ නෑදැයෝ කිව්වා !
    නොකිය කියනවා ඒ මිනිහා බුඳුන් රජාපක්ෂගේ නෑදැයෝ කියලා !
    හම්බන්තොට දියවර මංගල්ලයේ ! භාතියලා එක්ක එකතු වෙලා ගසා කෑවා !
    බොරු රගපෑම් වලට නැව් පවා අලුතෙන් මහජන මුදලෙන් !
    මහින්ද ගැන මහින්ද චින්තනය ගැන ඉස්කෝලේ පොත් වල පවා ලියවිය යුතු බව කිව්වා

    එඩ්වඩ්,වික්ටර්,බැද්දගේ සහ එතුමාගේ බෑනා තවත් එකතු කරන්නම් අමරදේව, වේරලියද්ද, රෝහණ වීරසිංහ, වගේ අය .....

    තව අය පෙන්නන්න බලන්න ඔය වගේ රටේ ඉන්නේ උතුම් කියා ගන්න කලා කාරයෝ !

    උතුම් වෙන්න ඕන කලාවෙන් ව්තරක් නෙමෙයි මනුෂ්‍ය ස්වභාවයෙන් !

    නියමිත ලක්ෂ 6 ගෙවන්නේ නැතුව ප්‍රසංග කරා නෙලුම් පොකුණේ !
    මහින්ද තමයි ඒවා ප්‍රධාන අමුත්තා වුනේ වෙන ලංකාවේ මිනිස්සු නැතුවද ?

    රෝහණ වීරසිංහ මහින්දගේ කලාව සම්බන්ධ ජනාදිපති ලේබම් මහජන මුදලින් පඩි ලබන !
    එඩ්වඩ් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීතය පිළිබද ජේෂ්ඨ උපදේශක කමක් ගත්තා !

    මාලනී ෆොන්සේකා , රවීන්ද්‍ර රන්දෙනිය වගේ පියරු බබ්බු !......

    රවීන්ද්‍ර රන්දෙනියගේ දුවට විදේශ සේවයේ සුදුසුකම් නැතුව ඇමරිකානු එම්බසියේ වැඩ !
    මාලනී ෆොන්සේකා 65 පැනලා ලක්ෂ 60 වැඩි ණයක් මහින්ද අරන් දුන්න මහජන බැංකුවෙන් !
    පාර්ලි‌‌මේන්තු පින මන්ත්‍රී ධුරයක් දුන්නා

    ඔන්න අපේ සමාජේ වන්දනීය මිනිස්සු වගේ ( මට නම් ඔය කොයි එකත් වන්දනීය නැහැ ) ඉන්න උන් මිනිසුන්ගේ දුක පේන්නේ නැතුව මේ සමාජ අසාධාරණේට විරුද්ධ වුනු හැටි !


    යාලුවානේ මට පැහැදිලි කරන්න බලන්න ඔබලා ඔය කියන පටු දේශපාලන අරමුණ මොකද්ද කියලා ?

    කසුන් වගේ විකල්ප මත දරන කලාකාරයොන්ගේ තියෙන !

    ඔබ මෙච්චර කලක් කලාකාරයෙක් ලෙස මේ අයව කසුන් චාප වැනි දක්ෂ කලා කරුවන් ලෙස දැක්කානම්

    දැන් ඔවුන් ඔබට කිව්වද
    මයිත්‍රීට චන්දෙ දෙන්න කියලා !

    මහින්ද සමග සිටින කලා කරුවන් වගේ
    මහින්දට චන්දෙ දෙන්න කියලා කියන !

    ඔවුන් පෙන්වන්නේ මේ කාලාවට මේ ආණ්ඩුව යටතේ වුනු දේවල් සහ තරුණ පරපුරට සමාජීය වශයෙන් වුනු දේවල් !

    කලාකරුවොන්ගේ කාරභාර්ය සාමාජය ගොඩනැගීම !
    එහෙම නොවෙන වටපිටාවක එයට එරෙහිව නැගීටීම
    පක්ෂ දේශපාලනයෙන් නොව
    ඔවුන් කරන කලාවේ දේශපාලනයෙන් !

    කලාකරුවා ඕන නැහැ ගොඩනැගිලි සංවර්ධනය ජනතාවට පෙන්වන්න !
    ඒක සාමාන්‍ය පියවි ඇසකින් ඕනෑම කෙනෙක් දකින දෙයක් !

    සිංගප්පූරුව මැලේසියාව වගේ මේ රට හදන්න තව කෙනෙක්ට බලේ දෙන්න කියන්න..

    නමුත් කලාකරුවාගේ තෙවැනි ඇහැට පෙනෙන සමාජ විනාශය තමයි
    සමාජයට ඉදිරියෙන් ඉන්න කලාකරුවා පෙන්වන්න ඕන.


    එම ආණ්ඩුවේ බලය නිසා විනාශවෙන සමාජය පෙන්වන කට්ටිය මහින්දට support කරන කලාකරුවෝ කරනවද ?

    අහලා තියෙනවද Bertolt Brecht ලා ගැන
    ජන්දෙන් නැවත නැවතපත්වුණු
    හිට්ලර්ට විරුද්ධව හඩ නගපු ! හිට්ලර් කරගෙන යන සාමාජ විනාශය කල් තියා දැක !
    ඒ වෙනුවෙන් පොත් ලියපු >>>

    ඒ හඩ ඔබ කියන්නේ හිට්ලර්ට විරුද්ධව හිටිය...
    විපක්ෂයට
    Social Democratic Party සහ
    the Communist Party යන් පක්ෂයන්ට
    කඩේ යාමක් කියලද ?

    ඔබ වැනි අය එදා ඒ දේවල් කියලා Bertolt Brecht ලා වැන්නුන් පහත් කොට සලකන්න ඇති

    උදා : හුනුවටය පරිවර්තන කෘතිය ගැන අහලා තියෙනවද ?
    අඩුම ගානේ එහි අන්තර්ගතය ගැන ඔබ වැනි අය දන්නවාද ?

    කොටින්ම පටු අදහස් කියන එකේ තේරුම ඔබ දන්නවාද ?

    දන්නේ නැත්නම් මේ thred එක බලන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1650764


    දැන් සමහර කලා කරුවන් තමන්ගේ කේෂ්ත්‍රය තුල පාලකයා විසින්ම ඇති කරලා තියෙන ප්‍රශ්න ගැන පවා කතා කරනවාද ?


    විමුක්ති ජයසුන්දර ! කියනවා මේ සිනමා කෘති තහනම් කිරීම නම් ඕනෑවට වඩා වැඩියි !
    ඇත්ත .. දැන් කීයක් කලාත්මක නිර්මාණ තහනම් කලාද !

    ඒ එකක්වත් තනිකරම නිල් චිත්‍රපට නෙමෙයිනේ !

    GOD father film එකේ God Father ලෙස රගපාන අසහය නළුවෙක් වන Marlon Brando සිගරට් එක බිව්වත් ඒක කපනවා
    ඒ film එක ලංකාවේ නම් !

    සිගරට් බීමට මම තදින් විරුද්ධ වුනත් ...
    ඒ වගේ මැර චරිතයක් පෙන්වන්න උන් වගේ සමාජ චරිත කරන දේවල් නොපෙන්වා ඉන්න කියනවනම් ඒක විහිළුවක් !

    අනිත් ඒක දැන් කීයක් සිනමාහල් මේ ආණ්ඩුව යටතේ වැහිලා ගිහින් තියෙනවද ?




    මම දේශපාලන මතය වෙනුවෙන් ! අර අපේක්ෂකයාට මේ අපේක්ෂකයාට ජන්දේ දෙන්න කියලා ඉල්ලීම මොන කලාකාරක් කලත් අනුමත කරන්නේ නැහැ !

    ලෝකයේ ඕනෑම කලාකරුවෙක් යම් දේශපාලනයක යෙදෙනවා ! .

    විලියම් සේක්ශ්පියර් ගත්තොත් සහ වෙන ගන්ත්‍ර කතුවරු ගත්තත් !
    බොබ් මාලේ ! මයිකල් ජැක්සන් ගත්තත් ( They don't care us !, Black & White etc.)

    ඒ තමන්ගේ නිර්මාණ හරහා සමාජය විනිවිද දැකීමට අවශ්‍ය විචක්ෂණ බුද්ධි අරගල දේශපාලනයක !


    හැබැයි මේ පිරිස එහෙම ඉල්ලන්නේ නැහැ ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ස්වාධීන කණ්ඩායමකට බව පේනවා !

    ඒ අය කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කරගන්න කියලා සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට!

    එහෙම කවදා හෝ සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට වෙනස් වුනොත් !

    මොවුන් කවදා හෝ භාතියලා ඉරාජ් ලා වගේ තමන්ට ලාභ ප්‍රයෝජන ගන්න ( මහින්ද / මයිත්‍රී / රනිල් / ෆොන්සේකා / අනුර )
    කඩේ ගියොත්

    එදාට මොවුනුත් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙයි !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අලුත් පරපුරේ කාලාකරුවන් සහ
    පුරවැසි බලයේ කාලාකරුවන්ගේ මේ අදහස් අහන්න !

    ඔවුන් කරන්නේ සමාජ දේශපාලනික අරගලයක්ද ?

    නැත්නම්

    ඔවුන් මයිත්‍රීට කඩේ යනවාදැයි ඔබම තීරණය කරන්න


    අලුත් පරපුර වෙනුවෙන් .....

    සංවේදී කලාකරුවෙක්නම් මේ සිස්ටම්එක වෙනස් කළයුතුයි - කසුන් කල්හාර




    මිනිස් සමාජයක් ඉදිරියට යන්නෙ ශිෂ්ට සම්පන්න වුණොත් - චිත‍්‍රාල් චිත්ති සෝමපාල




    වාරණයෙන් තොර නිදහස් අදහස් සඳහා වෙනසක් කළයුතුයි - විමුක්ති ජයසුන්දර





    මහින්ද චින්තනයට ඕනකරන කලා කෘති හදන්න අපි ලැහැස්තිනෑ - ජෙහාන්ශී‍්‍රකාන්ත





    හෘදසාක්ෂියක් නැති මිනිසුන් බිහකළ දූෂිත රෙජිමයේ සත්‍ය හෙළිකළ යුතුයි - සමනලි ෆොන්සේකා





    සියළු මිනිස් සබඳතා භාණ්ඩවලට ආදේශකරවීම පරාජය කළයුතුයි - පුබුදු චතුරංග

     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පුරවැසි බලය වෙනුවෙන් .......

    දිළිඳු මිනිස්සුන්ට අල්ලස් දී බලය ලබාගැනීම මංකොල්ලයක් - මහාචාර්ය සරත් විජේසූරිය






    වන්දිභට්ට හීනමාන ගැත්තන්ගේ ඇත්ත නිරුවත - පරාක්‍රම නිරිඇල්ල






    යුද්ධය වෙනුවට සුද්ධය , ප‍්‍රභාගේ ත‍්‍රස්ථවාදය වෙනුවට ප‍්‍රභූ ත‍්‍රස්ථවාදය - චන්ද්‍රගුප්ත තේනුවර





    ව්‍යාජ බුද්ධාගමක් පෙන්වා බලය ලබාගැනීම පරාජය කළයුතුයි - ආචාර්ය ධර්මසේන පතිරාජ





    මේ රටේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නෙ දුප්පතුන්ට විතරද - කැතලීන් ජයවර්ධන





    නීතියට පිටින් තුන්වෙනිවරට තරගකිරීම හිතුවක්කාර කමක් - හේමසිරි ලියනගේ






    ෆැසිස්ට්වාදී ප‍්‍රවණතාවන් ඇතිකරන්නේ දුබලයෝ - ධර්මසිරි බණ්ඩාරනායක





    නොසැලෙයි දිවි මකුඵ ඇස නොසැලෙයි - ලූෂන් බුලත්සිංහල






    රටට හිතවත් බුද්ධිමත් පුරවැසියන්ගේ පැත්ත ගන්න - ජයතිලක කම්මැල්ලවීර







    සත්‍ය ප‍්‍රකාශකරන කලා කරුවන්ට රාජපක්ෂ මැර ප‍්‍රහාර එල්ල කරනවා - ජයතිලක බණ්ඩාර





    අත්තනෝමතික බලය පරිහරණය කියන්නෙ ව්‍යහසනයක් - කෞෂල්‍යා ප්‍රනාන්දු






    අද තියෙන්නේ මිනිස් සමාජයට එරෙහි දේශපාලයක් - දමයන්ති ෆොන්සේකා






    මිනිසුන් ගැන සිතන පාලන තන්ත‍්‍රයක් අවශ්‍යයි - චමිලා පීරිස්

     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඔන්න මමත් join උනා.... මේ වගේ සන්විදානයක සම්බන්ද වෙන එක පක්ශ දේශපාලනයට වඩා ගොඩක් හොදයි. වෙන කවුද join උනේ.
     

    waligamaya

    Well-known member
  • වරදාන වලාට තමන්ගෙම අයටත් පහර දෙදි නිහඩව ඉන්න සංවෙදින් දැන ගන්න ඔන ඔය මරදනය තමගේ පැත්තටත් කවදා හරි හැරෙන බව. හැබැයි එතකොට එවෙනුවෙන් හඩ නගන්න කවුවත් ඉතුරුවෙලා ඉන්න එකක් නැ.

    අපායේ ඉන්ටවල්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ ජඩ දේශපාලනය සමාජය භේදභින්න කරලා - හර්ෂ බුලත්සිංහල





    කාන්තාවනි නොබියව ඒකාධිපතියා පරදන්න පෙරට එන්න - දීපානි සිල්වා





    අපේ නිදහස රැකගැනීමට මේ වෙනස අවශ්‍යයි - දසුන් පතිරණ

     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    "රාජපක්‍ෂ රෙජීමයට ආවඩන කලාකරුවන්ට
    මේ අසාධාරණය පේන්නේ නැද්ද?"

    * සමනලී ෆොන්සේකා අහයි

    - දෙවෙනි නිදහස් අරගලයට උපුල් ශාන්තගෙන් ළමුන් ලක්‍ෂ 12 කට ඇරයුමක්

    - පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු ලැබෙන්නේ මැරකම් කරන පුද්ගලයන්ට


    පසුගිය දා දහවල් කුරුනෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී පැවැත් වූ සංගීත හමුව හා වත්මන් පාලනයේ අසාධාරණය සහ අකටයුතුකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට. සහභාගී වූ අලූත් පරපුරේ කලාකරුවන් පිරිසකට එල්ලවූ මැර ප‍්‍රහාරය පිළිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (30* සෝලිස් හෝටලයේදී පැවැත්වුණි. මේ සඳහා කලා ක්‍ෂේත‍්‍රයේ නියෝජනය කරන පිරිසක් සහභාගී විය. එහිදී පලවු අදහස් කිහිපයක් පහත දැක්වේ.
    ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර : මම ඒ වැඩසටහනට සහභාගී වුනේ දියණියගේ අරාධනාවත් එක්ක. කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ ජංගම වේදිකාවක් තුළ තමයි එය සිදුවුනේ. එහි පළමු ගීතය මා විසින් ගායනා කළා. නිල් බලකායේ පිරිසක් එම වේදිකාව හරහා ගමන් කරමින් කෝලහාල ඇතිකළා. වත්මන් ජනාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරනවා කියල නිතරම ප‍්‍රකාශ කරනවා. එහෙත් එහෙම දෙයක් සිදුවුනේ නැහැ. ඔවුන් ගල්මුල් ප‍්‍රහාර පවා එල්ලකලා, නිල් බලකායේ පිරිස සුදානමින් පැමිණි බව හොඳින්ම දැකගත හැකි වුනා. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා මට පා පහරක් එල්ල කළා. අපි අපේ අදහස් ප‍්‍රකාශ කරන්න ගියේ. අද අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියත් අහිමි වෙලා.
    රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා : කලාකරුව කියන්නේ ගෝත‍්‍රික භාවයෙන් මිදෙමින් පරිකල්පනය පුළුල් කරන කෙනෙක්. පවතින සීමාවෙන් එහා ලෝකයක් දකින කෙනෙක්. හැමදෙනාම කැමති එවැනි කලාවක් දකින්න. අද අමන දේශපලනය නිසා මිනිසුන් වියරු වෙලා. බලතන්හාවෙන් වියරු වුනු රාජපක්ෂ රෙජිමයට ආවඩන කලාකරුවන්ගෙන් අහන්න කැමතියි මේ අසාධාරණය ඔවුන්ට පෙන්නේ නැද්ද කියල.
    ලේඛක මොහාන් රාජ් මඩවල : නාමල් රාජපක්ෂගේ නිල් බලකායට අයත් පිරිසක් එහි ටි ෂර්ට් ද ඇඳගෙන පැමිණ කාන්තාවකට නොකිය යුතු අකාරයේ නින්ධිත පරුෂ වචන ප‍්‍රකාශ කළා. ඊට පස්සේ ලක්‍ෂ්මන් විජේසේකර පියාට අතින් පයින් පහර දුන්නා. මෙය හුදු දේශපාලනික වැඩසටහනක් නෙමෙයි. පවතින සමාජ ක‍්‍රමයේ ප‍්‍රශ්නය ජනතාවට කියන්න හදපු උත්සහායක් අද දේශපාලනය විසින් මැරකම් කරනන්ට රැුකවරණය දෙනවා. මෙයට මූලිකත්වය ගත්තේ පළාත්සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික. අද පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු ලැබෙන්නේ මැරකම් කරන පුද්ගලයින්ට. අද මිනිස්සුන්ට පහර දෙන්නේ අනන්‍යතාවයත් හෙළි කරමින්. මේ තරමට මේ පාලන ක‍්‍රමයේදී පරාජයෙන් වියරු වැටිලා.
    ගායක ඉන්ද්‍රචාප ලියනගේ : මෙම අරගලය 8 වෙනිදට පමණක් සීමා වෙන්නේ නැහැ. ඉන්පසු සංවිධානයක් ලෙස මේ අරගලය ආරම්භ කරනවා. මේ අවස්ථාව එක අවස්ථාවක් පමණයි. ඉන්පසු සමාජයේ යහපත සඳහා වෙනත් මගකට යොමු කිරීමට අපි සුදානම්.
    උපුල් ශාන්ත සන්නස්ගල : ජනාධිපතිවරණයට ඉන්දියානු නළුවන් ගෙන්වා ඔවුන්ට සැප පහසුකම් ලබා දී වැඳ නමස්කාර කර පිලිගන්නවා. ලංකාවේ තරුණ කලාකරුවන්ට පහර දෙනවා. ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂමන් විජේසේකර එම අවස්ථාවේදී දුවට කතා කරනවා, ඒ දරු කැක්කුම ඇති වුන අවස්ථාව, ඒ ආඩම්බරකාර තාත්තා පියාට පහර දෙන විට දුව කෑ ගහනව මේ සිදුවීම දකින කිසිම දෙමව්පියෙකුට නිහඬව සිටිය නොහැකියි. සරත්චන්ද්‍ර මහතාට, රූකාන්ත ගුණතිලකට ආණ්ඩුව විසින් පහර දුන්නා. අනෝජා වීරසිංහ ගේ නිවාස පවා ගිනි තිබ්බා. අපි එදා වගේම ජනවාරි 8 වෙනිදායින් පසුත් එවැනි දේ වලට විරුද්ධයි. මේක දෙවැනි නිදහස් අරගලයයි. මගෙන් ඉගෙනගත් ලක්‍ෂ 12 ක් පමණ ශිෂ්‍යයින්ට ආරාධනා කරනවා මේ සමග එකතුවෙන්න කියලා.
    රංගන ශිල්පී බිමල් ජයකොඩි : වර්ථමාන ආණ්ඩුව විසින් නිදහස් අදහසක් දරන්නට ඇති මිනිසුන්ගේ අයිතිය උදුරගන ව්‍යාජ පියෙක් ලෙස පෙනී සිටිනවා. මේ අවස්ථාවේදී හැම කලා ශිපියෙකුටම ඊට විරුද්ධව එක්වන ලෙස ප‍්‍රකාශ කරනවා.


    10869771_10152901624301327_4246236213036039548_o.jpg


    1799936_10152901626251327_6644490629138312561_o.jpg