අලුත් මිනිස්සු එක්ක මට කතා කරන්න බැහැ. නේ.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,017
    113
    Mother Earth
    Absolutely silent bn..
    එපා silent වෙන්න. කතා කරන්න. කතා කිරීම අයිතියක්. කතා කරොත් තමයි ඔයාගේ අවට පරිසරය නිර්මාණය වෙන්නෙ. යාලුවෝ, නෑදැයෝ, හිතවතුන්, අසල්වාසීන්, පවුලේ අය, අමුත්තන්. කතා නොකරන කෙනාට එයාට එයාවත් නෑ. 🤷🏻‍♂️
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    එපා silent වෙන්න. කතා කරන්න. කතා කිරීම අයිතියක්. කතා කරොත් තමයි ඔයාගේ අවට පරිසරය නිර්මාණය වෙන්නෙ. යාලුවෝ, නෑදැයෝ, හිතවතුන්, අසල්වාසීන්, පවුලේ අය, අමුත්තන්. කතා නොකරන කෙනාට එයාට එයාවත් නෑ. 🤷🏻‍♂️


    හෙනගහන ඇත්ත මේකනම්. මිනිස්සු යාලුකම්/කනෙක්ෂන් හදාගන්න මාර ගේම් බම් ගහන්නෙ. අර ක්ලබ් වසන්ත කියන එකා ගොඨාභය එක්ක කනෙක්ෂන් හදාගන්න කරල තියෙන්නේ ගෝඨාභයගෙ ස්කොඩ් එකට වෙට්ට්ටුවක් දැම්මලු. පස්සෙ මූව පොලිසියට කුදලන් ගිහින් ඇට තලන්න හදනකොට තමා ගෝඨාභයට කතා කරන්න ඕනැ කියල කතා කරල හිතවත් වෙලා තියෙන්නෙ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    පොඩ්ඩක් හිතාන් උබට හොදට ෆිට් යාළුවෝ
    එක්ක බොනවා. සමහර විට වුගේ වෙන යාළුවෝ ගෙනාවා අපි එක්ක සෙට් කරන්න. මට වූ එක්ක කොමන් දෙයක් එක පාර හොයාගන්න. බැරි නම්


    මට වූ එක්ක කතා කරන්න බැහැ. නේ. එතොට මාව නිකනම එතනින් කැපෙනවා. ඒක මාගේ යාළුවාටත් අවුල්.


    මේක හදාගන්න කොහොමද බන්. බොරුවට හරි. මිනිස්සු එක්ක ෆිට් වෙලා කතා බාහා කරන්නේ. කොහොමද.

    මම ගොඩාක් සොසල්. නැහැ. මගේ මට්ටමෙන් ඉගෙනගත්ත එක වයසේ සෙට් එක එක්ක ලේසියෙන් සෙට් වෙන්න පුළුවන්. හැබැයි වෙන ටයිප් අවොත් කෙස් හෙනම අවුල් බන් එක. අරුන් හිතන්නේ මම ලොකු සීන් කියලා. දීගෙන කතා කරන එක නෙමේ රැස්පෙක්ට් එකක් තියාගෙන මනුෂ්‍යයෙක් වගේ කතා කරන. ඒක. ඕනේ. ඒ වයිබ් එකට මුව් වෙන්න.


    එකෙක් හිටියා ඌට නොදන්නා උන් එක්ක හරියට කතා කරගන්න බැරි.
    යන ඉන්ටර්වීව් ෆේල්.
    ප්‍රසිද්ධ කම්පැනියකට ගියා ගංජා පාරක් ගහලා.
    කම්පැනියෙන්ම සෙට් උනා පවුලම එක්ක Sweden දැන්.

    පෙත්තක් ගහලා ගිහින් lecture කරන මල්ලි කෙනෙක් ඉන්නවා.
    ඕවට බෙහෙත් තියෙනවා.
    Psychiatrist කෙනෙක් හම්බවෙලා බලපං.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,017
    113
    Mother Earth
    මට සෝෂල් ෆෝබියා තිබ්බා. දැනටත් තියෙනවා. ඒත් මම පොඩ්ඩ පොඩ්ඩ තින්කින් පැටන් එක වෙනස් කරන්න ගත්තා. බෙහෙත් නැතුව වැඩේ කරන්න පුළුවන් කියලා හිතලා පටන් ගත්තා. ඒත් බෙහෙත් ගත්තා. Fluoxitine තමයි ගත්තෙ. මම ඉස්සර office යනවා. හැමදාම මම උදේට ගෙනියන කෑම එක රෑට ගෙදර ගේනවා. අම්මා අහනව ඇයි lunch ගන්නෙ නැතුව කෑම ගෙදර ගේන්නෙ කියලා. මම අම්මට කියනවා වැඩ නිසා කන්න වෙලාවක් නෑ කියලා. මට හරිම දුකයි අම්ම ගැන. එයා උදේ නැගිටලා කෑම හදල මම ඒවා කන්නෙ නැතුව විසික් කරනවා. office එකේ dining area එකේ සෙනග නිසා මට එතනට ගිහින් කන්න බයයි. මට යාළුවොත් නෑ. ඕන තරම් යාළුවො, කෙල්ලො මාත් එක්ක කන්න අහල තියෙනවා. ඒත් මම මග අරිනවා. පුදුම දුකක් මම වින්දෙ. බස් වල යන්න බෑ. මට හිතෙනවා මිනිස්සු මගේ මූණ දිහා බලන් මට හිනා වෙනවා කියලා. දැන් මට තිබ්බ ඒ ගතිය 80/100 ක් හොඳයි. 🤷‍♂️
     
    • Wow
    • Love
    Reactions: NaOH and ozykolla