අලුත් වාහනවලට ගහන්න ඔනේ 95ද? 92ද?

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අලුත් වාහනවලට ගහන්න ඔනේ 95ද? 92ද?

    උපුටාගැනීම – ෆේස්බුක්/ මෝටර් රථ කාර්මික දැනුම/රාජිත විජේසිංග




    අැයි මේ ඔක්ටේන් 95 (RON95) පෙට්‍රල් තියෙන්නේ? අලුත් වාහන වලට ගහන්න ඔනේ 95ද? 92ට වඩා 95 කොලිට්ය වැඩියිද? අලුත් වාහනේකට 92 ගැහුවොත් වාහනේට හොඳ නැද්ද? එහෙමත් නැත්නම් වටේ ඉන්න උන් නෝන්ඩි කරයිද?

    උත්තරේ “නෑ”

    ඔක්ටේන් අගය කියන්නේ පෙට්‍රල් වල පිරිසිදු බවේ අගයක් නෙවෙයි. අධික පීඩනයේදී ගිණි ගැනීමකින් තොරව ස්ථායීව තිබීම ඔක්ටේන් අගයෙන් දැක්වෙනවා. එ්ක පෙට්‍රල් එන්ජිමකට බලපාන්නේ මෙහෙමයි.

    දැන් තියන 4 stroke පෙට්‍රල් එන්ජිමක වාතය සහ පෙට්‍රල් සිලින්ඩරය තුලට අැතුල් වී සම්පීඩන පහර (compression stroke) අවස්ථාවේදී එම මිශ්‍රණය පීඩනයට ලක් කරනවා. පිස්ටනය උඩටම එ්මට මදක් කලින් (Ignition timing අනුව වෙනස්විය හැකිය) spark plug එක මගින් මිශ්‍රණය ගිණි දැල්වීම අාරම්භ කරනවා. එව්ට අධික උෂ්ණත්වය නිසා පීඩනය වැඩිවී පිස්ටනය පහලට තල්ලු කිරීමක් සිදු වෙනවා. මේ විදිහට තමයි පෙට්‍රල් එන්ජිමේ පෙට්‍රල් දහනය වෙන්නේ.

    අපි දන්නවා ඔ්නෑම වායුවක් පීඩනයකට ලක් කළාම එ්කෙ උෂ්ණත්වය ඉහල යනවා. එන්ජිමේ සම්පීඩන අවස්ථාවේදී මේ විදිහට උෂ්ණත්වය වැඩි වෙලා පෙට්‍රල්-වායු මිශ්‍රණය ඉබේ ගිණිගන්න පුලුවන් (auto ignition temperature එකට අාවොත්) . spark plug එක මගින් ගිණි දැල්වීමට කලින් මේ විදිහට ගිණි ගත්තොත් ඉහලට එන පිස්ටනය මත අමතර පීඩනයක් අැතිවෙලා ගැස්සීමක්/දෙදරීමක් එනවා. මේක තමයි එන්ජිම නොක් කරනවා(knock) කියන්නේ. නොක් කිරීම එන්ජිමකට හොඳ නැහැ. පිස්ටන් ඩැමේජ් වීම, piston rods අැද වීම අාදී නොයෙක් දේ වෙන්න පුලුවන්) . පෙට්‍රල් වල ඔක්ටේන් අගය වැඩියි කියන්නේ මේ විදිහට ඉබේ ගිණි ගැනීමේ ප්‍රවණතාවය අඩුයි කියන එක.
    දැන් පොඩ්ඩක් chemistry පැත්තට ගියොත්, පෙට්‍රල් කියන්නේ හය්ඩ්‍රොකාබන් මිශ්‍රණයක්. එ් මිශ්‍රණයේ නොක් කිරීමේ ප්‍රවණතාවය 2,2,4-Trymethylpentane (iso octane) සහ N-Hepatane මිශ්‍රණයක නොක් කිරීමේ ප්‍රවණතාවය සමග සංසන්දනය කිරීම මගින් තමයි පෙට්‍රල් වල ඔක්ටේන් එක තීරණය කරන්නේ. iso octane වල ඔක්ටේන් අගය 100, සහ N hepatane වල ඔක්ටේන් අගය 0යි. ඉතින් අපි ගන්න පෙට්‍රල් වල නොක් කිරීම 95% iso octane + 5% N hepatane මිශ්‍රණයක නොක් කිරීමේ ප්‍රවණතාවට සමාන නම් එ් පෙට්‍රල් වල ඔක්ටේන් අගය 95යි. පෙට්‍රල් වල ඔක්ටේන් අගය හදන්න එක එක දේවල් එකතු කරනවා.

    එන්ජිමකට අවශ්‍ය ඔක්ටේන් අගය නිෂ්පාදකයා සඳහන් කරලා තියනවා. ඊට වැඩ් ඔක්ටේන් එකක් පාව්ච්චි කලාට හානියක් නෑ, නමුත් අමුතු ප්‍රයෝජනයකුත් නෑ. වැඩි ඔක්ටේන් පෙට්‍රල් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ වැඩි සම්පීඩනයක් සහිත එන්ජින් වලට. (උදා: direct injection engines, Turbo/super charged engines etc) මේවායේ compression ratio එක සාමාන්‍ය indirect injection එන්ජිමකට වඩා වැඩියි. ඉතින් අඩු ඔක්ටේන් පෙට්‍රල් පාවිච්චි කළොත් එන්ජිම නොක් කරනවා.
    ලංකාවේ අපි පාව්ච්චි කරන 95%කටත් වඩා පෙට්‍රල් වාහන high compression එ්වා නෙවෙයි. සියළුම hybrids, premeo, allion, sunny, alto, අාදී වාහන සියල්ලටම ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමාණවත්. ඉතා සුළුතරයක් වාහන වලට පමණයි ඔක්ටේන් 95 පෙට්‍රල් අවශ්‍ය වෙන්නේ. තමන්ගේ වාහනයේ recommended octane අගය අන්තර්ජාලයේ හෝ user manual එකේ හොයාගන්න පුලුවන්. (අැමරිකාවේ ඔක්ටේන් ගණන් මෙහෙ එ්වට වඩා වෙනස්. එහේ 87, RON 91යි, එහේ 91, RON 95යි)

    සමහර විකුණන වාහනවල “ඔක්ටේන් 95 පමණක් භාව්තා කර අැත” ලෙස සඳහන් කර වැඩි මිලක් අපේක්ෂා කරයි. නමුත් ඔබ කළ යුත්තේ ඔක්ටේන් 95 භාව්තා කළයුතු වාහනයක 92 භාවිතා කර අැත්දැයි සොයා බලා එම වාහනය මිලදීගැනීමෙන් වැලකීමයි.
    නැවතත්, ඔක්ටේන් 92 භාවිතා කළ හැකි වාහනයකට 95 භාව්තා කිරීමෙන් මුදල් නාස්තිය හැර වෙනත් අමතර හොඳක් නැත. අනවශ්‍ය දේ සිදුකිරීමෙන් වැලකී ඔබගේ මුදල් ඉතිරි කරගන්න.

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අද උදේම එලකිරි ලොග් වෙනකොට දැක්ක නූලක් හින්දා තමා මේ නූල දන්න හිතුනේ...

    වාහන පාවිච්චි හැමොටම එන ගැටලුවක් තමා තමන්ගේ වාහනේට ගහන්න ඕනෙ මොන ඔක්ටේන් අංකය තියෙන පෙට්‍රෝල් ද කියන එක...

    ඔක්කොටම කලින් අපි බලමු ඔක්ටේන් අංකය කියන්නේ මොකක්ද කියලා..

    01.ඔක්ටේන් අංකය (Octain Rating)
    ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ ඔක්ටේන් අංකයෙන් කියවෙන්නේ පෙට්‍රෝල් දහනය කරලා ගන්න පුලුවන් බලය ගැන කියලා... ඒත් ඇත්තටම ඔක්ටේන් අංකයෙන් කියන්නේ වෙනත් දෙයක්...
    අපි පාවිච්චි කරන එන්ජින් වල තියෙනවා "සම්පීඩන අනුපාතය" (Compression Ratio) කියල එකක්... මීට කලින් එලකිරි එකේ මූලික එන්ජින් ක්‍රියාකාරීත්වය ගැන නූල් කිහිපයක්ම තිබුන නිසා මං මේ ගැන ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. සරලවම කියනව නම් එන්ජිමේ චූෂන පහරෙදි (Suction Stroke) ලබා ගත්ත වායු පරිමාව සම්පීඩන පහරෙදි (Compression Stroke) කොච්චර ප්‍රමානයකට සම්පීඩනය කරනවද කියන එකයි...
    උදා: ලීටර් 10ක් අරන් ලීටර් 1ක් වෙන්න සම්පීඩනය
    කරොත් සම්පීඩන අනුපාතය 10:1 කියලා කියනව.
    සම්පීඩන අනුපාතය වැඩිවෙනකොට එන්ජිමට පුලුවන් වැඩි බලයක් නිපද වන්න.( ඒකට හේතුව Thermo Dynamics පාඩමකදි කියන්නම්)

    සාමාන්‍යයෙන් පෙට්‍රොල් එන්ජිමක චූෂන පහරෙදි ඉන්ධන-වායු මිශ්‍රණයක් තමා සිලින්ඩරය අතුලට ලබා ගන්නේ ( GDI,FSI,SIDI කියන එන්ජින් වර්ග හැර). සම්පීඩන පහරෙදි මේ ගත්ත මිශ්‍රනය තමා Spark plug එකෙන් දහනය කරන්නේ.
    අපි අවට තියෙන හැම ද්‍රව්‍යකටම තියෙනව "Flash Point" කියලා අර්ථ දැක්වීමක්. මේකට කියන සිංහල නම නම් දන්නේ නෑ. එක්තරා උෂ්නත්වයකදී සහ පීඩනයකදී අපි අවට ටියෙන ඕනෑම දෙයක් ගිනිතැබීමකින් තොරව ඉබේ ගිනිගන්නවා. මෙන්න මේ උෂ්නත්වයට සහ පීඩනයට තමා Flash Point කියන්නේ.
    එන්ජිම ක්‍රියාත්මක වෙනකොට සම්පීඩන පහරෙදි ඉන්ධන -වායු මිශ්‍රණය විශාල උෂ්නත්වයකට සහ පීඩනයකට ලක් වෙනවා..මෙන්න මේ අවස්ථාවෙදි වැරදිලාවත් මිශ්‍ර වෙලා තියෙන පෙට්‍රෝල් එයාගෙ Flash Point කියන තැනට ලං වුනොත් එය ඉබේම ගිනි අරන් දහනය වෙන්න පටන් ගන්නව Spark plug එකෙන් දහනය කරන්න කලින්... සම්පීඩන අනුපාතය වැඩි වෙනකොට ඉන්ධන -වායු මිශ්‍රණය ලක්වෙන උෂ්නත්වයත්,පීඩනයත් වැඩි වෙනවා. ඉතින් එන්ජිමෙන් වැඩි බලයක් ගන්න සම්පීඩන අනුපාතය වැඩි කරොත් මේ ගැටලුවට අපිට මූන දෙන්න වෙනවා.

    මෙහෙම Spark plug එකෙන් දහනය කරන්න කලින් දහනය වෙන එකට තමා එන්ජිම නොක් (Knock) වෙනව කියලා කියන්නේ..එහෙම දහනය වෙන වෙලාවෙදි එන්ජිමේ පිස්ටනය ඉහලට ගමන් කරමින් තියෙන්නේ..අනවශ්‍ය තැනකදි දහනය වෙලා පීඩනය වැඩි වෙනවා කියන එක පිස්ටන් එකට දැනෙන්නේ කුළු ගෙඩියකින් ගැහුව වගේ...මේ Knock එක ගොඩක් දරුණු උනොත් එන්ජිමට Sorry.COM තමා..
    1-s2.0-S0360319912007690-gr11.jpg

    450px-bent_connecting_rod_2_J78_PakWheels%28com%29.jpg


    මේක නවත්වන්න නම් අපිට සම්පීඩන අනුපාතය අඩු කරන්න වෙනවා..ඒත් එහෙම කරොත් එන්ජිමෙ බලය ගොඩක් අඩු වෙනවා...ඉතින් විද්‍යාඥයෝ කරේ පෙට්‍රෝල් වල Knock වෙන්න තියෙන හැකියාව අඩු කරන්න පුලුවන් දෙවල් පෙට්‍රොල් වලට එකතු කරපු එක...එහෙම කරලා Test Engine එකක මේව ටෙස්ට් කරලා RON (Research Octane Number) කියලා අංකයක් ලබා දුන්නා. මේ අංකය දීලා තියෙන්නේ ටෙස්ට් එකට ගත්තු පෙට්‍රෝල් වල Knock නොවීමේ හැකියාව, එහෙමත් නැත්නම් Knock Resistance එකට සමාන හැකියාවක් තියෙන්නේ කොයි වගෙ iso-octane සහ n-heptane මිශ්‍රණයකද කියලා බලලා.

    උදා: 90%ක් iso-octane සහ 10% n-heptane මිශ්‍රණයක තියෙන Knock Resistance හැකියාව තියෙන පෙට්‍රෝල් 90 octane වර්ගයට අයත්. 95% සහ 5% මිශ්‍රණයකට සමාන නම් 95 octane පෙට්‍රෝල්.

    දැනට 88-100 අතර පරාසයේ තමයි පෙට්‍රොල් වල Knock Resistance එක තියෙන්නේ. ඒත් methane වගේ ඉන්ධනයක් ගත්තාම RON අංකය 120 ක් විතර වෙනවා..
    Octane-stickers.jpg


    Octane අංකය කියන්නේ මේ අර්ථ දැක්වීම මිසක් නිපදවන්න පුලුවන් බලයේ ප්‍රමානයවත්, පෙට්‍රෝල් වල පිරිසිදුතාවයවත් නෙවෙයි.
    මං කිව්ව වගෙ එන්ජිමෙන් වැඩි බලයක් ඕනේ නම් සම්පීඩන අනුපාතය වැඩි කරන්න ඔනේ...සම්පීඩන අනුපාතය වැඩි කරාම Knock වෙන එක නවත්වන්න ඔක්ටේන් අගය වැඩි පෙට්‍රෝල් අවශ්‍ය වෙනවා.. ඉතින් සම්පීඩන අනුපාතය වැඩි නිසා බලය වැඩි වෙනවා මිසක් ඔක්ටේන් අගය වැඩි පෙට්‍රොල් ගැහුවට බලය වැඩි වෙන්නේ නැහැ.

    මේ හේතුව හින්දා තමයි Racing කාර්, Racing බයික් වලට octane අගය වැඩි පෙට්‍රෝල් භාවිතා කරන්නේ. මොකද racing වාහන වල සම්පීඩන අනුපාතය ගොඩක් වැඩියි.

    සාමාන්‍ය වාහනයකට සුදුසු මොන පෙට්‍රොල් ද???
    සාමාන්‍යයෙන් අපි අලුතෙන් කාර් එකක් ගන්න කොට අපිට හම්බෙනවා Owners Manual කියලා පොඩි පොතක්...මේකෙ අනිවර්යයෙන්ම කියල තියෙනව ගහන්න ඕනේ මොන පෙට්‍රොල් ද කියලා... සාමාන්‍යයෙන් ගොඩක් toyota Corolla කාර් වලට නම් 87 Octane. ඒත් පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට මේ පොත හම්බෙන්නේ නෑනේ.. ඒත් ලංකාවේ තියෙන ගොඩාක් වාහන වලට 90 octane හොදටම ඇති...ගොඩක් අලුත් වාහන වලටත් 90 octane ගැහුව කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒත් සමහර BMW, BENZ, Porsche වගේම Subaru Impreza, Lancer Evolution, Nissan GTR වගේ වාහන වලට නම් 95 octane ගහන්න වෙනවා..

    මං මෙතනදි තවත් දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් අර Knock වෙන එක නවත්වන්න තවත් ක්‍රම කීපයක් තියෙනවා.

    Toyota Corolla 1ZZ-FE එන්ජිමේ සම්පීඩන අනුපාතය 11.5:1 යි.Toyota Company එක මනුවල් එකේ කියලා තියෙන්නේ 87 octane ගැහුවට කමක් නැහැ කියලා..Toyota Supra 2JZ-GTE එන්ජිමේ සම්පීඩන අනුපාතය 8.5:1..ඒත් toyota company එක කියනව අඩුම තරමේ 91 octane වත් ගහන්න කියලා... මේකට හේතුව තමා 1ZZ-FE එන්ජිමට knock වෙන එක නවත්වන්න පුලුවන් තව ක්‍රම අතුලත් කරලා තියෙන එක.

    හරි..90 ගහන්න කියන එකට 95 ගැහුවට වැඩක් නැත්තම් කොහොමද සමහර වාහන වලට 95 ගැහුවාම ටිකක් වැඩිපුර පෙට්‍රොල් කරන්නේ???? Pick up එක ටිකක් වැඩි වෙන්නේ???

    ඉස්සර වෙලාම බලමු කොහොමද වැඩියෙන් පෙට්‍රොල් කරන්නේ කියල... මන් කලින් කිව්ව වගෙ සම්පීඩන අනුපාතය ගොඩක් වැඩි එන්ජින් වල Knock වෙන එක අඩු කරන්න ගත්ත එක තවත් එක ක්‍රමයක් තමා මිශ්‍රන අනුපාතය ටිකක් සරු (Rich) කරන එක..ඒ කියන්නේ වැඩිපුර ඉන්ධන මිශ්‍ර කරන එක. එතකොට සම්පීඩන පහරෙදි ඇතිවෙන උෂ්නත්වයෙන් වැඩිපුර කොටසක් ඉන්ධන වලට උරා ගන්නවා...එතකොට උෂ්ණත්වයත් සමගම පීඩනයත් යම්තාක් දුරට අඩුවෙන නිසා ඉන්ධන Flash Point එකට පත්වෙන එක නවතිනවා.. මෙහෙම ඉන්ධන වැඩි කරන එක කරන්නේ වාහනේ තියෙන පාලන පද්ධතිය මගින්. Engine Teperature sensor, Knock Sensor වගෙ කොටස් මේකට උදව් වෙනවා.. මේ විදියට මිශ්‍රණය සරු කලාම Engine Teperature එක අඩු වෙනව... ඒ වෙලාවෙ Knock Sensor එකෙන් නැවත ප්‍රතිචාරයකුත් නැත්නම් පාලන පද්ධතිය මගින් ඉන්ධන මිශ්‍රනය නැවත නිසරු කරලා බලනවා... මෙන්න මෙහෙම මිශ්‍රනය සරු , නිසරු කරමින් Knock වෙන එක පාලනය කරනවා...අපි 95 ඔක්ටේන් ගැහුවාම Knock වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා...ඒ වෙලාවෙදි පාලන පද්ධතියට පුලුවන් මිශ්‍රනය ගොඩක් නිසරු කරන්න...ඒ කියන්නේ Inject කරන පෙට්‍රෝල් ප්‍රමාණය අඩු කරන්න... භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ වැඩිපුර පෙට්‍රෝල් කරනව කියන එකනේ...හැබැයි අත්තටම මෙහෙම වෙන්න තවත් කරුණු ගොඩක් තියෙනවා..ඒවා Motor Vehicle Engineering වගේ ඉගෙන ගන්න කෙනෙකුට නම් තේරුම් ගන්න පුලුවන් වෙයි.

    හරි දැන් බලමු කොහොමද Pickup එක වැඩි වෙන්නෙ කොහොමද කියලා.. හැමෝම අහලා ඇති නේ ඉන්ධන මිශ්‍රණය දහනය කරන්නෙ Compression Stroke එක අවසානයේදි කියලා. අපිට එන්ජිමෙන් උපරිම බලයක් ගන්න නම් පිස්ටන් එක සීලින්ඩරයේ මුදුනට එනකොටම ඉන්ධන දහනය වෙලා උපරිම පීඩනයක් ඇතිවෙලා තියෙන්න ඕනේ. ඒත් මිශ්‍රණය දහනය වෙන්න පොඩි කාලයක් ගන්නවා.ඒ නිසා අපිට සම්පීඩන පහර අතර මගදි දහනය ආරම්භ කරන්න වෙනවා. මෙහෙම පිස්ටනය මුදුනට එන්න කලින් දහනය කරන එකට අපි කියනවා Ignition Timing Advance කරනවා කියලා... 90 ඔක්ටේන් සහ 95 ඔක්ටේන් අතර තියෙන තවත් වෙනසක් තමා සම්පූර්ණයෙන්ම දහනය වෙන්න ගතවන කාලය... 90 Octane, 95 වලට වඩා ඉක්මනින් දහනය වෙනවා. ඒ කියන්නෙ 90 octane Spark Plug එකෙන් දහනය ආරම්භ කලාම ඉක්මනින් උපරීම පීඩනය ලැබෙනවා.. එහෙම වෙන එක හොදයි වගෙ පෙනුනට ඉක්මනින් සිදුවන නිසා අපිට ඒක පාලනය කරන්න ටිකක් අමාරුයි. ඒත් දහනයට වැඩි වෙලාවක් ගන්නවා නම් අපිට පුලුවන් ගනන් හදලා බලලා දහනය ආරම්භ කරවන්න.. ඒ කියන්නේ 90 ඔක්ටේන් වලට අපි Ignition timing advance කරනවට වඩා වැඩි අංශක ප්‍රමානයක් 95 වලදි අපිට advance කරන්න පුලුවන්.. මෙහෙම වැඩි වෙලාවක් අරන් දහනය කරාම අපිට පුලුවන් ගොඩාක් නිවැරදිව සිලින්ඩරය මුදුනෙදි උපරීම පීඩනය ලබා ගන්න. ඒ කියන්නෙ වැඩි බලයක් නිපද වන්න. ඒ කියන්නෙ වාහනේ pick up එක වැඩි වෙනවා කියන එකනේ..ඒත් ගැටලුවකට තියෙන්නේ අපි භාවිතා කරන සාමාන්‍ය වාහන වල තියෙන පාලන පද්ධතියට බෑ අපිට ගොඩක් ලොකු විදියට දැනෙන්න මේ දේවල් වෙනස් කරන්න... ඒ නිසයි සමහර වාහන වලට මොන පෙට්‍රෝල් ගැහුවත් වෙනසක් නැත්තේ...
    88525G01.gif


    ම්ම්ම්ම්ම්ම්.... දැන් ඉතින් කට්ටිය අන්ද මන්ද වෙලා ඇති තමන්ගේ වාහනේට මොනවද ගහන්නෙ කියලා..

    දුර ගමනක් යනකොට 95 ගහන්න. එන්ජිම ගොඩක් වෙලා start එකේ තියෙන නිසා එන්ජිම ගොඩක් රත් වෙනවා... එන්ජිම රත් වීම නිසා වෙන්න පුලුවන් Knock වීම් ගොඩක් අඩු කර ගන්න පුලුවන් 95 ගැහුවොත්..ඒ ඇරුනාම එදිනෙදා ගමන් වලදි 95 ගහන එකේ තේරුමක් නැහැ නිෂ්පාදකයා අනුමත කරලා නැත්තම්...

    හරි...දැන් කට්ටියටම වැඩේ තේරෙන්න ඇති කියලා හිතනව මන්.. වෙලාවක් හම්බුනු ගමන් නූලක් දාන්නම් කොහොමද අඩුවෙන් පෙට්‍රෝල් භාවිතා වෙන විදියට Drive කරන්නේ කියලා..මොකද දැන් තියෙන වාහන වල පෙට්‍රොල් කෙරුවාව තීරනය වෙන්නේ Drive කරන විදිය මත...

    ආහ්හ්හ්හ්හ්.... එක පාර්ට් එකක් අමතක උනානේ... ඔයාලගෙ ටෑන්ක් එකේ 90 තියෙනකොට 95 ගැහුවම මොකද වෙන්නේ කියන්න අමතක උනානේ.. පෙට්‍රොල් මිශ්‍ර උනා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ... 90 ඔක්ටේන් 50%කුත් 95 ඔක්ටේන් 50%කුත් මිශ්‍ර උනොත් ආසන්න වශයෙන් 93 ඔක්ටේන් පෙට්‍රොල් හැඩෙනවා... මිශ්‍ර වෙන අනුපාතය මත මෙක වෙනස් වෙනවා...ඒත් 90 ඔක්ටේන් තියෙද්දි 95 ඔක්ටේන් ගැහුවා කියලා එන්ජිමට කිසිම හානියක් වෙන්නේ නැහැ...

    එහෙනම් අපි ගියා... ගල් මුල් සියල්ල සතුටින් භාර ගන්නවා.. තියෙන ප්‍රශ්න වලිනුත් දමලා ගහන්න කෝ එහෙනම්... :D:D

    :D
     
    • Like
    Reactions: rcherath

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    වටිනවා මචං පෝස්ටුව
    ++(හම්බුනාම දෙන්නම්)
    රීපෝස්ට් මයෙ හිතේ
     
    • Like
    Reactions: SCBmedia