Octane 95 ද, 92 ද???

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Octane 95 ද, 92 ද??? :oo:

    අැයි මේ ඔක්ටේන් 95 (RON95) පෙට්‍රල් තියෙන්නේ? අලුත් වාහන වලට ගහන්න ඔනේ 95ද? 92ට වඩා 95 කොලිට්ය වැඩියිද? අලුත් වාහනේකට 92 ගැහුවොත් වාහනේට හොඳ නැද්ද? එහෙමත් නැත්නම් වටේ ඉන්න උන් නෝන්ඩි කරයිද?

    උත්තරේ "නෑ"

    ඔක්ටේන් අගය කියන්නේ පෙට්‍රල් වල පිරිසිදු බවේ අගයක් නෙවෙයි. අධික පීඩනයේදී ගිණි ගැනීමකින් තොරව ස්ථායීව තිබීම ඔක්ටේන් අගයෙන් දැක්වෙනවා. එ්ක පෙට්‍රල් එන්ජිමකට බලපාන්නේ මෙහෙමයි.

    දැන් තියන 4 stroke පෙට්‍රල් එන්ජිමක වාතය සහ පෙට්‍රල් සිලින්ඩරය තුලට අැතුල් වී සම්පීඩන පහර (compression stroke) අවස්ථාවේදී එම මිශ්‍රණය පීඩනයට ලක් කරනවා. පිස්ටනය උඩටම එ්මට මදක් කලින් (Ignition timing අනුව වෙනස්විය හැකිය) spark plug එක මගින් මිශ්‍රණය ගිණි දැල්වීම අාරම්භ කරනවා. එව්ට අධික උෂ්ණත්වය නිසා පීඩනය වැඩිවී පිස්ටනය පහලට තල්ලු කිරීමක් සිදු වෙනවා. මේ විදිහට තමයි පෙට්‍රල් එන්ජිමේ පෙට්‍රල් දහනය වෙන්නේ.

    අපි දන්නවා ඔ්නෑම වායුවක් පීඩනයකට ලක් කළාම එ්කෙ උෂ්ණත්වය ඉහල යනවා. එන්ජිමේ සම්පීඩන අවස්ථාවේදී මේ විදිහට උෂ්ණත්වය වැඩි වෙලා පෙට්‍රල්-වායු මිශ්‍රණය ඉබේ ගිණිගන්න පුලුවන් (auto ignition temperature එකට අාවොත්) . spark plug එක මගින් ගිණි දැල්වීමට කලින් මේ විදිහට ගිණි ගත්තොත් ඉහලට එන පිස්ටනය මත අමතර පීඩනයක් අැතිවෙලා ගැස්සීමක්/දෙදරීමක් එනවා. මේක තමයි එන්ජිම නොක් කරනවා(knock) කියන්නේ. නොක් කිරීම එන්ජිමකට හොඳ නැහැ. පිස්ටන් ඩැමේජ් වීම, piston rods අැද වීම අාදී නොයෙක් දේ වෙන්න පුලුවන්) . පෙට්‍රල් වල ඔක්ටේන් අගය වැඩියි කියන්නේ මේ විදිහට ඉබේ ගිණි ගැනීමේ ප්‍රවණතාවය අඩුයි කියන එක.

    දැන් පොඩ්ඩක් chemistry පැත්තට ගියොත්, පෙට්‍රල් කියන්නේ හය්ඩ්‍රොකාබන් මිශ්‍රණයක්. එ් මිශ්‍රණයේ නොක් කිරීමේ ප්‍රවණතාවය 2,2,4-Trymethylpentane (iso octane) සහ N-Hepatane මිශ්‍රණයක නොක් කිරීමේ ප්‍රවණතාවය සමග සංසන්දනය කිරීම මගින් තමයි පෙට්‍රල් වල ඔක්ටේන් එක තීරණය කරන්නේ. iso octane වල ඔක්ටේන් අගය 100, සහ N hepatane වල ඔක්ටේන් අගය 0යි. ඉතින් අපි ගන්න පෙට්‍රල් වල නොක් කිරීම 95% iso octane + 5% N hepatane මිශ්‍රණයක නොක් කිරීමේ ප්‍රවණතාවට සමාන නම් එ් පෙට්‍රල් වල ඔක්ටේන් අගය 95යි. පෙට්‍රල් වල ඔක්ටේන් අගය හදන්න එක එක දේවල් එකතු කරනවා.

    එන්ජිමකට අවශ්‍ය ඔක්ටේන් අගය නිෂ්පාදකයා සඳහන් කරලා තියනවා. ඊට වැඩ් ඔක්ටේන් එකක් පාව්ච්චි කලාට හානියක් නෑ, නමුත් අමුතු ප්‍රයෝජනයකුත් නෑ. වැඩි ඔක්ටේන් පෙට්‍රල් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ වැඩි සම්පීඩනයක් සහිත එන්ජින් වලට. (උදා: direct injection engines, Turbo/super charged engines etc) මේවායේ compression ratio එක සාමාන්‍ය indirect injection එන්ජිමකට වඩා වැඩියි. ඉතින් අඩු ඔක්ටේන් පෙට්‍රල් පාවිච්චි කළොත් එන්ජිම නොක් කරනවා.

    ලංකාවේ අපි පාව්ච්චි කරන 95%කටත් වඩා පෙට්‍රල් වාහන high compression එ්වා නෙවෙයි. සියළුම hybrids, premeo, allion, sunny, alto, අාදී වාහන සියල්ලටම ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමාණවත්. ඉතා සුළුතරයක් වාහන වලට පමණයි ඔක්ටේන් 95 පෙට්‍රල් අවශ්‍ය වෙන්නේ. තමන්ගේ වාහනයේ recommended octane අගය අන්තර්ජාලයේ හෝ user manual එකේ හොයාගන්න පුලුවන්. (අැමරිකාවේ ඔක්ටේන් ගණන් මෙහෙ එ්වට වඩා වෙනස්. එහේ 87, RON 91යි, එහේ 91, RON 95යි)

    සමහර විකුණන වාහනවල "ඔක්ටේන් 95 පමණක් භාව්තා කර අැත" ලෙස සඳහන් කර වැඩි මිලක් අපේක්ෂා කරයි. නමුත් ඔබ කළ යුත්තේ ඔක්ටේන් 95 භාව්තා කළයුතු වාහනයක 92 භාවිතා කර අැත්දැයි සොයා බලා එම වාහනය මිලදීගැනීමෙන් වැලකීමයි.
    නැවතත්, ඔක්ටේන් 92 භාවිතා කළ හැකි වාහනයකට 95 භාව්තා කිරීමෙන් මුදල් නාස්තිය හැර වෙනත් අමතර හොඳක් නැත. අනවශ්‍ය දේ සිදුකිරීමෙන් වැලකී ඔබගේ මුදල් ඉතිරි කරගන්න..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,901
    4,499
    113
    habai pahugiya dawas wela, podi contradictory scene ekak una neda? 92 chaater stock ekak awilla?
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Ape aiya Use karanne FZ ekata 95. eka kiyanawa 92 walata wada thel karanawa kiyala. Gaana wedi unata wedi KM gaanak Duwanna puluwanlu. eke eththak thiyda?