අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු

අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා - ජනතාවගේ රහස්‍ය තොරතුරු ආණ්ඩුවට මොකටද

ආණ්ඩුව අලුතෙන් හඳුන්වාදීමට යන විද්‍යුත් හැඳුනුම්පත ජනතාවගේ මූලික අයිතීන් කඩකිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පුරවැසියන්ගේ ඇඟිලි සළකුණු එකතුකරන අංගුලිමාල මෙහෙයුමක් ආරම්භ කර ඇති ආණ්ඩුව ඒ හරහා රටම එළිමහන් සිර කඳවුරක් බවට පත්කිරීමේ උත්සාහයක නිරත වන බවට චොදනා කරයි.

අද (14) දින රාජගිරියේ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප‍්‍රකාශ කර සිටියේ ජනතාව ඇඟිලි සළකුණු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ යුතු බවයි.

ඔහු එහිදී තවදුරටත් මෙසේ පැවසීය.

‘‘දැනට ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීම සඳහා බලපාන එකම නීතිය 1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතයි. එය 1971 දී හා 1981 දී සංශෝධනය වුණා. 1972 දී සිට අතින් ලියන ලද හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹුණා. 2011 අගොස්තු 17 වනදා අතින් ලියන ලද හැඳුනුම්පත් වෙනුවට විද්‍යුත් හැඳුනුම්පත් නිකුත් කරන්න කැබිනට් තීරණයක් ගෙන තිබෙනවා. අතින් ලියන ලද හැඳුනුම්පත් වෙනුවට තාක්ෂණය භාවිතා කරනවාට අපි විරුද්ධ නෑ. නමුත් කැබිනට් තීරණය ගෙන තිබෙන්නේ ලංකාවේ අවුරුදු 15 ට වැඩි පුරවැසියන් සියලු දෙනාගේම ජීව දත්ත හා ජීව ලක්ෂණ සහිත ජාතික පුරවැසි දත්ත පද්ධතියක් සකස් කරන්න. ඒක රට මිලිටරිකරණ ක‍්‍රියාවලියේම තවත් පියවරක්.

මේ අදහස ගේන අය හිතාගෙන ඉන්නේ මුළු සමාජයම අපරාධ කරුවන් කියලා. දැනට පවතින නීතියට අනුව ඇඟිලි සළකුණු ලබාගත හැක්කේ අපරාධකරුවන් ලෙස නම් කළ අයගේ පමණයි. ඒලෙස ගත හැක්කේත් අධිකරණ නියෝගයකින්. දැන් පවතින නීතියටත් පටහැනිව ක‍්‍රියාවලියක් යනවා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙහෙයුම් අත්පොතක් නිකුත් කර තිබෙනවා. ග‍්‍රාම නිලධාරීන්ට හැඳුනුම්පත් ඉල්ලුම් පත‍්‍රයක් නිකුත්කර තිබෙනවා. ඒ ඉල්ලූම් පත‍්‍රයේ පුද්ගලයන්ගේ තොරතුරු පමණක් නෙමෙයි, පුද්ගලයාගේ පවුලේ තොරතුරුත් ඇඟිලි සළකුණුත් ලබා ගන්නවා. එම ඉල්ලූම් පත‍්‍රයේ ඉහළින් සඳහන් කර තිබෙන්නේ තොරතුරු ගන්නේ 1968 අංක 32 පනතට අනුව කියලා. ඒ පනතෙන් එහෙම තොරතුරු ගන්න බලයක් දීලා නෑ. ආණ්ඩුව තිබෙන පනත වෙනස් කරලා මර්දනීය පනතක් ගේන්න යනවා. ඒ අලුත් පනත සම්මත වෙන්නත් කලින් ක‍්‍රියාවලිය පටන් අරගෙන තිබෙනවා. ප‍්‍රදේශීය ලේකම් කාර්යාලවල පුහුණු වැඩමුළුවට යන්නේත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දේපාර්තමේතුවේ නිලධාරීන් නෙමෙයි හමුදා නිලධාරීන්. හමුදාව මේකට මැදිහත් වෙන්නේ මොන පදනමෙන්ද? මේක හැඳුනුම්පත් ප‍්‍රශ්නයක් නෙමෙයි මර්දන උත්සාහයක්.

ආණ්ඩුව කියන්නේ යුරෝපයේ රටවල ඇඟිලි සළකුණ ගන්නවා කියලයි. අපි අභියෝග කරනවා එක ශිෂ්ඨ සම්පන්න රටක හරි පුරවැසියන්ගේ ජීව ලක්ෂණ එකතු කරනවා නම් පෙන්වන්න කියලා. යුරෝපයේ රටවල් ගැන කිව්වොත් මෙහෙමයි. එංගලන්තයේ හැඳුනුම්පතට ඇඟිලි සළකුණු ගන්නේ නෑ. ප‍්‍රංශයේ එහෙම යෝජනාවක් ඇවිත් ජනතාව විරුද්ධ වූ නිසා ක‍්‍රියාත්මක වුණේ නෑ. ඉතාලියේ 2001 දී මෙවැන්නක් හඳුන්වා දුන්නා. ඒත් ඒක ක‍්‍රියාත්මක වෙන්නේ නගර 83ක විතරයි. ඒ නගර වැසියන්ටත් ඇඟිලි සළකුණ දීම අනිවාර්ය නෑ. පින්ලන්තයට 1999 දී මෙවැන්නක් හඳුන්වා දුන්නත් තවමත් එය ලබාගෙන තිබෙන්නේ ලක්ෂ 50ක ජනගහණයෙන් ලක්ෂ 03ක් පමණයි. ස්වීඩනයේ ජනගහණයෙන් 1%යි හැඳුණුම්පත ලබාගත්තේ. ඒ රටවල ඇඟිලි සළකුණ ලබාදීම අනිවාර්ය නෑ. නමුත් මෙහෙයුම් අත්පොතේ 64 පිටුවේ සඳහන් ආකාරයට ලංකාවේදී එය අනිවාර්ය කරන්න යනවා.

ජනතාවගේ අතිශය පෞද්ගලික රහස්‍ය තොරතුරු ආණ්ඩුවට මොකටද? ඒ තොරතුරු අවභාවිතා වෙන්න පුළුවන්. පුරවැසියන් බයකරන්න කප්පම් ගන්න පෞද්ගලික තොරතුරු භාවිතා කරන්න ඉඩ තිබෙනවා. අධෝරක්ත කිරණ සහ චුම්භකීකරණය හරහා විද්‍යුත් හැඳුනුම්පතේ තොරතුරු පිටස්තර පුද්ගලයන්ට සොරකම් කළ හැකියි. කොහොම වුණත් මේ හැඳුණුම්පත පෞද්ගලිකත්වයේ රහස්‍යභාවය සඳහා ජනතාවට ඇති මූලික අයිතිය උදුරාගැනීමක්. මේ හදන්නේ මිලිටරිකරණය හරහා රටම එළිමහන් සිර කඳවුරක් කරන්න. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ අංගුලිමාල මෙහෙයුමට යටත් වෙන්න එපා කියලා. අපි අපි අපේ ඇඟිලි සළකුණු දෙන්නේ නෑ. ඇඟිලි සළකුණු දෙන්න අපි අපරාධකාරයෝ නෙමෙයි. ඇඟිලි සළකුණු ඉල්ලන්න එන අයයි අපරාධ කාරයෝ. ජනතාව තමන්ගේ ඇඟිලි සළකුණ ලබාදීම ප‍්‍රතික්ෂේප කළ යුතුයි.’’

මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිටද සහභාගී විය.


(අද‍දෙරන)

එළකිරියන් මේ අදහස ගැන මොකද හිතන්නෙ?
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    man nam varadak dakinne nha
    එත් ඕක දෙපැත්ත කැපෙන ආයුදයක් වගේ වෙන්න පුළුවන්
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    එළකිරියන් මේ අදහස ගැන මොකද හිතන්නෙ?
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මේකට මුලින්ම යෝජනා වුනේ Iris recognition භාවිතා කරන්න. අඩුම තරමේ අපි ඇගිලි සලකුණු වලටවත් ගිහින් තියන එක ගැන සතුටු වෙන්න ඕන. හැම පුර වැසිය ගැනම උපතේ ඉදල මැරෙනකල් කලේ මොනාද, ඉන්නේ කොහෙද ඔක්කොම විස්තර තියා ගන්න එකයි මේකේ අරමුණ. පරක්කු වෙලා හරි ශ්‍රී ලංකාව මේ වගේ ක්‍රමයකට යන එක ගැන සතුටුයි. හරියට භාවිතා කලොත් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. පෙරටුගාමී පක්ෂය කියන දේවල් ගැන නම් කොමෙන්ට් එකක් දෙන්න යන්නේ නෑ මම... :yes::yes:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පෙරටුගාමී අනාථයෝ ඒකෙන් වත් ගොඩ එන්න හදනවා වගේ . වැඩක් නෑ JVP උන්ව ගනන්ගත්තත් ඕකුන්ව ගණන්ගන්නේ නෑ කවුරුවත් . සදාකාලික අනාථයෝ
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මේ වැඩේ නියමයි. එතකොට හැමොගෙම අගිලි සලකුනු තියෙන නිසා හොරු අල්ලන්නත් ලේසි වෙයි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මමත් හිතනව මේක හොඳ වැඩක් වෙයි කියල. හැබැයි අපේ ගොයියල මේ දත්ත මොන මොන ගේම් වලට ගනීද කියල ප්‍රශ්නෙකුත් තියෙනව.

    ඔය පනතෙම පැහැදිලිව කියලා තියෙනව නම් මේ දත්ත මොන වගේ දේවල් සඳහා පාවිච්චි කරනවද කියල ඒක කාටත් ප්‍රයෝජනවත් වේවි නේද? දැනටමත් එහෙම තියෙනවද දන්නෙ නෑ. කෝ, තනුජක වත් හිටියනම් අහගන්න තිබ්බ.

    දැනට මේ දත්ත පාවිච්චි කරන ආකාරය ගැන පනතක හරි නීතියක හරි සඳහනක් කරල තියෙන බව දන්න කෙනෙක් ඉන්නවනම් අපිටත් කියල දෙන්න.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Biometrics identification එක ඉතාමත් හොද දෙයක් පුද්ගල හැදුනුම් පත්වලට එකතුකරන එක අපි දන්නවා අසියාවේ කටිටිය කොහොමත් දක්ශයි හොර හැදුනුම්පත් හදන්න. විශෙසයෙන්ම මිනිමැරුමකදි අදාල අපරාද කරුගෙ ඇගිලි සලකුනු අරගෙන Database එකට Match කරන්න විතරයි තියෙන්නෙ හොරාගෙ ගෙදරටම පොසිසියට යන්න පුලුවන් :baffled:

    එවගෙම තමයි අපෙ ජයාරුප අදුනගන්න බැරිවෙනවා වෙනත් පුද්ගලයන්ගෙ හදුනුම් පත් භාවිතා කරන අය සිටිනවා හොර වැඩ වලට මේ ක්‍රිමය යටතේ එවා බැහැ. සමහර බැංකු දැන් Fingerprint reader එකක් බාවිතා කරනවා අදලා පුද්ගලයාමද කියලා දැනගන්න.

    තව එකක් තමයි අපි දන්නවා රැකියා ස්තානවලත් ඇගිලි සලකුනු ගන්නවා වර්තාකිරිමට ඉස්සර නම් කාඩ් එක වෙන එකෙක් අතෙ එවලා ගහගන්නවා දැන් එකත් බැහැ එකම ක්‍රමය ඇගිල්ල කපලා එවන එක තමයි :eek:

    සමහර රටවල Passport Counters වෙනුවට Fingerprint reader සවිකර තියෙනවා ඒය් ඉතා ඉක්මන්. බැරිවෙලාවත් Black list වෙච්ච එකෙක් නම් පොලිසියට පත්තෙ වෙනවා පොරට යන්න බැහැ. :oo:

    මම හිතන්නෙ මෙකට ගොඩාක් බය වෙන්න ඔනැ බොරුවෙන් වංචාවෙන් ජිවත් වෙන අයයි .

    නමුත් මම දැන්නෙ නැහැ කෙනෙකුගෙ පෞද්ගලික දත්තයන් භාවිතා කරන එක මොන තරම් හොදද අනාරාක්ශිද කියලා.

    හැබැයි එකෙත් රජය අවංක නම් වාසි ගොඩයි උදා: තමන් කරන රැකියාව, සුදුසු කම්, වයස, වත්කම් වගෙ දේවල් පරිඝනකයේ එක බොත්තමක් එබු සැනින් සමික්ශන වර්තාවන් ලබාගන්න පුලුවන්. මිනිසුන්ගෙ පෞද්ගලිකත්වයට හනි නොවන අයුරින් නිසි බලය ලත් පුද්ගලයන්ට පමණක් එවා අවශ්ස විටෙක භාවිතා කිරිමට පමනක් බලය දුන්නා නම් හරි නමුත් එත් ලංකාවේ වගේ ලස්ස්න රටකට එක හිතකර වැඩි වගෙයි !! :D

    මිනිමරුවාට පිහිය අයුධයකි ගෘහනියකට එය ආධාරකයකි"
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉස්සර රටවල්වල බැංකු වලට පොලු තියාලා මාරුවෙලා නැවත්ත් තමන්ගෙ නමේ අකුරු වෙනස් කරගෙන එම රටටම අවා නමුත් දැන් ඩුබායි වගේ රටවල ඒ සෙල්ලම් බැහැ ඇයි නම විතරක් නෙමෙයි Black list වෙන්නේ ඇගිලිසලකුනු දරන පුද්ගලයාත් Black list වෙනවා එක නිසා නම වෙනස් කරලා හරියන්නෙ නැහැ පුලුවන්න ඇගිලි සලකුනුත් වෙනස් කර යුතු වෙනවා :baffled:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oba aparadayak kara nathnam baya venna deyak naha. Ath adha Lankave sitina criminals la diha balanakota meka hodha vadak bava penava. Criminals la inna place eka pava mea magin divice ekak dala dana ganna piliwan vevi.
     

    Similar threads