අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු
ආණ්ඩුව අලුතෙන් හඳුන්වාදීමට යන විද්‍යුත් හැඳුනුම්පත ජනතාවගේ මූලික අයිතීන් කඩකිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
පුරවැසියන්ගේ ඇඟිලි සළකුණු එකතුකරන අංගුලිමාල මෙහෙයුමක් ආරම්භ කර ඇති ආණ්ඩුව ඒ හරහා රටම එළිමහන් සිර කඳවුරක් බවට පත්කිරීමේ උත්සාහයක නිරත වන බවට චොදනා කරයි.
අද (14) දින රාජගිරියේ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ ජනතාව ඇඟිලි සළකුණු ලබාදීම ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
ඔහු එහිදී තවදුරටත් මෙසේ පැවසීය.
‘‘දැනට ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීම සඳහා බලපාන එකම නීතිය 1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතයි. එය 1971 දී හා 1981 දී සංශෝධනය වුණා. 1972 දී සිට අතින් ලියන ලද හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹුණා. 2011 අගොස්තු 17 වනදා අතින් ලියන ලද හැඳුනුම්පත් වෙනුවට විද්‍යුත් හැඳුනුම්පත් නිකුත් කරන්න කැබිනට් තීරණයක් ගෙන තිබෙනවා. අතින් ලියන ලද හැඳුනුම්පත් වෙනුවට තාක්ෂණය භාවිතා කරනවාට අපි විරුද්ධ නෑ. නමුත් කැබිනට් තීරණය ගෙන තිබෙන්නේ ලංකාවේ අවුරුදු 15 ට වැඩි පුරවැසියන් සියලු දෙනාගේම ජීව දත්ත හා ජීව ලක්ෂණ සහිත ජාතික පුරවැසි දත්ත පද්ධතියක් සකස් කරන්න. ඒක රට මිලිටරිකරණ ක්රියාවලියේම තවත් පියවරක්.
මේ අදහස ගේන අය හිතාගෙන ඉන්නේ මුළු සමාජයම අපරාධ කරුවන් කියලා. දැනට පවතින නීතියට අනුව ඇඟිලි සළකුණු ලබාගත හැක්කේ අපරාධකරුවන් ලෙස නම් කළ අයගේ පමණයි. ඒලෙස ගත හැක්කේත් අධිකරණ නියෝගයකින්. දැන් පවතින නීතියටත් පටහැනිව ක්‍රියාවලියක් යනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙහෙයුම් අත්පොතක් නිකුත් කර තිබෙනවා. ග්‍රාම නිලධාරීන්ට හැඳුනුම්පත් ඉල්ලුම් පත්‍රයක් නිකුත්කර තිබෙනවා. ඒ ඉල්ලූම් පත්‍රයේ පුද්ගලයන්ගේ තොරතුරු පමණක් නෙමෙයි, පුද්ගලයාගේ පවුලේ තොරතුරුත් ඇඟිලි සළකුණුත් ලබා ගන්නවා. එම ඉල්ලූම් පත්‍රයේ ඉහළින් සඳහන් කර තිබෙන්නේ තොරතුරු ගන්නේ 1968 අංක 32 පනතට අනුව කියලා. ඒ පනතෙන් එහෙම තොරතුරු ගන්න බලයක් දීලා නෑ. ආණ්ඩුව තිබෙන පනත වෙනස් කරලා මර්දනීය පනතක් ගේන්න යනවා. ඒ අලුත් පනත සම්මත වෙන්නත් කලින් ක්‍රියාවලිය පටන් අරගෙන තිබෙනවා. ප්‍රදේශීය ලේකම් කාර්යාලවල පුහුණු වැඩමුළුවට යන්නේත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දේපාර්තමේතුවේ නිලධාරීන් නෙමෙයි හමුදා නිලධාරීන්. හමුදාව මේකට මැදිහත් වෙන්නේ මොන පදනමෙන්ද? මේක හැඳුනුම්පත් ප්‍රශ්නයක් නෙමෙයි මර්දන උත්සාහයක්.
ආණ්ඩුව කියන්නේ යුරෝපයේ රටවල ඇඟිලි සළකුණ ගන්නවා කියලයි. අපි අභියෝග කරනවා එක ශිෂ්ඨ සම්පන්න රටක හරි පුරවැසියන්ගේ ජීව ලක්ෂණ එකතු කරනවා නම් පෙන්වන්න කියලා. යුරෝපයේ රටවල් ගැන කිව්වොත් මෙහෙමයි. එංගලන්තයේ හැඳුනුම්පතට ඇඟිලි සළකුණු ගන්නේ නෑ. ප්‍රංශයේ එහෙම යෝජනාවක් ඇවිත් ජනතාව විරුද්ධ වූ නිසා ක්‍රියාත්මක වුණේ නෑ. ඉතාලියේ 2001 දී මෙවැන්නක් හඳුන්වා දුන්නා. ඒත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නගර 83ක විතරයි. ඒ නගර වැසියන්ටත් ඇඟිලි සළකුණ දීම අනිවාර්ය නෑ. පින්ලන්තයට 1999 දී මෙවැන්නක් හඳුන්වා දුන්නත් තවමත් එය ලබාගෙන තිබෙන්නේ ලක්ෂ 50ක ජනගහණයෙන් ලක්ෂ 03ක් පමණයි. ස්වීඩනයේ ජනගහණයෙන් 1%යි හැඳුණුම්පත ලබාගත්තේ. ඒ රටවල ඇඟිලි සළකුණ ලබාදීම අනිවාර්ය නෑ. නමුත් මෙහෙයුම් අත්පොතේ 64 පිටුවේ සඳහන් ආකාරයට ලංකාවේදී එය අනිවාර්ය කරන්න යනවා.
ජනතාවගේ අතිශය පෞද්ගලික රහස්‍ය තොරතුරු ආණ්ඩුවට මොකටද? ඒ තොරතුරු අවභාවිතා වෙන්න පුළුවන්. පුරවැසියන් බයකරන්න කප්පම් ගන්න පෞද්ගලික තොරතුරු භාවිතා කරන්න ඉඩ තිබෙනවා. අධෝරක්ත කිරණ සහ චුම්භකීකරණය හරහා විද්‍යුත් හැඳුනුම්පතේ තොරතුරු පිටස්තර පුද්ගලයන්ට සොරකම් කළ හැකියි. කොහොම වුණත් මේ හැඳුණුම්පත පෞද්ගලිකත්වයේ රහස්‍යභාවය සඳහා ජනතාවට ඇති මූලික අයිතිය උදුරාගැනීමක්. මේ හදන්නේ මිලිටරිකරණය හරහා රටම එළිමහන් සිර කඳවුරක් කරන්න. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ අංගුලිමාල මෙහෙයුමට යටත් වෙන්න එපා කියලා. අපි අපි අපේ ඇඟිලි සළකුණු දෙන්නේ නෑ. ඇඟිලි සළකුණු දෙන්න අපි අපරාධකාරයෝ නෙමෙයි. ඇඟිලි සළකුණු ඉල්ලන්න එන අයයි අපරාධ කාරයෝ. ජනතාව තමන්ගේ ඇඟිලි සළකුණ ලබාදීම ප්‍රතික්ෂේප කළ යුතුයි.’’
මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිටද සහභාගී විය.
(අදදෙරන)
එළකිරියන් මේ අදහස ගැන මොකද හිතන්නෙ?
අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා - ජනතාවගේ රහස්‍ය තොරතුරු ආණ්ඩුවට මොකටද