කාවවත් descriminate කරනවා නෙමෙයි
මෙහෙම සීන් එකක් තියනවා
සාමාන්‍යෙන් ගොඩක් වෙලාවට PHP කරන්න සෙට් වෙන්නෙ බැච් වල ඉන්න below average අය, ඒක නිසා SE (even entry level SSE) වගේ පොසිශන් වල ටිකක් කල් වැඩ (less than 2Y) කරලා තිබුනත් තනියම වැඩක් කරන්න ගියාම කරගන්න අමාරු වෙනවා
හැබැයි ටිකක් කල් අවුරුදු -3-4 දිගට වැඩ කරපු අයට මේ ප්‍රශ්නෙ නැහැ මුලින් ලොකු දැනුමක් තිබ්බෙ නැතත් එක්ස්පීරියන්ස් එක ආවට පස්සෙ වැඩ කරගන්න පුලුවන්
මම PHP/Laravel ප්‍රොජෙක්ට් කීපයක් handle කරලා තියනවා ඒ හැම එකටම ඔය ප්‍රශ්නෙ තිබුනා. සමහර වෙලාවට හොඳ fresh එවුන් හයර් කරා PHP තමයි කරන්න වෙන්නෙ කියලම උන් සෑහෙන්න හොඳට වැඩ කරනවා, ගොඩක් වෙලාවට උන් ඉතින් පට ගාල හොඳ ඔෆර් අරගෙන ජොබ් මාරු කරනවා මෙහෙ php වලට තියන ස්කිල් එක හොයන්න අමාරු නිසා.
In-person එන්න කියලා ටෙස්ට් එකක් දුන්නා නං හරි. දැන් ගෙදර ඉඳන් කරන්න දෙන ටෙස්ට් වැඩක් නැහැනේ
බැච් වල ඉන්න හොඳ සෙට් එක නිතරම ඒ කාලෙ තියන popular technology එක කරන්න ගන්නවා. ඒක නිසා ඒ වගේ ඒවට අවුරුද්දක වගේ exp තිබුනත් හොඳ ස්කිල් එකක් තියනවා. ගොඩක් වෙලාවට .NET, Java, React වගේ ඒවට 1yr exp තියන සුපිරිම එවුන් හොයන්න පුලුවන් ගේමක් නැතිව. ඒත් php වලට ඒක හරිම අමාරුයි කරන්න.