අලුතින් රැකියාවකට යන තරුණ තරුණියන්ට උප‍ද

enigma1

Member
Sep 16, 2014
7
5
0
අලුතින් රැකියාවකට යන තරුණ තරුණියන්ට උප‍ද

four-steps-to-a-new-job-01-hess431.jpg
upload
ඉසුරිකා උදයානි විසිණි. [FONT=Arial, Helvetica, sans-serif][SIZE=+1] ඔබ කුමන ක්ෂේත්‍රයක කුමන රැකියාව කලත් ඔබගේ අභිමානය රැක ගැනීම ඉතා වැදගත්. ජිවිතයේ ඕනෑම දෙයක් හරියට කිරීමට නම් ඒ දේට ආදරය කළ යුතුයි. ඔබ රැකියාවක් කරන්නේ හුදෙක්ම මුදලක් බලා‍පොරොත්තුවෙන් නොවෙයි. යම් තෘප්තියකුත් ඔබ රැකියාවෙන් බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ඔබ සිතන රැකියාව ඔබට නොලැබී යන්න පුළුවන්. නමුත් ඔබ ලද රැකියාවට ඔබ ආදරය කල යුතුයි. එවිට පමණයි ඒ වෙනුවෙන් කැපවීමක් කිරිමට හැකි වන්නේ.

හාපුරා කියලා රැකියාවට යන ඔබ‍ට ගැටළු නැතිව ප්‍රබෝධයෙන් රැකියාව කිරිමට නම් පහත උපක්‍රම භාවිතා කර බලන්න...

01.පැය භාගයකටවත් කලින් කාර්යාලයට ‍යන්න.
සමහර විට ඔබ උ‍දේට යන්නෙ දාඩිය දමාගෙන වෙහෙසකර මුහුණකින් වෙන්න පුළුවන්. කලින් පැමිණ කොණ්ඩය පීරලා ඇඳුම පිලිවෙලකට හදාගෙන රැකියාවෙ වැඩ කටයුතු පටන් ගත්තෙ නැතිනම් නිරවුල‍් මනසකින් පිළි‍වලකට රාජකාරී කටයුතු කර‍ගෙන යා‍මේ අපහසුවක් දැ‍‍නෙනවා.

02. ‍හොඳ අයියලා වෙන්න හදන පිරිමින්‍ගෙන් පරිස්සම් වන්න.
තම කාර්යාලයට අලුතින් එක්වන යුවතියන්ගේ හදවත දිනා ගැනීමේ උනන්දුවක් හා හැකියාවක් ඇති තරුණයෝ සෑම ආයතනයකම සිටිති. ඔවුන් අලුතින් කාර්යාලයට එක්වන යුවතියට දයාව පාමින් රාජකාරී කටයුතු කියා දෙමින් තමා වැදගත් සංවර හා ආචාරශීලී පුද්ගලයන් බව ඇඟවීමට උත්සාහ ගනිති. මෙහිදී අන් අයටත් හොරා එම පුද්ගලයන් සමඟ ප්‍රේම සබඳතා ඇති කර ගැනීමෙන් ලැජ්ජාවට පත් වීමට සිදුවීමත්, ප්‍රධානීන් ඇතුළු සෙසු අය ඇයව ලේසියෙන් රවටා ගත හැකි කෙනෙක් ලෙස ද සැලකීමට ඉඩ ඇත. මෙසේ හෙයින් අලුත් කාර්යාලයකදී ඔබට සමීප වන ප්‍රේම හොරුන් හඳුනා ගැනීමට තරුණියන් වග බලාගත යුතු අතර ඔබ වැරදි සබඳතාවක් හෝ රැවටීමකට ලක් වීමක් වූවොත් එම කැළැල ඔබේ කාර්යාල දිවියෙන් ඈත් කිරීම අසීරු වන්නේය. ඔබ කාර්යාලයේ ගෞරවනීය තැනැත්තියක බව හැකි ඉක්මනින් සෙසු පිරිස අතර ඇති කර වීමට උත්සහ ගත යුතුය.

03. ඇඳුම, කොණ්ඩය, මුහුණ වගේම දෑත් දෙපාත් පිරිසිදුව තබාගත යුතුයි
සැබවින්ම පුද්ගලයෙකුගේ පෞරුෂත්වය ඔප් නැංවීමට ඇඳුම බෙහෙවින්ම බලපාන සාධකයකි. ඔබ රාජකාරී කටයුතු සිදුකරන ආයතනයේ නිල ඇඳුමක් තිබීමට පුළුවන. එසේත් නැතිනම් නිල ඇඳුමක් නොතිබිය ද හැක. මෙහිදී පිළිවෙල හා පිරිසිදුකම යන කාරණයන් දෙක විශේෂ වේ. තරුණියන් ලස්සනට පිරිසිදුවට තම ශරීර හැඩයට හා වර්ණයට ගැලපෙන ආකාරයේ ඇඳුම් තෝරා ගත යුතු අතර ඊට ගැලපෙන චාම් ආකාරයේ ආභරණ පැළදීම, දකින අයට ප්‍රසන්න බවක් දැනවෙන ආකාරයේ මේක් අප් කිරීම හා කොණ්ඩය සැරසීමත් වැදගත්ය. තරුණයන් නිසි පරිදි රැවුල, කොණ්ඩය කපා පිරිසිදුව කමීසයට ගැලපෙන ආකාරයේ කලිසම, බද පටි, ටයි පටි සහ සපත්තු ද පැලඳිය යුතුය. අත් දෙක සහ නියපොතු පිරිසිදුව තබා ගැනීමත් වැදගත්. කාන්තාවක් නම් නිසි පරිදි නිය ආලේපන ගැල්වීමත් හැකියි.

04. වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය වෙන්කර සමබරව පවත්වා ගැනීම
ඔබ ගෙදර දොරේ පවුල් ජීවිතය සම්බන්ධ විවිධ ප්‍රශ්ණවලින් මානසික පීඩාවලින් පෙළෙනවා විය හැකිය. නමුත් ඒ කිසි දෙයක් රාජකාරියට අදාල නැත. අප මානසික පීඩනයකින් ගැටලුවකින් පෙලෙන බව අපේ මුහුණෙන් කතා බහෙන් හැසිරීමෙන් පෙනෙන්නට ඉඩ ඇත. නමුත් ඔබ ඉතා ඉවසිලිවන්ත විය යුතුයි. ඔබේ මනස මොන තරම් ප්‍රශ්ණ වලින් පුරවාගෙන සිටියත් එය ඔබේ ආයතන ප්‍රධානියාටවත් සෙසු අයටවත් දැන ගන්න දෙන්න එපා.
එසේම ඔබේ නිවස හැකි තරම් සාමකාමී තැනක් බවට පත් කර ගන්න උත්සාහ කරන්න. හැම වෙලාවෙම ප්‍රමුඛත්වය දිය යුත්තේ ඔබේ පවුලටයි. නමුත් ඔබේ දරුවාගේ ආහාරවේල පිළිබඳ රාජකාරී ස්ථානයට පැමිණ සිතීමෙන් වැඩක් වෙන් නෑ. ඒ ගැන ඔබ කලින් දවසේ හිතලා සැලසුම් කල යුතුයි. නැතිනම් රැකියාවට ඇවිත් ඒ ගැන සිතීමෙන් රාජකාරී කටයුත්ත හරියට කිරීමට නොහැකි වේ. මෙම ගැටළු මග හැරීමට පවුල් ජීවිතය තුළ යම් සැලසුමක් තිබිය යුතුයි. ඔබගේ පෞද්ගලික ජීවිතය තුළ දැනෙන සතුට වෘත්තීය ජීවිතයට බලපානවා. පෞද්ගලික සබඳතාවලින් තොරව අපට ජීවත් වීමට නොහැකියි. අපට තිබෙන සීමිත වෙලාවෙන් ටිකක් ඒ අය වෙනුවෙන් වෙන්කරන්න පුළුවන්නම් හොදයි. එම නිසා ඔබේ පෞද්ගලික ජීවිතයේ ගැටලු අවම කර ගැනීමට උත්සාහ ගන්න.

05. මිතුරු මිතුරියන් ඇසුරු කරන මට්ටම තීරණය කර ගන්න
තමන් සමග සම තත්වයේ වැඩ කරන අය සමඟ මිත්‍රශීලීව කටයුතු කරන්න. සැමගේම හිත දිනා ගන්න. ඒ අයට උදව් කරන්න. ඔබ මිතුරු මිතුරියන්ට ලංවීමට පෙර ඔවුන්ගේ සමාජ හා මානසික පසුබිම ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ ගන්න. ඔවුන් ඇසුරු කරන මට්ටම තීරණය කිරීමට එය උපකාරයක් වේවි. ඔබේ පෞද්ගලික දේවල් ඔවුන් සමග පැවසීමේදී සීමාවක් තබාගන්න. නැතහොත් ඔබේ ප්‍රශ්ණ වැඩිවීමට නව හිතවතුන් හිතවතියන් හේතුවක් වීමට ඉඩ ඇත.

06. දුරකථනයකට පිළිතුරු දීම
මෙහිදී බොහෝ විට දුරකථනයේ එහා පැත්තේ රැඳි සිටින පුද්ගලයා පිළිබඳ අප නොදනී. ඒ නිසා සුහදතාවයට මුල් තැන දිය යුතුයි. තුන්වරක් පමණ දුරකථනය නාද වූවාට පසු ඉතා ආචාරශීලීව එයට පිළිතුරු දිය යුතු අතර අදාල පුද්ගලයා එම මෙහොතේ කාර්යාලයේ නොමැති නම්, එම පණිවුඩය නිවරැදි ලෙස සටහන් කොට ගෙන අදාල පුද්ගලයාට ලබා දිය යුතුයි. නොදන්නා පුද්ගලයන් හට තමාගේ හෝ තමන් සමග රැකියාව කරන අයගේ පෞද්ගලික තොරතුරු එළිකිරීම කිසිදා නොකළ යුතුය. දුරකථන ඇමතුම අවසන් කිරීමේ දී ද ආචාරශීලීව එය කල යුතුය.

07. රැකියාවේ එක තැන පල්වෙන්න එපා
අප ලෝකයේ විවිධ කාරණා පිළිබද දැනුවත් වීමට නිරන්තරව උත්සාහ ගත යුතුයි. අපේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට ‍මේ දැනුම ඉතාම අවශ්‍යයි. ඕනෑම අවස්ථාවකට ආත්ම විශ්වාසයකින් යුතුව මුහුණ දීමට හැකි දැනුවත් කෙනෙක් වන්න. සමහර විට ඔබ වර්තමානයේ කරමින් හිඳින රැකියාවට අකමැති වෙන්න පුළුවන්. නමුත් ඔබේ හැකියාව, නිර්මාණශීලීත්වය ප්‍රයෝජනයට ගෙන ඔබේ වෘත්තීයට යම් කිසි නැවුම් දෙයක් දිනකට එක් කර ගන්න. තමන්ගේ දියුණුව පිළිබඳ තමන් තරම් සතුටුවන තවත් පුද්ගලයෙකු ලොව නැති තරම්. එම නිසා හැමදාම එක තැන පල්නොවී වෙනත් විවිධ පාඨමාලා හදාරා ඉහළ තනතුරකට යාමේ ඉඩ ප්‍රස්ථා සලසා ගන්න.

08. සතියකට වරක්වත් ප්‍රධානියා හමු වී ගුණදොස් විමසන්න.
ඔබගේ වෘත්තීය ස්වභාවය පිළිබද මනා අවබෝධයක් ලබා ගන්න. ඔබේ කාර්යයන් වල වගකීම ඔබ සතුයි. ආයතනයේ තොරතුරු ජාල උපයෝගී කර ගනිමින් තම රැකියාව පිළිබද දැනුවත් වන්න. ආයතන ප්‍රධානියාගෙන් ඔබේ ගුණදොස් විමසා දුර්වලතා හඳුනාගන්න. විවෘතව තමා ඉටු කළ රාජකාරියේ සාර්ථක අසාර්ථක බව විමසා තම දියුණුව සඳහා එම අදහස් උපයෝගී කර ගන්න. වෘත්තීය ජීවිතයේ ගැටලු ආ විගස පසුබෑමකට ලක් නොවන්න. තමන්ට කිරීමට බැරි තරම් රාජකාරී ඔබේ හිස මත ඇති විට එය ඉටු කර ගැනීමට සැලසුමක් හදා ගැනීමට අමතරව ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා සම්පත් ආයතන ප්‍රධානියා හමු වී කතා බහ කරන්න.

09. රැකියා ජීවිතයේ පැන නගින ගැටලු අභියෝගයක් කර ගන්නා ආකාරය
ප්‍රායෝගික ගැටලු වෘත්තීය ජීවිතයේ මතු වීම සාමාන්‍ය දෙයකි. වැදගත්ම කාරණය වන්නේ කිසිම දුෂ්කර අවස්ථාවක ක්ෂණික තීරණ නොගැනීමයි. මුලින්ම හිත සන්සුන් කර ගත යුතුයි. මුහුණට මුහුණ සිදුවන ප්‍රශ්ණයකදී ඒ වෙලාවෙම වචන පිට කිරීමට පෙළඹෙන්න එපා. විනාඩි ගණනක් සන්සුන්ව හිඳ අවශ්‍ය කරුණ එක් රැස් කරගෙන ඒ පිළිබඳ අදාල පුද්ගලයා සමඟ සාකච්ඡා කරන්න. ගැටළු හරියට නොවිසඳා ඔබට ඉදිරියට යාමට නොහැක. ඔබගේ වෘත්තීය ජීවිතය එපා වන තරමට අනවශ්‍ය දේ පවසන පුද්ගලයින් ඔබට ආයතනයේ දී හමු වීමට පුළුවන්. එවැනි කතා බහ ඕපා දූප රැගෙන එන ආයතනයේ අවිධිමත් සංගම් වලින් ඈත් වන්න.

10. මේ කාරණා 09 යෙන්ම ඔබ අසාර්ථක නම්,
මේ උපක්‍රම 09ම අත්හදා බැලුවත් ඔබට රැකියාව තුලින් තෘප්තියක් නොලැබෙන්නේ නම් ඔබට වෙනත් මාර්ගයක් තෝරා ගැනීමට සිදු වෙනවා. ඔබේ රැකියාව යනු ඔබේ වෘත්තීය ජීවිතයයි. ඔබගේ සුදුසුකම් වලට කොපමණ ඉහල රැකියාවක් ලැබු‍ණත් ඒ තුලින් ඔබ තෘප්තිමත් නොවන්නේ නම් තමා කැමති රැකියාවක් තෝරා ගෙන ඒ තුළින් ඉදිරියට යන්න උත්සාහ ගන්න. එවිට ඔබට ඔබේ ජීවිතයේ සතුට ඉක්මනින් ලඟා වනු ඇත.(උපුටා ගැනීම,..(හෙළ බිම):yes:[/SIZE][/FONT]