මචං මම ඉකෝ බ්‍රික්ස් වලින් ගේ හදන්න පටන් ගත්තා. ගඩොල් හදා ගත්තෙත් මමමයි. නිවාස අධිකාරියෙන් මැෂින් එක කුලියට අරන් දෙන්නෙක් දාලා ගඩොල් හැදෙව්වා. ඒ ගඩොල මාර ශක්තිමත්. සිමෙන්ති බ්ලොක් ගල් ඒවයෙ අහලින් වත් තියන්න බෑ. ඒවගේම ගේ ඇතුළ මාර කූල්. මම නම් ගේ ඇතුළ කපරාරු කරන්න හිතා ගෙන ඉන්නේ. පිට නම් වාර්නිෂ් කරනවා. මේ දවස් වල සල්ලි හිර වෙලා වැඩ නවත්තලා තියෙන්නේ