අලුත ඉපදුනු දරුවන්ගේ දෙමාපියන් වෙත දැනුම්දිමයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ විශේෂ නිවේදනය 2023 අප්‍රේල් 7 සිට 2023 ජූලි 5 (එම දින දෙකද ඇතුලුව) කාලය තුල උපත ලද දරුවන්ගේ මාපියන් / භාරකරුවන් වෙතයි.

    මොළයට හානිවීම, නියුමෝනියාව, අන්ධ භාවය, බිහිරි භාවය, දරුණු පාචනය සහ මාරාන්තික සංකූලතා ගෙන දිය හැකි සරම්ප රෝගය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල මෙන්ම ලංකාව තුලද කුඩා දරුවන් අතර පැතිර යමින් පවතී.

    🚩 වඩාත් අවදානම් සෞඛ්‍ය දිස්තික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ හඳුනාගෙන තිබේ.

    මේ තත්වය සලකා බලා අධි අවදානම් සෞඛ්‍ය දිස්ත්‍රික්වල , 2024 ජනවාරි 06 වැනි දිනට මාස 6 - මාස 9 වයස් කාණ්ඩයේ පසුවන සියලූම දරුවන්, සරම්ප රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට සැළසුම් කර තිබේ.

    2024 ජනවාරි 6 වෙනි දින උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා ඔබට ආසන්නයේම ඇති එන්නත්කරණ සායනයෙන් මෙම අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාගැනීමේ හැකියාව පවතී.

    මෙය මාස 9 දී සහ අවුරුදු 3 දී දැනට ලබා දෙන සරම්ප එන්නත් මාත්‍රා දෙකට අමතරව ලබා දෙන අතර එම එන්නත් වර්ගයම (MMR) භාවිතයට ගැනේ.

    මින් පෙර සරම්ප රෝගය වැළඳී තිබෙන ඉහත වයස් කාණ්ඩයේ අවදානම් දිස්ත්‍රිකවල දරුවන්ටද , අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

    ඔබේ ළදරුවා පැතිරයන සරම්ප රෝගයේ ගොදුරක් නොවන්නට දැනුවත් සහ වගකිවයුතු දෙමව්පියන් ලෙස නොවරදවාම ඔබේ යුතුකම ඉටුකරන්න.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොරොනා වලට දිපු එන්නතේ එන side effect දැක්කම තව එන්නත් ගහන්නත් ගහන එක ගැනත් හිතන්න වෙලා අනික පොඩි එවුන්ට.. අමාරුවක් වේදනාවක් කියා ගන්නවත් තේරෙන වයසක් ද..
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    up

    කොරොනා වලට දිපු එන්නතේ එන side effect දැක්කම තව එන්නත් ගහන්නත් ගහන එක ගැනත් හිතන්න වෙලා අනික පොඩි එවුන්ට.. අමාරුවක් වේදනාවක් කියා ගන්නවත් තේරෙන වයසක් ද..
    monada mcn note una side effect corona eken?
    ------ Post added on Dec 28, 2023 at 7:56 PM
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අපිටත් සරම්ප පැපොල් හැදිල තියෙනව
    මොකුත් වුණේ නෑ
    මෙදා සැරේ මොකක්ද වෙලා තියෙන්නෙ :unsure:
     
    • Haha
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    අපිටත් සරම්ප පැපොල් හැදිල තියෙනව
    මොකුත් වුණේ නෑ
    මෙදා සැරේ මොකක්ද වෙලා තියෙන්නෙ :unsure:
    වෙලා නෑ කියන්නමත් බෑ නේ. කෝකටත් පරිස්සම් වෙන ඒක හොදයි ඔව්ව හැදුණාම තව තව ඒව සෙට් වෙනවා ඇග දුර්වල උනාම. අනික ඔය වයසේ පොඩි අය අසනීප වෙනවා කියන්නේ සැහෙන්න අමාරුයි
     

    Similar threads