අවංක_හිඟන්නාට කප්රුක පහළ වේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අවංක_හිඟන්නාට කප්රුක පහළ වේ

    අවංක හිඟන්නාට කප්රුක පහළ වේ




    37.jpg




    බිල්ලී රේ හැරිස් (55) ඇමරිකාවේ කැන්සාස් නුවර යාචකයෙකී. මෙයට දින කිහිපයකට පෙර ඔහු අසලින් ගමන් කළ කාන්තාවක තම මුදල් පසුම්බියෙන් කාසි කිහිපයක් ගෙන ඔහු අසල ඇති කුඩා භාජනයට දැමීය.

    ඊට ස්වල්ප වේලාවකට පසු යාචකයා මුදල් තිබෙන තම කුඩා භාජනය පිරික්සීමේදී එහි ඇති මුද්දක් දුදුටුවේය. ඵසැණින් ඔහු රත්තරං බඩු වෙළද හලකට ගොස් මුද්දේ වටිනාකම විමසීය. ඩොලර් හාරදහසක් මුද්ද වටිනා බව වෙළදසල් හිමිකරු පැවසීමත් සමග යාචකයා මුද්ද රැගෙන නැවත පිටත්වීය. දින දෙකකට පසු කාන්තාවක් හා ඇගේ සැමියා යාචකයා සොයා පැමිණියහ.

    ඵ් පෙරදා තමන්ට මුදල් දුන් කාන්තාව බව යාචකයා ඇය හදුනා ගනී. කුඩා මුදල් භාජනයට කාසි දැමිමේදී තමාගේ අත රැදි මුද්ද නොදැනුවත්වම ඵයට වැටී ඇති බව ඵම කාන්තාව යාචකයාට කීවාය.

    ඵම මුද්ද තමා සන්තකයේ ඇති බව පවසමින් යාචකයා අදාල කාන්තාවට මුද්ද ලබා දුන්නේය.

    ඇමෙරිකාවේ ධනවත් කාන්තාවක් වු ඇය නමින් සාර් දර්ලින්ය. පසුගියදා සාර් හා ඇගේ සැමියා වන බිල් ක්‍රේචි රුපවාහිණි වැඩසටහනකට සහභාගි වෙමින් බිල්ලී රේ හැරිස්ගේ අවංක බව ප්‍රසිද්ධියේ අගය කළාය.

    අනතුරුව ඔවුන් දෙපළ යාචකයා වු බිල්ලීට උදවි කිරිම සදහා අන්තර්ජාලයේ පිහිට පැතීය.

    මේ වන විට ඔහුට උදවි කිරිම සදහා 8300 දෙදනකු ඉදිරිපත්ව සිටී. ඵකතු වු මුදල ඩොලර් ඵක්ලක‍ෂ අසු අට දහසකි(රුපියල් 24064000). බිල්ලිට නිවසක්ද හිමි විය. ඔහු දන්නා සංගීත වෘතීය ඔස්සේ ඉදිරි ගමනක් යෑම සදහා සංගීත භාණ්ඩ ඇතුළු අවශ්‍ය දෑ ලබා දීමට තවත් පිරිසක් ඉදිරිපත් වීය. වසර 16ක් පුරා අතුරුදහන්ව සිටි තමාගේ සොහොයුරිය මෙහි සමග තමාට නැවත ලැබුනා සේ මුද්ද නිසා තමාගේ ජිවීතයද උඩු යටිකුරු වු බව බිල්ලී රේ පවසයි.





    38.jpg


    39.jpg


    40.jpg