අවතැන්වූ ජනතාව දැඩි සාගතයක
පත්තරවල ටීවීවල පින්තූර දැම්මට වැඩක් නැහැ
මේ වගේ වෙලාවක අපිට ඕනෑ කන්න කෑම ටිකක්
වැස්සෙන් අනාථවූ වැසියෝ දිවයිනට දුක කියති
මහ රැ නිසා ගෙදර බඩුමුට්ටු
ටිකවත් බේරාගන්න බැරිවුණා
පොඩි ළමයින් බඩගින්නේ
තියන්නෙ කොහොමද
වසර 18 කට පසුව පෙරේදා (10 වැනිදා) පස්වරුවේ සිට ඊයේ (11 වැනිදා) පෙරවරු 8.00 දක්වා කොළඹ නාගරික සහ අවට ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 33500 කට අයත් පුද්ගලයන් 156345 ක් පමණ අවතැන් වූහ.
අවතැන්වූ එම ජනතාව මුහුණපා ඇති ගැටලු සොයා බැලීම සඳහා කොළඹ අවට ප්‍රදේශ කිහිපයක "දිවයින" සංචාරයක නිරත විය.
මෙවැනි හදිසි අවස්ථාවකදී තමන්ගේ පිහිටට එන්නට කිසිවකුත් නැති බව අධික වර්ෂාවෙන් තම නිවෙස් යටවූ ඔරුගොඩවත්ත, මාදම්පිටිය, නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, හෙට්ටියාවත්ත ප්‍රදේශවල අවතැන් වූවන් ඊයේ (11 වැනිදා) "දිවයින"ට පැවසූහ.
පත්තරවල, ටීවීවල අපේ පින්තූර දැම්මට වැඩක් නැහැ. මේවගේ වෙලාවකට අපට ඕනෑ කන්න කෑම ටිකක්. මේ වෙනකම් කවුරුවත් අපිව බලන්න ආවේ නැහැයි ඔරුගොඩවත්තේ පදිංචි බී. ජී. කැලිප්ටස් මහතා පැවසීය.
මේ මහ වැස්සෙන් අපේ ගෙවල් යට වුණේ හිතාගන්නවත් බැරි ඉක්මනට. මහ රෑ හින්දා ගෙදර තිබුණු බඩුමුට්ටු ටිකවත් බේරගන්න බැරිවුණා. අපේ ඡන්දෙ අරගෙන මැති ඇමැතිවරු වුණු මහත්වරුන් අපිව බලා ගන්න ඕනෑ. මොකද අපි යාන වාහන ඉල්ලන මිනිස්සු නොවෙයි යෑයිද ඒ මහතා කියා සිටියේය.
ඔරුගොඩවත්ත, මාදම්පිටිය, නවගම්පුර තරිඳු මාවත, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, හෙට්ටියාවත්ත, මට්ටක්කුලිය ප්‍රදේශවල පහත්බිම්වල පිහිටා තිබූ නිවාස සියල්ලම වැසි ජලයෙන් යටවී තිබුණු අයුරු "දිවයින" කළ සංචාරයේදී දැකගත හැකි හැවිය.
ඒ මිනිසුන්ගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට ඊයේ දහවල් වනතුරුත් කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණු බව අපට මෙහිදී දැකගත හැකි විය.
පොඩි ළමයින්ට පිටි ටිකක්වත් හදාදෙන්න වතුරත් නැහැ, විදුලියත් නැහැ. අපි බඩගින්නේ හිටියත් දරුවන්ව බඩගින්නේ තියන්න බැහැ යෑයි කැලණිතිස්ස විදුලිබලාගාරය අසල තරිඳු මාවතේ බ්රිඡේට් මහත්මිය "දිවයින"ට පැවසුවාය.
ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිසුවකු "දිවයින"ට කියා සිටියේ ඉස්කෝලෙ ළඟටවත් යන්න විදිහක් නැහැ. මුළු ඉස්කෝලෙස වතුරෙන් යටවෙලා. අපේ පාසල මේතරම් ජලයෙන් යටවෙලා තිබෙනවා මම කවදාවත් දැකල නැහැ.
පැය කීපයක් ඇතුළත වැසි ජලයෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවෙයි කියලා අපි කවුරුවත් හිතුවේ නැහැ. අපිට වෙච්ච හානිය සුළුපටු නැහැ. වැසිජලය බැස යැමේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් රජය ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බලධාරීන් මෙන්ම අපේ මිනිස්සුත් වගකියන්න ඕනෑ. මේ මිනිසුන්ට හොඳින් ජීවත්විය හැකි වටපිටාවක් සකස් කිරීම රජයේ යුතුකමක් හා වගකීමක් යෑයි ඔරුගොඩවත්තේ සුමනසිරි මහතා කියා සිටියේය.
සිරිමන්ත රත්නසේකර සහ ප්‍රභාත් විතාන
ඡායාරූප - නිශාන් එස්. ප්‍රියන්ත