අවතැන් සිංහලයන් බල්ලට දැමීම

Wal Bada

Well-known member
  • අවතැන් සිංහලයන් බල්ලට දැමීම

    අවතැන් සිංහලයන් බල්ලට දැමීම | Treating nothern sinhalese as trash


    උතුරු නැගෙනහිර ඉතා අතීතයේ පටන්ම පදිංචි වී සිටියේ සිංහලයන්ය. නමුත් පසු ගිය වසර අටසියයක කාලය තුල දෙමළ ජනයා එහි බොහෝ පදිංචි වුහ. එනමුත් මෙ දෙකොටස අතර විශාල ගැටුමක් තිබූ බවට සාක්ෂි නැත. වෙනෙකක් තබා වීදිය බණ්ඩාරගේ නායකත්වයෙන් සටන් වදින්නට යාපනයේ “රජු” සේනාව සපයා දීමට පවා කැමැත්තෙන් සිටියේය. නමුත් වසර 30ක් යුද්ධය විසින් උතුරු නැගෙනහිර සිංහලයන් ඔවුන්ගේ වාසභූමි වලින් පළවා හරින ලද්දේය. එවන් අවතැන් වූ සිංහලයන් දෙකේ කොළයට දමමින් අජිත් පැරකුම් විසින් ලියා ඇති ලිපිය ජුගුප්සා ජනකය.

    ඔහුගේ ලිපිය තුල පැරකුම් උත්සාහ කරන්නේ දේශපාලන අරමුණු නිසා උතුරේ සිංහලයන් පදිංචි කරවීම වැරදි බවත්, ඒ නිසා ඔවුන්ට සහන නොලැබිය යුතු බවත් කියා පාන්නටය. “දැන් මෙම සිංහල ජනයාගේ ප්‍රශ්නය ද අවතැන් වූවන්ගේ ප්‍රශ්නයක් ලෙස කරුණු ඉදිරිපත් කෙරෙමින් දෙමළ හා මුස්ලිම් අවතැන් වූවන් හා සම තත්වයක් අපේක්ෂා කෙරෙමින් තිබේ.” ලෙස පැරකුම් පවසන්නේ එම තත්වයයි. පැරකුම් වැනි වෙන්ඩ සමාජවාදීන්ට එසේ නැත්නම් බොරු රැඩිකල් වාදීන්ට සිංහලයන් වෙනුවෙන් කතා කිරීම පෙන්නන්නට බැරි දෙයක් බව අපි දනිමු. නමුත් තම වාසභූමි වලින් එලවා දමනු ලැබූ ජන කොටසක් වෙනුවෙන් එසේ කතා කිරීම ඔහුගේ පහත් අරමුණු පෙන්වයි. අපි ඔහුගේ තර්කයන් එකිනෙක සලකා බලමු.

    සිංහලයන් “දෙමළ” ප්‍රදේශ වල පදිංචි කිරීම සාධාරණද? මේ තතවය වැරදි නම් මුලින්ම මෙයට විරුද්ධ විය යුත්තේ ගල් ඔය මිටියාවතේ සිංහලයන්ය. මන්ද සිංහල රජු විසින් පෘතුගීසීන් ගේ වධයට ලක්වූ මුස්ලිම් ජාතිකයන් පදිංචි කරවූයේ නැගෙනහිර පළාතේ බැවිනි. නමුත් රජයකට එසේ කිරීමට අයිතිය තිබිය යුතුය. මන්ද මහවැලි ව්‍යාපාරය ආදී ව්‍යාපාර වලින් ලැබෙන ප්‍රයෝජන උතුරු පළාතේ ජනයාද භුක්ති විඳින බැවිනි. මේ ව්‍යාපාර වලට ගත් ණය වලට බදු ගෙවන්නේද මුළු රටේම ජනයායි. එනිසා සංවර්ධිත ප්‍රදේශ වල පදිංචි වීමට ඉල්ලුම් කිරීමට ඔවුන්ට උතුරු පළාතේ ජනයාට ඇති අයිතියට සමාන අයිතියක් ඇත. එසේම ජනගහණය අධික බස්නාහිර, දකුණු හා මධ්‍යම පළාත් වල ඉඩම් නැති ජනයාට ඉඩම් සපයා දීමටද මේ ප්‍රදේශ භාවිතා කළ හැකිය. උතුරු පළාතේ ජනයාට ඉහත පළාත් වලින් සේවා ලබා ගත හැකිනම්, ඉහත පළාත් වල ජනයාට උතුරේ ඉඩම් අහිමි මන්දැයි යන ප්‍රශ්නය අසන්නට පිළිවන.

    ඉහත “දේශපාලන” අරමුණු වලින් සිංහලයන් පදිංචි කිරීම ගැන පැරකුම් කිඹුල් කඳුලු හෙළුවත්, 1971 සිට උතුරේ ක්‍රියාත්මක සිංහල වූ වාර්ගික සංහාරය පැරකුම් ඕනෑ කමින්ම ම්ඟ හරියි. ජනගහණ ලේඛණ දෙපාර්තමේන්තුව අනුව 1971 දී යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල සිංහලයෝ 20402 පදිංචිව සිටියහ. 1981 වන විට මේ සංඛ්‍යාව 4615 දක්වා අඩුවී තිබිණ. ඉන්පසු මේ ඉතිරි සිංහලයන්ගෙන් අති බහුතරය කොටින් විසින් එළවා දමන ලදී. නමුත් අප වඩාත් සැලකිලිමත් විය උත්තේ 1971 – 1981 දස වසර තුල යාපනයේ සිංහලයන් වෙත මුදා හැරුණු ප්‍රචණ්ඩත්වය ගැනය. පිටස්තරයා වැන්නන් “අරයා කිව්වා, මෙයා කිව්වා” ලෙස ද්‍රවිඩ වාර්ගික ශෝධනයක් කළ බවට චෝදනා කළත්, මේ සංඛ්‍යා ලේඛණයෝ බොරු නොකල හැකි දෘඩ සක්ෂි කරුවෝ වෙති. ඒ අනුව 71 – 81 දස වසර තුල යාපනයෙන් සිංහලයන් 15787 දෙනෙක් එළවා දමනු ලැබූහ! මේ කොටි ප්‍රශ්නය ඇතිවීමට පෙරය! අනෙක් දිස්ත්‍රික්ක වල තත්වයත්
    මෙයට සමානය. කොටි ප්‍රශ්නය ඇති වීමට පෙර උතුරෙන් එළවා දැමූ මේ අය ගැන පැරකුම් ගේ ස්ථාවරය කෙබඳුද? අපි බලා සිටිමු.

    ඉහත සිංහලයන්ට ඉඩම් අයිතිය නැතැයි කිසිම විධිමත් පරීක්ෂණයකින් තොරවම කීමට ඉමෙල්ඩා සුකුමාර්ට ඇති කුලප්පුව කවරේද යන්න වටහා ගැනීම අපහසු නැත. යාපනයේ ඉඩම් අයිතිය යටත් වන්නේ අපකීර්තිමත් තේසවලාමේ නීතියටයි. මේ අනුව යාපනයේ ඉඩමක් මිලදී ගත හැක්කේ යාපනයේ ගැණුම් කරුවන් එයට නැතිනම් පමණි. එනම් ඉඩම යාපනයේ අයෙක් රුපියල් දාහකට ඉල්ලා තිබී, පිට අයෙක් එය රුපියල් දස දහසකට ඉල්ලුවත් අර පිට පදිංචිකරුවාට ඉඩම විකිණිය නොහැකි අපකීර්තිමත් නීතියකි. නමුත් තෑගි ඔප්පු වලින් ඉඩම් ලියන විට මේ ක්‍රමය අදාල නැත. දෙමළ ජාතිවාදීහු මේ බව හොඳින්ම දනිති. එනිසා යාපනයේ සිංහලයන් වැඩිවූ විට ඔවුන් හරහා, තේසවලාමේ නීතියේ සිදුරෙන් රිංගා සිංහලයන් ඉඩම් මිළදී ගනු ඇති බව ඔවුහු දනිති. එය වැළක්වීමට නම් කළ යුත්තේ යාපනයේ සිංහලයන්ගේ ඉඩම් අයිතිය අවමයක් කිරීමයි. එවිට ඉතිරි වන සුළු සිංහලයන් ප්‍රමාණය බිය ගන්වා පළවා හැරීම පහසු වනු ඇත. නමුත් ඉහත පරිදි එලවා දැමූ සිංහලයන් 20,000 යළි යාපනය වෙත පැමිණීම ඔවුන්ට ඇහේ කටු අණින දර්ශනයක් වනු ඇත.

    ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම් ගැන කතා කරන පැරකුම් යාපනය දුම්රිය පොළේ තිබූ ධර්මදාසගේ බේකරියටවූ දෙය ගැන කතා කරන්නේ නැත. 1977 දී දුම්රියෙන් යාපනයට ගිය මොහොතක (නාගදීප වන්දනාවට යද්දී) මේ බේකරියෙන් බනිස් කෑවා මට මතකය. මම එකළ කුඩා දරුවෙක් වීමි. නමුත් යාපනයේ තිබූ හොඳම බේකරිය ඊට වසරකට පසුව ගිණිතබා විනාශ කරන ලදී. අනුරපුර පූජා නගරයේ දෙමළ පවුල් එළවා දැමූ බවට පාරම් බාන පැරකුම්, 1981-2 කාලයේ කොටගල, හැටන්, තලවාකැලේ ප්‍රදේශ වලින් සිංහලයන් එළැවා දැමීම ගැන කතා කරන්නේ නැත. මන්ද මේවා ඔහුඉගේ බොරු රැඩිකල් ප්‍රතිරූපයට හානිදායක බැවිනි.

    යාපනයේ සිංහලයන් පදිංචි කරවීමට හෙළ උරුමය දත කන්නේ තේසවලාමේ නීතිය නිසාය. හෙළ උරුමය තම දේශපාලන න්‍යාය පත්‍රයට එය ඇතුල් කර ඇති බව පැහැදිලිය. මේ ජනයා හෙළ උරුමයේ ගොදුරු බවට පත් නොවීමට නම් මේ අපකීර්තිමත් තේසවලාමේ නීතිය නීති පොතින් කටුගා දැමිය යුතුය.


    මේ වගේ ලිපි ලියන එකාව දිරිමත් තරන්න කැමති නම් කොමෙන්ට් එකක් දාලා එන්න
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මේ ව්‍යාපාර වලට ගත් ණය වලට බදු ගෙවන්නේද මුළු රටේම ජනයායි.

    eka therum gattha eka hodai!

    private university epa kiyapu oya dan kiyanna balanna, oya wage 3As gattha poth gullanta free university education denna salli gewanne kawuda kiyala?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මේ ව්‍යාපාර වලට ගත් ණය වලට බදු ගෙවන්නේද මුළු රටේම ජනයායි.

    eka therum gattha eka hodai!

    private university epa kiyapu oya dan kiyanna balanna, oya wage 3As gattha poth gullanta free university education denna salli gewanne kawuda kiyala?

    වල් බඩාගෙ ශාපය නලින් ඔටුවන්ශ පත්වු වගයි:lol:

    මචන් බඩා ඔය පෙරමුනෙ රාලගෙ බොල්ග් එකෙ පල වෙච්ච ලිපියක්නෙද , පෙරමුනෙරාල කියන්නෙ උබටමද නැත්තන් වෙනත් බුවෙක්ටද:rolleyes:
     

    Wal Bada

    Well-known member
  • වල් බඩාගෙ ශාපය නලින් ඔටුවන්ශ පත්වු වගයි:lol:

    මචන් බඩා ඔය පෙරමුනෙ රාලගෙ බොල්ග් එකෙ පල වෙච්ච ලිපියක්නෙද , පෙරමුනෙරාල කියන්නෙ උබටමද නැත්තන් වෙනත් බුවෙක්ටද:rolleyes:
    පෙරමුණේ රාලගේ බ්ලොග් එකේ තමයි. හැබැයි රචකයා වෙනස් මම හිතන්නේ (නෝ ෆ්‍රේම්ස් කියල කියන්නේ). මේකා ලියන්නේ දේශපාලන ලිපි විතරයි මයෙ හිතේ.
     

    Wal Bada

    Well-known member
  • මේ ව්‍යාපාර වලට ගත් ණය වලට බදු ගෙවන්නේද මුළු රටේම ජනයායි.

    eka therum gattha eka hodai!

    private university epa kiyapu oya dan kiyanna balanna, oya wage 3As gattha poth gullanta free university education denna salli gewanne kawuda kiyala?
    පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියල මම කිවුවේ කොහේද? පෙන්නන්නකො බලන්න? මම කිවුවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල මේ අවස්ථාවේදී රටට ගැලපෙන්නේ නා කියල විතරයි. (ඒකට හේතුත් පෙන්නලා ඇති ). අනික් පුද්ගලික විශ්ව විද්‍යාල දැනටම ඇතිවෙලා ඉවරයි. අනික ඔය ලිපිය මම ලියපු එකක් නෙවෙයි. ඒ හින්දා ඔය මගේ අදහස් හැටියට ගැනීම වැරදියි!