අවසන් ගමන

chanaka

Well-known member
  • May 4, 2006
    3,219
    785
    113
    කිතුල්ගලදී බෝට්ටුව පෙරළී අවසන් ගමන් ගිය සරසවි සිසුවාගේ අවසන් ගමන
    :(:(

    පසුගිය 20 වනදා දිනයක කිතුල්ගල ජල ක්‍රීඩා කිරීමට ගිය ඉංජිනේරු සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

    කැලණි ගඟේ සිදුවූ මෙම බෝට්ටු අනතුරෙන් දියේ ගිලී මියගිය තරුණයා කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.

    මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුවෙකු වූ ඔහු තවත් පිරිසක් සමඟ මෙලෙස කිතුල්ගල ගොස් තිබුණා.

    කිතුල්ගල ජල ක්‍රීඩා කිරීමේදී ජීවිත ආරක්ෂක දෑ පැළඳ සිටියත් ඔහුට සිය ජීවිතයෙන් සමුගන්නට සිදුවුණා.

    සාමාන්‍යයෙන් බෝට්ටුවේ පිරිසගේ කැමැත්ත මත බෝට්ටුව කැළණි ගඟ මැදදී පෙරලීම සිදු කරනවා. මෙලෙස කිරීමේදී ඇතිවූ අනතුරක් මත මෙම සිසුවා කැළණි ගඟට බිලිවූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.​

    මේ එම වීඩියෝවයි.​
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,092
    17,215
    113
    Colombo
    පීනන්න දන්නේ නැති එකෙක් අර බෝට්ටුවේ ඇතුල් පැත්තට සෙට් උනොත් ඉතින් sorry ම තමා :yes::yes: ​
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    පීනන්න දැන ගත්තත් life jacket දාගෙන ඉන්නකොට යට යන්නෙ නෑ. බෝට්ටුවට යට වෙලා හින්දා වතුර මතුපිටට එන්න බැරුව හිර වෙනවා.