අවසන් රජුගේ අවසානය
අවසන් රජුගේ අවසානය
ලංකා ඉතිහාසයේ ප්‍රධාන ශොකාන්ත දෙකක් ශ්‍රි වික්‍රම රාජසිංහ රජ සමයට අයිතියි. ඇහැලේපොළ ශොකාන්තය හා ශ්‍රි වික්‍රම රාජසිංහ බ්‍රිතාන්‍යයේ සිරකරුවකු විම යන දෙකම ශොකාන්ත වේ.
ශ්‍රි වික්‍රම රාජසිංහ රජු කෙරෙහි වු අප්‍රසාදය ක්‍රමයෙන් වැඩි වන්නට විය . හාමුදුරුවෝ සහ රදල පැලැන්තිය තුල රජු හුදෙකලා විය . මේ අවශ්ථාවෙන් උපරිම ප්‍රයොජනය ගත්තෙ බ්‍රිතාන්‍ය ආණ්ඩුවයි.
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වු රොබට් බ්රවුන්රිග් රජු අල්ලාගැනීමට හමුදා කාණ්ඩ කිපයක් මහනුවරට යැවිය . ඊට අමතරව ඔහුද ඇහැලේපොළ නිලමේ සමගින් නුවරට පිටත් විය . මෙහිදී ආණ්ඩුකාරවරයා කිවු කාරණය තමන්ගේ අබිප්‍රාය උඩරට රාජධානිය කෘර රාජාගෙන් බෙරාගැනිම පමණක් බවයී .
හුදෙකලා වු රජු පලායන්නට වුනා . රජුට හිතවත් වු සුලු පිරිසෙන් ඔහු ඉල්ලුවේ කඩතුරාවට තමන් සහ බිසොවරු රැගෙන යන ලෙසයි.
කඩතුරාව " යනු රජුගේ වස්තුන් සගවා ඇති ගුහාවකි . හුන්නස්ගිරි කන්දෙ මෙ කඩතුරාව පිහිටා ඇත.දිය ඇල්ලකට පිටුපසින් පිහිටා ඇති නිසා පිටතට මෙය නොපෙනෙ. කෙසෙවෙතත් එදින රජු මෙම ගුහා දොර විවෘත කිරිමට උත්සාහ කලද උත්සහය සාර්ථක නොවිය . දොර විවෘත නොවුණි .එසෙ රජුගේ උත්සහය සාර්ථක වුනි නම් ගුහාව තුලින් ඇති උමං මාර්ගය තුලින් උඩුදුම්බර කරා පැමිණ සැගවෙන්නට හැකියාව තිබුනා .
එදින හවස් වෙද්දී බොමුරේ වෙතට රජු සහ පිරිස පැමුණුනි. අධික වර්ෂාපතනය නිසා රජුට ඇවිදිමට අපහසු විය . උඩිපිටිය ආරච්චිගේ නිවසට යාමට තවදුරටත් නොහැකි වූ තැන පිරිස රජු ඔසවාගෙන ගිය බව කියැවේ .
මේ අතර ජොන් ඩොයිලි සහ එක්නැලිගොඩ දිසාවේ තෙල්දෙණිය වෙත ලගා විය .ඔවුන් කොටස් බෙදි රජු සොයන්නට විය .බ්‍රිතාන්‍ය හමුදාව හා සිංහල පිරිස් එක්නැලිගොඩ දිසාවේ සමගින් බොමුරේ සැරිසරමින් සිටින විට ඔවුන් දැකලා කොලු ගැටයෙක් දුවන්නට විය . ඒ සමගම කොලුවා අල්ලාගත් අතර කොලුවා හඩමින් මෙසෙ කිය.
හාමුදුරුවනේ " මරන්න එපා රජතුමා ඉන්න තැන කියන්නම් " යැයි කිය.
ඉන්පසුව කොලුවා රජු සිටින උඩුපිටියේ ආරච්චිලාගේ ගෙදර පෙන්විය . එක්නැලිගොඩ දිසාවේ ඉදිරියට පැමිණියත් උඩුපිටියේ ආරච්චි ඔහුට හා පිරිසට එමට ඉඩ දුන්නේ නැත. උඩුපිටියේ ආරච්චි රජු වෙනුවෙන් දිවි පිදිය .
ඉන්පසුව එක්නැලිගොඩ ඇතුළු පිරිස රජු සහ බිසොවරු අල්ලගෙන විවිධ තාඩන පිඩන කෙරිණි . බිසොවරුන්ගේ කන් වලින් කරාබු අදින්නට වු නිසා කන් ඉරි ලේ ආවෙය .
මම කව්ද කියලා උබලට අමතකයිද ?
රජු ඇසු විට උබට දැන් බලයක් නැති බව කියා පාපහරක් එල්ල කෙරිණි .රජුගේ සහ බිසොවරුන්ගේ ඇදුම් ලේ වලින් නැහැවිනි. අදටත් ලේ පැල්ලම් සහිත ඒ ඇදුම් ඇත.
රජු ලියක බැදෙගෙන රැගෙන එන්නට විය . මේ සිදුවිම ආරංචි වු ඩොයිලි වහාම පැමිණ රජුගෙන් හා බිසොවරුන්ගේන් සමාව ගෙන ඔවුන්ට ප්‍රථමාධාර දුනි. ඉන්පසුව රජු සහ බිසොවරු වෙල්ලොරයට පිටිවහල් කරන ලදුව එහිදී බෝහො දුක්ඛදායී ජිවිතයක් ගෙවු රජු 1832 දි මරණයට පත් විය .