අවසන් ලිපිය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද වෙයි ඉරැ දින.
    නින්ද නැති රැයේ.
    හුදෙකලා විරාමයේදි.

    වාසනා වෙවා
    මාගේ පුංච් කුමාරි වෙත.

    ඉතින් ඔබ විසින් එවන ලද අවසන් ලිපිය මාවෙත ලැබුනා " පිපි මල් දෙකක් " වගේ ආදරෙන් බැදිලා අපි ගතකරපු ඒ කාලේ " අතිතය සිහිනයක් වාගේ "කියලයි මට හිතෙන්නේ. ඔයාගේ " රත්තරන් නෙත් දෙකෙන් " කදුළු බිදක් මා වෙනුවෙන්" හෙලෙන්න ඇත්ද කොයිතරම් " කියාගන්න බැරි නරමට " පුංච් දගකාරියේ " ඔයාව මං " ම්ල කරන්න බැරි අගනාම වස්තුවක් කියලා"රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වි ගියා " ට මා ලැබු ජිවිතයේ සැනසුම " වුනේ මට ඔයා විතරයි. ර්‍කෙලෙසක කිවත් ඔබ ගැන මතකය අමතක් " කරන්න කියා එය තවත් අලුත් වෙනවා. ඔයාට මතකද " දොතින් අරන් " කිරිවෙහෙරට මල් " තියන්න අපි දෙදෙනා පියමං කරන විට " කිරිවෙහෙරට ඉහලින් දග කරන සදවතිය " අපට ආශිර්වාද කලා. එදා අපි ආපහු එන ගමනේදි" මධුනාගල " ගිහිල්ලා" සිතුල් පව්ව " වැදලා" වෙහෙරහේන" විහාරෙටත් ගිහිල්ලා " කන්ද බැහැලි මහියංගණ " යත් වැදලා සිගිරි ගිහිං ර්‍ සිගිරියේ කුරැටු ගි " බලලා අවසාන දුම්රියෙන් ආපහු " කොලොම්පුරේ නුඔ ඉන්නා ඉසව්ව " ට ආවා.
    අද වෙයි ඉරැ දින.

    "මට මතකයි" ඔයා මට හමුවුන මුල්ම දවසේ "දුරකදු යායේ" දුම්බර මිටියාවත පැත්තේ "කුඔකේ දියෙන්" වතුර නාලා "තෙත ‍කොන්ඩෙ කඩාලා" කොපි මල් සිනාවක් දාගෙන" පංච කල්්‍යානි" වගේ ඔයා හිටියේ "කටුනායක ඇදුම් මහන අපේ නංගිගේ" ගාමන්ට් එකේ "ඔබ දුටු මුල් දිනේ" ම මට හිතුනා "ඔබ හරිම ලස්සනයි නංගියේ" කියලා ඔයාගේ ඔය" කිරි කවඩි සිනාව" හරියට "උදුම්බරා මනාලිය " ගේ වගෙමයි.මගේ හිතේ තිබුන :ලෙන්ගතුකම වැඩි "හින්දම තමයි මම ඔයාගේ හදවත ඉල්ලලා ලිපියක් දුන්නේ "මෙ රටේ මිනිස්සු "කරන වැඩවල හැටියට "ඕවත් වැඩද මල්ලි" කියලා යාලුවො මට විහිලු කලා "අනේ ගැටවිනේ" ගැටවි කාලේ ඔහොම තමා කියලා ඔයාගේ "පෙම්බර අම්මා" ඔයාට කියද්දි "පෘතුග්‍රිසි කාරයෝ" වගේ ඉන්න ඔයාගේ තාත්තා "පාරට කිට්ටුව දෙල්ගහ අයිනේ" දි මගේ ඇගට කඩාගෙන පැන්නේ" උතුවන්කන්දේ සුර සරදියල්" වගේ "මගේ බුදු මාමණ්ඩිට බුද්ධං සරණයි" කියලා මං එදා වැදලා බෙරැනේ ඔයාගේ "තාත්තා මට ඇනපු ටොක්ක" ට දවල් තරැ පෙනුන නිසයි

    "පාරමිතා පුරාගෙන " නු‍‍‍‍ඹේ සිනා මුව මඩල" දැකගන්න මම "දුරකතර ගෙවාගෙන " ඇහැල මල් පිපෙන දෙවැට දිගේ "ඇවිදින් "මෙ මැයි ගහ" යටදි හමුවෙලා "කෙදිනද කුඩු හදන්නේ" අපි කියලා ඔයාගෙන් ඇහුවා මතකද ? එතකොට ඔයා මට කිව්වේ "රන් කෙන්දෙන් අතගිලි එක්කර" අපට එක් කර ගන්න බැරි වුනොත් හදවත ඉල්ලා හඩා වැළපිමෙන් පලක් නැති නිසා "දුරස් වන්නට මෙ ලෙසින් ඇයිද අප හමුවුනේ" ඒ නිසා "අපි කතා නොකර ඉමු" කියලයි. එත් මම කිව්වේ මුතු "මාල හතක් ගෙලවට පලන්දලා" ගෙලේ රන් මාල දා" බක්කි කරත්තෙන් ඔයාව කැන්දන් යනවමයි කියලා.අපේ පිදුරැ සෙවිලි කල පැල්පතේ ඇති සාමය නැති වුනේ " මගේ කුඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් කරපු" වින්නැහිය නිසයි. එයා "මගේ සුන්දරි එක්ක හාද වෙලා දුන්න ගින්දර" නිසා මම අද "ඇවිලුනු ගිනිදැල්" නිවාගන්න බැරිව ලතවෙනවා ඔයත් ඒ දවස් වල "සිගිරි සුකුමාලි " වගේ හිටිය හින්ද මට මෙ කිසිවක් තෙරැම් ගන්න බැරිව ගියා.

    "දෙගුරැන් වෙනුවෙන් සෙනෙහස බිලිදි "මා සමග ආ ඔයා අද "සිහින ලොවක අතරමං" කලේ ඇයි මෙතුවක් මම "තනි වි සිටින්නයි" අදහස් කලේ එත් නිතර ඔබ මට සිහිනෙන් පෙනෙන නිසා "පින්සර ඔබ හැර" මම කොහොමද තව කෙනෙක් පතනේ නේ" බුදු තාත්තේ බොන්න එපා" කියලා "මගේ දරැ පැටව්" මට කරදර කරන්න ගත්තා එත් "සසර වසන තුරැ" මෙ වගේ "දගගෙයි දඩුවම්" ලබන්න තරම් මං පව් කලන් ඔයා ඒ වගේ වෙන්න එපා කියලා මං ඔයාට "සුභ ප්‍රාර්ථනා" කරනවා. ඔයා එව්වේ "අවසන් ලියුමයි" කියලි තිබුනත් මම කිහිප විටක්ම" දුරකථනයකින්" ඔයාව අමතන්න හැදුවත් ඒ වැඩෙත් හරි ගියේ නැ කොහොම වුනත් මම ඔයාට කියන්නේ "කොතනක හිට්යත් ඔබ මෙලොවේ දිගුකල් ජිවත් වෙන්නකෝ.. රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජිවත් වෙන්නකෝ" කියලයි.

    ඉතිං අවසාන වශයෙන් දුකක් දී ඔයා මගෙන් වෙන් වුනත් "මෙ ලොකතලේ සුරකින විශ්ණු දෙවිවයන්" ගෙන් පවා මා ඉල්ලා සිටින්නේ ඔයාව රැකදෙන්න කියලයි. මා දැන් ඉතිං "පාලුව තනිකම" යන්නත් එක්ක "තණමල්විල" පැත්තේ තියන "සිහින පාරාදිසය" පැත්තේ ගිහින් ඇවිදලා එනවා. ඒ මා "සිතින් විතරක් පෙම්" කරනා නිසා.
    "මගේ කදුළින් නිමාවු මාවතේ ඔහු සමගින් ඔබ මන්දහාසයෙන් යන ගමනේ මගේ යුගනෙතු ඔබට හිරැසදු වේවා"....


    මා ඔබ හැරගිය සත්‍ය ප්‍රේම හෘංග රාජයා.....