අවසන්_ගමන_යන_ලංකාවේ අන්තිම තවලම
අතීතයේ ඇතැම් උරුම අපට අද ඇත්තේ අසන්නට පමණි. සමහර උරුමයන් ඇත්තේ ප්‍රදර්ශනයට පමණි. අපේ අතීත උරුමයක් වූ “තවලම“ටද අද අත්වෙමින් යන්නේ ඒ ඉරණමය.
නමුණුකුළ කඳු වළල්ලෙන් සැඟවඇති නිසා අපේ රටේ බොහෝ දෙනෙකුගේද ඇස නොගැටෙන අපේ රටේ අවසන් තවලම් කිහිපය, අවසන් ගමනට ළංව ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ පවසනවා.
“මේ අපි දන්න තරමින් අපේ රටේ දැනට තවලමෙන් බඩු ගේන්නෙ සති පොළ කිහිපයකට පමණයි. ඇල්ල නමුණුකුල පාරෙ තියෙන බල්ලකෙටුව පොළ කියන්නෙත් එවැනි තැනක්. අනාදිමත් කාලයක ඉඳලම ඉළුක්පැලැස්ස කියන දුෂ්කර ගමේ හැදෙන බව භෝග ටික කිලෝ මීටර් 9ක් 10ක් දුර තියෙන බල්ලකෙටුව පොළට ගේන්නෙ මේ තවලමෙන්. හැබැයි දැන් තවලම් යුගයේ අවසන් කාලය ළඟා වෙලා. එදා තවලම ගිය පාරවල් කොන්ක්‍රිට් කරල. දැන් ඒවායෙ යන්නෙ සැහැල්ලු ලොරි. කොන්ක්‍රිට් පාරවල්වල හරක්ට යන්න බැහැ. ඒ නිසා මේ තවලම අද හෙටම අපිට නැතිවෙලා යනව. බල්ලකෙටුව පොළට තවලමෙන් බඩු ගේන මිනිස්සු හරක් ටික ගාල් කරන බිමේ දැන් දකින්න තියෙන්නෙ ලොරි.“
Souce NETH FM

aththakuth thiyenawa ekenam.paw ithin.ane barai kiyala kiyandawa