යමෙකුගේ අවමගුලට සහභාගි වීම ඉතාම වැදගත් කොට සලකනුයේ එය එම පුද්ගලයාට කළ හැකි අවසන් ගෞරවය වන නිසාවෙනි.අවසන් ගෞරව දක්වන්නේ දේහය ඉදිරියේ මද වේලාවක් නිසල ව බලා හිඳ හිස නමා ආචාර කිරීමෙන් හෝ දෙඅත් එක්කොට වැඳීමෙනි.මෙහි නියම අරුත බොහෝ දෙනා නොදැන සිටීමට පිළිවන.සත්‍යය වශයෙන් ම මෙහිදී සිදුවිය යුත්තේ මරණානුස්සති භාවනාවය.එය මහා ප්‍රතිපත්ති පූජා පුණ්‍යකර්මයකි.විනාඩි කිහිපයක් ඇතුළත පහත පරිදි මෙනෙහි කිරීම යහපත්ය.
" ජාති හෙවත් ඉපදීමත් , ජරා හෙවත් වයසට යාමත් , ව්‍යාධි හෙවත් ලෙඩ වීමත් , මරණ හෙවත් මරණයට පත් වීමත් සියලු උපන් සත්වයන්ට පොදු වූ ධර්මතාවන් ය.උපන් මොහොතේ සිට ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි මේ මරණය මට ද ඕනෑම අවස්ථාවක දී අත් විය හැක.උදෑසන අවදි වූ මා නින්දට යාමට පෙර මෙන්ම රාත්‍රි නින්දට ගිය මා උදෑසන අවදි වීමට පෙරද මට මේ ඉරණම අත් විය හැකිය.අපගේ ජීවිතය ද අන් සියල්ල මෙන් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් වන්නේය.මා ඉදිරියේ මේ තිබෙන්නේ ප්‍රාණය නිරුද්ධ වූ ද්‍රව්‍යක් පමණකි.මේ කයෙහි තාවකාලික හිමිකරුවා ව සිටි මාගේ (.......) ට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති උතුම් නිර්වාණ සුවය අත්වේවා...."
සාදු සාදු සාදු !!!
මෙය භවතණ්හාව අඩු වීමට හේතු වන උතුම් පුණ්‍යකර්මයකි......
Source : https://www.facebook.com/dhammadana.page/




