අවසානයේ නිර්පාක්ෂිකයා අපට හමු විය...

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අවසානයේ නිර්පාක්ෂිකයා අපට හමු විය...

අනිවාර්යයෙන්ම විනාඩියක් අරන් කියවන්න

ඔබේ දේශපාලන මතය කුමක් වුවත් විනාඩියක් වැයකොට මෙය කියවන්න

225ම එපා යැයි කියූ ඔබ 225 ටම අයිති නැති කෙනෙක් සෙව්වේය
ඔහු පැමිණියේය

රටේ විනය හදන්නට කෙනෙක් ඔබ ඉල්ලුවේය
විනය තම ජීවිතය කරගත් ඔහු පැමිණියේය

ඔබ දේශප්‍රේමියෙකු ඉල්ලුවේය
තිස් වසරක යුද උවදුරෙන් සහ ඉස්ලාම් අන්තවාදයෙන් රට බේරාගත් සැබෑ දේශප්‍රේමියෙකු අපට හමුවිය

ඔබ සිංහල බෞද්ධයෙකු සෙව්වේය
සිංහල බෞද්ධ කොළඹ ආනන්දයේ ඉගෙන ගත් විරුවන්ගේ පුරවරය වූ බළපිටිය කොස්ගොඩින් බිහි වූ ඔහු ඔබ සොයා ආවේය

ඔබ උගතෙකු සෙව්වේය
ඔහු ඉන්දියාවේ ජවහල්ලාල්නේරු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධියත්
ඇමරිකාවේ අණ හා මාණ්ඩලික විශ්වවිද්‍යාලයේ ආරක්ෂක උපාධිධාරියෙකුද වන්නේය

ඔබ ඔබ අතරින්ම මතුවන මිනිසෙක් සෙව්වේය
දින 52 ක ව්‍යවස්ථා අර්බුදය කාලයේදීත් පාස්කු ප්‍රහාරයෙන් රටම බියෙන් ඇළළුණු මොහොතේදීත්
බලෙන් හෝ රට භාර ගන්නා ලෙස ඔබ ඔහුගෙන් ඉල්ලුවේය. ඔබේ මුහුණු පොතේ ඡායාරූපය ලෙස ඔබ
ඔහුගේ රුව යෙදුවේය. එහෙත් ඔහු නීතියට හිස නැමුවේය

දේශපාලකයෙකු වෙනුවට ඔබ දේශ සේවකයෙකු සෙව්වේය
යුද්ධ හමුදාවේ කමාන්ඩෝ පුහුණුව සහිත විශේෂ බලකායේ නායකයෙකු ලෙස කොටින් සමග මුහුණට මුහුණ
සටන් කොට රණවික්‍රම රණසූර විශිෂ්ට සේවා විභූෂණ උත්තම සේවා ඇතුළු පදක්කම් ලබා ඔහු ඔබේ සේවකයා විය

ඔබ නිර්පාක්ෂිකයෙකු සෙව්වේය
අවසානයේ ඔහු ඔබ හමුවට පැමිණියේය
ඔහු මහේෂ් සේනානායකය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන හමුදාපතිවරයාය
ඊළාම් යුද්ධ හතරේදීම උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විතවලට එක්වූ ඔහු යුද්ධය අවසන් කාලයේ යුදහමුදා සැලසුම් අධ්‍යක්ෂ ලෙස
කටයුතු කළේය.
පෙනෙන සතුරාට වඩා නොපෙනෙන සතුරා භයානකය බව දැන ගත් ඔහු පාස්කු ප්‍රහාරයේ නොපෙනෙන සතුරා සැණෙකින් සොයා
විනාශ කරන්නට අණදුන් නායකයා විය

ඔබ විකල්පයක් සෙව්වේය
මේ රට වසර 70 ක් පාලනය කළ පක්ෂ දේශපාලනය වෙනුවට උගත් බුද්ධිමත් පිරිසකගේ සහ තරුණයන්ගේ
මැදිහත්වීමෙන් බිහිවූ විකල්පයේ නායකයා බවට ඔහු දැන් පත්ව ඇත

දැන් තීරණය ඔබ සතුය
අප සියලු දෙනාටම එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දයක් සහ මනාප තුනක් හිමිය
දැන් තීරණය ඔබ සතුය
ඔබේ පළමු මනාපය රට වෙනුවෙන් අභීතව ලබා දීමට ඔබට දැන් පිරිසිදු නායකයකු සිටී
ඔබ කැමති නම් දෙවැනි මනාපය සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයෙන් පැමිණෙන සුදුස්සකුට භාවිත කරන්නට නිදහස ඇත

එහෙත් දැන් ඔහු පවතින නිල් කොළ රතු දම් සියලු සාම්ප්‍රදායික දේශපාලනයට අභියෝගයක්ව ඇත
එබැවින් ආසියාවේ කළු සිංහයා ලෙස වර්ණනා කළ ඔහුට විවිධ විවේචනවලට මුහුණ දීමටද සිදුව ඇත
ඇත්තටම ඔහු මේ අභියෝගය භාර නොගත්තානම් ඔහුට සුවසේ විශ්‍රාමිකව තානාපතිවරයකු හෝ වෙනත් රටක යුද උපදේශකයකු වැනි
තනතුරක් ගෙන අමතර ආදායමක්ද ලබා ගන්නට තිබිණ
එහෙත් ඔහු ඔබ වෙනුවෙන් පැමිණ සිටියි
ඔහු කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවෙයි. අනෙක් අතට එතුමාට විවිධ චෝදනා එල්ල වන්නේ ඡන්දය ඉල්ලන බව පැවසූ පසුය.

ඔහු පැමිණ සිටින්නේ සිංහල ඡන්ද කඩන්නටද ?
එයට පෙර අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ මෙරට සිංහල ඡන්ද වසර ගණනාවක සිට කඩා බෙදා වෙන් කළේ
ප්‍රධාන පක්ෂ කිහිපය නොවේද යන්නයි. එසේම සියලු දෙනාම එකතුව එතුමාට ඡන්දය දෙන්නේ නම් ඡන්ද බෙදී යාම නතර වන්නේය .

ඇත්තටම ඔහු මේ වේදිකාවට පැමිණීමට පෙර මේ මතවාදය තැනූ විකල්ප මතධාරීන් බොහෝය
ඒ සියලු විකල්ප ටිකෙන් ටික ඔහු වටා එක්වන බව සත්‍යයකි
ඒ අතර හිටපු විගණකාධිපතිතුමා ගාමිණි විජේසිංහ මහතා මේ රටේ දූෂණය නාස්තිය සහ වංචාව පවතින්නේ දේශපාලන ක්‍රමයේ වරද නිසා බව
පෙන්වා දෙමින් රට සදන්නට අවශ්‍ය සැලසුම ඉදිරිපත් කළේය
එසේම ප්‍රභාකරන්ගේ හිත කියවූ මිනිසා වන හිටපු බුද්ධි අංශ නියෝජ්‍ය ප්‍රධානියා වන ආචාර්ය අජිත් කොළොන්නේ මහතා
විකල්පය සොබාදහම මතුකරන බව දෙරණ රූපවාහිනිය ඔස්සේ න්‍යායාත්මකව ගණිතානුකූලව පෙන්වීය
අද යථාර්ථයක් වී ඇත්තේ මේ විද්වතුන්ගේ දැක්මයි

අවසානයේ ඔබ එක රටක් එක නීතියක් ඉල්ලා සිටියේය
මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කරන වැඩපිළිවෙළේ පදනම එක රටක් එක නීතියක් බව ඔහු රටටම ප්‍රකාශ කොට අවසන්ය

දැන් තීරණය ඔබ අතේය
මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි
නිර්පාක්ෂිකයෙකු වශයෙන් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ලෝකයේ බලවත් දේශයක් බවට
අපේ පුංචි රට පත් කරන්න පළමුව ඔබ වෙනස් වන්න
දෙවනුව ඔබේ සමීපතමයා වෙනස් කරන්න
අවසානයේදී අපිත් නොදැනීම ඒ වෙනස සිදු වනු ඇත

වෙනසක තාරුණ්‍යයේ හඩ
 

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නෑ කැපුවත් ගෝඨාභය.ගොටට බැරිනම් මොකෙක්ටවත් බෑ බෑම තමයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දවසින් දවස මේ කාලකණ්නින් ගේ වැඩ එලි කරන්න තොරතුරු ඉල්ලන සහ දෙන​ අයට ඉස්සෙල්ලාම කියන්නේ බොහොම ස්තූතියි..

    කලු සල්ලි සුදු කරන අලුත්ම ක්‍රමේ තමා විකල්ප ජනාදිපති අපේක්ශකකම​..

    NPM එකට සපෝට් එක දෙනවා කියලා මම නෙමෙයි කියන්නේ වින්‍යා ආරියරත්නමයි..තව මොන කතාද​?

    View attachment 76934
    https://www.sarvodaya.org/2019/09/29...odaya-movement

    එන් ජී ඕ බ්ලැක් මනි තමා මහේශ්ගේ නාගාගේ පල්ලේවත්තගේ කැම්පේන් එක කැරකෙන්නේ ඩෝනේශන් කිය කිය​..

    View attachment 76935
    https://www.npm.lk/wp-content/upload.../09/NPM-CF.pdf

    සර්වෝදයට සල්ලි දෙන්නේ එන් ජී ඕ සල්ලි..නැතුව ආරියරත්නගේ බූදලේ නෙමෙයි...2004 එන් ජී ඕ සල්ලි හොරා කෑවා කියලා මම නෙමෙයි නඩු දැම්මේ ඒ එන් ජී ඕ සංවිධානමයි..

    මේ තියෙන්නේ විනිසුරු වනසුන්දර යටතේ සර්වෝදයේ හොරකම් එලි වුනු එක ගැන ආටිකල් එක​...

    http://www.asiantribune.com/node/4594

    A. T. Ariyaratne who heads Sarvodaya, “the largest development NGO.” The chapters on Sarvodaya contain a mini saga of one of the biggest NGO frauds, part of which was exposed by a Presidential Commission of Inquiry by Justice Wanasundera.

    ඕකේ මේ තියෙන්නේ ඩච් එන් ජී ඕ එකෙන් දුන්න සුනාමි සල්ලි වලට ආරියරත්න වැඩේ දුන්න හැටි කතන්දරේ

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=147577


    මම කියන්නේ මන් දන්නවා මේකේ එෆ්බී පේජ් ඇඩ්මින්ලා ඉන්නවා කියලා පුලුවන් තරම් මේ කතාව හුවමාරු කරලා මුන්ගේ හෙලුව රටටම පෙන්නන්න නොමිනේශන් මුන්ට දෙන්නත් කලින්..මුන් ඔක්කෝම හොරුන්ගෙන් අපිව බේරනවා කියන නීල හොරු..




    :eek: :shocked: :baffled:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,781
    5,753
    113
    නාමයෝජනා බාරදීලා ඉන්න කියන්න.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෙයා යුද්ධය කාලෙ නම් එච්චර ලොකු දෙයක් කරේ නෑ කියල ෆීල්ඩ් මර්ශල් ෆොන්සේකා මැතිතුමා නම් කිව්වා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙයා යුද්ධය කාලෙ නම් එච්චර ලොකු දෙයක් කරේ නෑ කියල ෆීල්ඩ් මර්ශල් ෆොන්සේකා මැතිතුමා නම් කිව්වා

    ෆොන්සේකා කව්ද බ්න් 2010 බයියො පලු ඇරියෙ :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    225ක් පත් වන්නෙ මහමැතිවරණයෙන් මිස ජනාදිපතිවරනයෙන් නොවන හෙයින් ජනාදිපතිවරනයෙදි අත් හදාබැලිම් කර උපරිමයෙන් ම ප්‍රතිඵල භුක්තිවිද ඇති හෙයින්ද...නොදන්න දෙවියාට වඩා දන්න යකා හොදයි කියා ගොඨාබයට ම චන්දය දීමට තීරනය කර ඇත...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,211
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්තිමට ඌ පොලොවෙන් මතු වී අප හැමට ඇරියේය.

    හිටන්ට ලොකුවට වරදක් කියන්න බෑනෙ බන්. හිටන්ට අපි බනින විදිහට ඒකාලෙ මහින්දට බැන්නනම් හිටපු තැනක් හොයාගන්නත් නැතිවෙනව
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,211
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    225ක් පත් වන්නෙ මහමැතිවරණයෙන් මිස ජනාදිපතිවරනයෙන් නොවන හෙයින් ජනාදිපතිවරනයෙදි අත් හදාබැලිම් කර උපරිමයෙන් ම ප්‍රතිඵල භුක්තිවිද ඇති හෙයින්ද...නොදන්න දෙවියාට වඩා දන්න යකා හොදයි කියා ගොඨාබයට ම චන්දය දීමට තීරනය කර ඇත...

    ලාබාලම ගගනගාමියව බන්දල දෙන්න ඕනෙ මෙයාට :P
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    🔻අප්‍රේල් 08 ජාතික බුද්ධි ප්‍රධානිය මේ ගැන ආරක්ශක ලේකම් දැනුවත් කරනවා

    🔻අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා

    ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා
    :sorry::sorry: