අවිජ්ජා පච්චයා සංඛාරා

poosa2

Member
Aug 20, 2010
21
2
0
අවිජ්ජා පච්චයා සංඛාරා

අපේ එළකිරි එකේ සහෝදරයෝ හුගක් දෙනෙකුට වැදගත් වෙන යමක් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නයි අද ඉදලා මම උත්සහ ගන්නේ. . .

මේ කාරනාව ඔස්සේ ගොඩක් අය එළකිරි එකේ කතා කරනවා මම දැක්කා. ලොව්තුරා අමාමෑණී බුදු රජාණන් වහනසේ දේශනා කරලා තියෙනවා මෙහෙම දෙයක්.

" ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. . .
චත්ථාරෝ සතිපට්ඨානාතී. . . "

ඒ කියන්නනේ සකල ලෝක සත්වයාගේ සසර දුකින් ගැලවීමට ඇති එකම මාර්ගය සතර සතිපට්ඨානය බවයි. අපිට මේ ගැන ගැඔුරින් කතා කරන්න දැනගත යුතු දෙවල් කිහිපයක් තියෙනව‍ා.

1. සත්වය‍ා යනු කුමක් ද ?
2. ලෝකය යනු කුමක් ද ?
3. සසර දුක ඇයි ?

1.සත්තවයා යනු කුමක් ද ?
මේ ගැන මෙහෙම විස්තර කරන්නම්. ඔබ පෙරහැරක් දැක තිබේද ? එහි ගිනි බෝල කරකවන්නන් අත ඇති දේ මතක ද ? ගිනි බෝල දෙකක් හෝ කිහිපයක් එකට බැදි ලී දෙකක්. හොදින් කල්පනා කරන්න එය වේගයෙන් කරකවන විට රවුමක් පෙනෙනවා නේද ? නැවත කරකැවීම නතර වූ පසු ගිනි බෝල දෙක පමනක් ඉතිරි වෙනවා නේද ? එසේනම් මැද සැබෑවටම තිබුනේ රවුම ද ? ගිනි පන්දම් දෙක හෝ කිහිපයම ද ?
මදක් සිතන්න ඔබේ ශරීරය සෑදී ඇත්තේ කුමකින් ද ? කෙස්,ලොම්, දත්,නිය , සම් , මස් , නහර , ඇට ,ඇට මිදුළු,මොළ ලොද ආදී වර්ග 32 කින් නේද ? එසේ නම් ඔබට ඒවා ‍කොයින්ද ? මෙයට පිළිතුරැ දෙකක් ඒ ඒ අයගේ සිතීමේ හැකියාව අනුව ලැබේ. 1.දෙමාපියන්ගෙන් 2. අප ගන්නා ආහාර වලින්. පළමු පිළිතුර සිතුන අය මෙසේ සිතන්න. දෙමාපියන්ට මේවා ලැබුනේ කෙසේ ද ? එසේ දිගින් දිගට කොතරම් සිතුවත් පලක් නොවේ. අපේ ශරීරය සැදෙන්නේ ආහාර වලිනි.
"සබ්බේ සත්තා ආහාත්ථිඨිකා " යනුවෙන් සදහන් කර ඇත්තේ එබැවිනි. හොදයි මේ ආහාර නිෂ්පාදනය උනේ කෙසේ ද ? පස්, ජලය ,උෂ්ණත්වය, වාතය මගිනි. මාංශ ආහාර ද එසේමය මන් ද ආහාර දාම වල මුල ශාක වන හෙයිනි.හොදින් සිතන්න සතුන් මියගිය පසු ශරීරයට කුමක් සිදුවේ ද ? නැවත පස් සහ අනිත් කොටස් තුනම බවට පත්වේ. හොදින් කල්පනා කරන්න මුලත් පස් වතුර ගිනි(රස්නය) සුළං(වාතය) අගත් පස් වතුර ගිනි සුළං එසේනම් මැද දීත් එයම නොවේද ?

බුදුරජාණන් වහන්සේ " අන්ධ භූතෝ අයං ලොකේ " යනුවෙන් සදහන් කලේ පෘතජන මිනිසුන්ට මේ බව නොවැටහෙන හෙයිනි.


මෙහි දී සදහන් කළයුතු ඉතා වැදගත් දෙයක් ඇත එනම් මා මේ විස්තර කිරීමට මුල පුරන්නේ බුදු දහමේ අති ශූක්ෂම වූ ශුද්ධාෂ්ඨ්‍ක දර්ශනයයි එය දෙවියන් බඔුන් සහ කයක් ඇති සියල්ලන්ටම පොදු වූ විශ්ව ධර්මතාවයකි කොටින්ම දෙවියන් බඔුන් පවා ශුද්ධාෂ්ඨක ( පඨවි,ආපෝ,තේජෝ,වායෝ, වර්ණ, ගන්ධ, රස , ඕජා ) යන අටෙන් සෑදී ඇත. ඔබ දකින ඉර හද තරැ ඇතළු මුළු විශ්වය ද ශුද්ධාෂ්ඨකයෙන්ම සෑදී ඇත. ශුද්ධාෂ්ඨත වල ස්භාවය නම් රැප්පනය වීමයි (වෙනස්වීමයි) විශ්වය ගැන සෙවීමෙන් පලක් නැති බව බුදු රජාණන් වහන්සේ දේශනා කලේ පඨවි,ආපෝ,තේජෝ,වායෝ, වර්ණ, ගන්ධ, රස , ඕජා යන ශුද්ධාෂ්ඨක වලට වඩා දෙයක් ඔබට හමු නොවන හෙයිනි. . . .

මේ ගැන ඉදිරි ලිපි වලින් වඩා පැහැදිලිව විසතර කරන්නම් . . . .
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
පූසො නවත්වන්න එපා ඉස්සරහටම ලියන් යන්න. කාගේ වුනත් හොඳ අදහස්. ධර්මය දකින්න උත්සහ කරන අයට හොඳ උදව්වක් වෙයි. ඒ වගේම තමනුත් මේ දේවල් අත්දැකීමෙන් ම දැකලා තේරුම් ගන්නත් උත්සහ කරන්න. කල් ගන්න එපා හොඳ දේට. තව ලියන්න.