අවුකන අමදින භාවනායෝගීව දිවිගෙවන විදේශික ඉංජිනේරුවරයා..
දිනපතා මුළු විහාරස්ථානයම ශුද්ධ පවිත්‍ර කරමින් කාලය ගත කරයි.
ඔස්ට්‍රියාව සිට මෙරටට පැමිණ බුදු දහම පිළිබදව සිත් පහදාගෙන අවුකන රජමහා විහාරයේ නවාතැන් ගනිමින් අවුකන ශෛල්‍යමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු විහාර භූමිය ශුද්ධ පවිත්‍ර කරමින් භාවනායෝගීව දිවිගෙවන ඔස්ට්‍රියානු ජාතික කාර්මික ඉංජිනේරුවරයෙකු පිළිබදව අනුරාධපුර විජිතපුර අවුකන විහාරස්ථානයෙන් වාර්තා වේ.
1966 ජූලි 11 ඔස්ට්‍රියාටේ උපත ලැබූ ජොෂප් ප්ට්සර් සිය පවුලේ සාමාජිකයන් සමඟ 1988 දී (ඔහුට අවුරුදු 29 දී) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ ලංකාවේ ඇති ලෝක උරුමයන් ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගැනීමෙන් පසුව ගලින් නෙළන ලද සුවිශේෂී නිර්මාණයක් වූ අවුකන පිළිමවහන්සේ කෙරෙහි සිතේ දැඩි භක්තියක් ඇතිව තිබේ.
ඉන් පසු වරින්වර බිරිඳ හා දරුවන් සමඟ කීපවතාවක් මෙරට සංචාරයේ යෙදී ඇති ජෝෂප් මහතා ඒ සෑම අවස්ථාවකදීම අවුකන විහාරයට පැමිණ වැඳපුදා ගෙන විහාරස්ථාන නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගැනීම ජීවිතයේ අනිවාර්යය අංගයක් කරගෙන තිබෙන බව වාර්ථා විය.
බිරිය සමඟ පසුගිය 2016 වසරේ දෙසැම්බර් මස පැමිණ නැවත එරටට ගොස් ඉන් අනතුරුව 2017 අගෝස්තු මස ඔහු පමණක් ලංකාවට පැමිණ අවුකන රජමහ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ අවසර ඇතිව එහි නවාතැන් ගෙන දිනපතා මුළු විහාරස්ථානයම ශුද්ධ පවිත්‍ර කරමින් කාලය ගත කරයි.
පාන්දරින් අවදි වන ඉංජිනේරුවරයා දින චරියාවට අනුව අළුයම 06.00 සිට උදෑසන 10.00 දක්වාත් සවස 2.00 සිට රාත්‍රී කාලය දක්වාත් අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිටට වී භාවනා කිරීම පුරුද්දක් කරගෙන ඇත..
උපුටා ගැනීමකි ...