අවුරුදු කෑම ගෙදරම හදමු - කළු දොදොල්

  • Jul 4, 2009
    7,259
    462
    83
    අවුරුදු කෑම ගෙදරම හදමු - කළු දොදොල්

    09042015774.jpg


    දැන් ඉතින් අවුරුදු කාලෙත් ලඟ එනවනෙ. අවුරුදු කිව්වම අපි කාටත් මුලින්ම මතක් වෙන්නෙ කෑම නෙ. ඉතින් අද මම ඔයාලට කියල දෙන්නෙ කොහොමද කඩෙන් ගේන්නෙ නැතුව රසම රස කළු දොදොල් ගෙදරදිම හදා ගන්නෙ කියල.

    අවශ්‍ය ද්‍රව්‍ය


    වියලි පොල් ගෙඩි - 09 ( ගහෙන් වේලිලා වැටිච්ච පොල් නම් වඩාත් සුදුසුයි )

    හාල් හුණ්ඩු - 03 ( කැකුළු හාල් නම් වඩාත් සුදුසුයි. හාල් හුණ්ඩුවක් ග්‍රෑම් 250ක බරට සමානය )

    සීනි කිලෝ - 03 ( දුඹුරු සීනී වඩාත් සුදුසුයි )

    හකුරු - අත්‍යාවශ්‍ය නැත.

    පැනි - අත්‍යාවශ්‍ය නැත.

    කජු මද - ග්‍රෑම් 100ක් පමණ

    තල ඇට - ග්‍රෑම් 100ක් පමණ

    එනසාල් ඇට කිහිපයක්

    ලුණු මේස හැන්දක් පමණ

    කෙසෙල් කොලයක්

    තැටියක් - ( රබර් රොටි සෑදීමට ගන්න තැටියක් මේ සඳහා වඩාත් සුදුසුයි. කේක් තැටි විකුනන කඩ වල මේවා ඇත. )

    පත්තක්

    හයිය හත්තිය තියෙන පිරිමියෙක් :eek::eek::eek: - ( ගැහැණියක් උවද කම් නැත. දෙදෙනෙක් සිටීනම් වැඩේ තවත් පහසුය. දොදොලට දාන්න නෙමෙයි. දොදොල හැඳි ගාන්න. :rofl::rofl: )

    මූලික සූදානම් විම.

    පොල් ගෙඩි නමය හිරමනයේ ගා හොඳින් උකුවට සිටින සේ දෙවරක් කිරි ලබා ගන්න. ( මිටි කිරි ) පොල් මිරිකීමට පෙර බ්ලෙන්ඩරයේ දමා ගසා ගන්නේ නම් ඔබට කිරි උකුවට ලබා ගැනීම හා පොල් මිරිකීම පහසු වන අතර වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගැනීමටද හැක.

    හාල් හොඳින් පෙඟෙන්නට හැර කොටා දෙවරක් හලා ගන්න.

    කජු මද තරමක් කැබලි සිටින සේ කපා ගන්න.

    තල ඇට කබලේ බැද ගන්න. වැඩිය කර කරන්නෙපා.

    එනසාල් ඇට කිහිපය ගලේ තලා ගන්න.

    සාදා ගන්නා අයුරු.

    තාච්චියකට පොල් කිරි ටික දමා ගන්න. ( මේ සඳහා තරමක් ලොකු තාච්චියක් අවශ්‍ය බව මතක තබා ගන්න. ) එයට හාල් පිටි ටික ටික එකතු කර ගනිමින් පිටි කැටි නොසිටින සේ දිය කරගන්න. සීනිත් එයටම එකතු කර දිය වෙන්නට හරින්න. පැණි හෝ හකුරු ඇත්නම් ඒවාද එකතු කරන්න. ( පැණි හෝ හකුරු එකතු කිරීමේදී සීනි එකතු කරන ප්‍රමාණය අඩු කරන්න. ) ලුණුත් එයටම එකතු කරන්න.

    දැන් මිශ්‍රණය ලිප තබා හොඳින් හැඳි ගාන්න. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමක පවත්වා ගන්න. ගින්දර උවමනාවට වඩා සැර උවහොත් දොදොල් ඝන විය හැකි අතර ගින්දර මදි උවහොත් දොදොල් අමු වීමට පුළුවන.මුල් අවස්ථාවේදී මේ සඳහා පොල් කටු හැන්දක් භාවිතා කල හැකි අතර මිශ්‍රණය ඝන වීගෙන එන විට ඒ සඳහා පත්තක් භාවිතා කිරීමට සිදුවේ. මිශ්‍රනය ඝන වීමට පෙර රස බලා අවශ්‍ය තරමට සීනි එකතු කර ගන්න. මෙලෙස පැය තුනක පමණ කාලයක් මිශ්‍රණය හැඳි ගෑමට සිදුවේ. මේ කාලය අතර තුර දොදොලින් තෙල් මතුවන අතර වැඩිපුර තෙල් භාජනයකට ඉවත් කර ගන්න. ඒවා පසුව නිවසේ වෙනත් අවශ්‍යතාවයකට යොදා ගත හැක. ( ඔලුවෙ ගාන්නෙපා. කූබි කයි. :P:P ) දොදොලින් තෙල් විසිරෙන අවස්තාවේදී කලින් කපා ගත් කජු මද හා තල ඇට ස්වල්පයක් මිශ්‍රණයට එකතු කරන්න. ( ටිකක් ඉතිරි කර ගන්න උඩින් ඉහින්න. )

    දොදොල පදමට පැමිනි පසු තැටියට තෙල් කොලයක් දමා දොදොල එයට බා ගන්න. එයට උඩින් කපා ගත් කජු මද හා තල ඇට විසිරුවා කෙහෙල් කොලයෙන් තවමින් තැටිය පුරා ඒකාකාරීව විසිරෙන ලෙස සකස් කර ගන්න.දැන් දොදොල නිවෙන්නට හැර ගෙදරට එන අමුත්තන්ට ඔබේ නිවසේ සාදා ගත් දොදොල් වලින්ම සංග්‍රහ කරන්න. :rofl::rofl:

    09042015771.jpg

    මිශ්‍රණය තරමක් ඝන වූ පසු. ( ලිපේ තියල පැයකට විතර පස්සෙ )

    09042015772.jpg

    පත්ත කියන්නෙ මේකට ( දැකල නැති අය බලා ගන්න )


    පදම ලබා ගන්න අයුරු.

    දොදොල පදමට ලිපෙන් බා ගත්තෙ නැත්නම් එක්කො දෙදොල හයි වෙනවා. නැත්නම් අමු වෙනවා.ඒ නිසා දැන් කියල දෙන්නෙ පදම අල්ල ගන්නෙ කොහොමද කියල. මේ සඳහා ක්‍රම දෙකක් තියෙනවා.

    1). මිශ්‍රණය එකට ගුලියක් ලෙස පත්තට අර ගත හැක. ( මිශ්‍රණය ඝන වී ගෙන එන අවස්ථාවේ පටන්ම එකට ගුලියක් ලෙස පත්තට ගත හැකි උවත් දියාරු ගතියට තිබේ. පදම පැමිනි පසු එය ගුලියක් ලෙස පත්තට ගත හැක. මේ ආකාරයට පත්තට පදම බලා ගැනීමට ඔබට පෙර අත්දැකීම් උවමනා වේ. :shocked::shocked:)

    2). දොදොල් මිශ්‍රණයෙන් ස්වල්පයක් හැන්දකට ගෙන පොඩි ගුලියක් හදා ගන්න. ගුලි ගැසීමේදී එය අතේ ඇලීමකින් තොරවම ගුලි ගැසේනම් ( මිශ්‍රනය තෙල් නිසා ඕනම ඝන අවස්ථාවකදී උවද අතේ නොඇලෙන ලෙස ගුලි කර හැකි උවද ආරම්භක අවස්ථා වලදී එය අතේ ඇලේ. නමුත් පදම පැමිනි පසු එසේ නොවේ. ) හා එය කටේ දමා රස බලන්න. එවිට දොදොලේ ඝන බව ඔබට අවශ්‍ය ආකාරයට ඇත්නම් මිශ්‍රණය ලිපෙන් බා ගන්න. ( මේ ක්‍රමය වඩාත් සාර්ථකයි ) ;);)

    09042015774.jpg

    සාදා ගත් කළු දොදොල. :P :P


    සැයු.

    වැඩේ දෙල් උනොත් ( ඒ කියන්නෙ දොදොල හයි උනොත් :dull::dull: ) වීසි කරන්නෙපා. ගල් මස්කට් කියල හිතාගෙන කන්න පුළුවන්. :lol::lol: :baffled::baffled:

    දොදොල් හැඳි ගෑමේදී ප්‍රවේසම් වන්න. දොදොලේ තෙල් හා දොදොල් මිශ්‍රණයේ කෑලි ඇඟට විසි වීමට පුලුවන. ( දොදොල් මිශ්‍රනයෙ කෑලි ඇඟට වැටුන කියන්නෙ ලෝදිය වැටුන වගේ තමයි. :sorry::sorry:)

    පදමට ආපු වෙලාවේ පින්තූරයක් දාන්න බැරි වෙච්ච එකට සමා වෙන්න. :( :( මොකද අද දොදොල් මම තනියෙන් හැඳි ගෑවෙ. :oo::oo:

    මේ මිශ්‍රණ අනුපාතයන්ට ඔබට කිලෝ හයකට වැඩි දොදොල් ප්‍රමාණයක් ලැබෙන අතර :eek::eek: අවශ්‍ය අනුපාතයන්ට යොදන මූලික ද්‍රව්‍ය වෙනස් කිරීමෙන් ඔබට අවශ්‍ය ප්‍රමානයේ දොදොලක් සාදා ගත හැක.

    අවවාදයයි.

    පුරුදු වෙන්න හදන අය පිටි හුණ්ඩුවක ප්‍රමානය හෝ ඊට අඩු ප්‍රමානයක් හා අනෙකුත් දෑ නිසි අනුපාතයට යොදා ගනිමින් පොඩි දොදොලක් සාදා ගන්න. ( නැත්නම් අපරාදේ. :P:P )

    අධික සීනි පරිභෝජනය දියවැඩියාවට අත වනයි. :oo::oo:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    fatta machan mamath dananwa hadana vidiya lankawe innakota api kollo kastiya ekathu welaa hadanawaa
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සුදු මහත්තයා;12475770 said:
    aniwa machan. hadala balanna. kade ewa wage nemei. :yes::yes:
    mama ahala thiyanawa wadiyen hadi gana tharamata rasayi kiyala thama idea eka damme na gedarata heta diha daala balanna one hadanna haduwoth noka idiyi kattiya :)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    mama ahala thiyanawa wadiyen hadi gana tharamata rasayi kiyala thama idea eka damme na gedarata heta diha daala balanna one hadanna haduwoth noka idiyi kattiya :)

    ow machan. lipe tiyapu wele idala hadi ganna ona. :yes::yes: nathnam piti kati gahenawa. dodola kara wenawa. wade del wenawa. haduwoth apitath kiyannako balanna. :cool::cool: