අවුරුදු දෙදහස් පන්සීයක් වයසයි
අවුරුදු දෙදහස් පන්සීයක් දැන්
වයසයි මට මගෙ දූ පුතුනේ....
ලේ කිරි දුන් උන් ලේත් උරා බී
ලේ කළඳක්වත් නෑ දෙතනේ.....
දරුවොත් වැදුවා.. දරුවොත් හැදුවා..
උන් වැඩි හරියක් සොර දෙටුවන්
දරුවන් වුව උන් පරයන් මැරයන්
මගෙ දේ කා මට වින කැටුවෝ...
උනුන් කොටවලා උගුල් අටවලා..
රජවෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන්
ගැන බැලුවේ නෑ කවදාවත්
තමන් හැදෙනු මිස නන්ගිලා මල්ලිලා
හදන්න ඕනෑ කමක් නැතී.
ගේ දොර කණ කර උගසට තියලා
වළඳත් විකුනාගෙන බුදිතී.......
අවුරුදු දෙදහස් පන්සීයක් දැන්
වයසයි මට මගෙ දූ පුතුනේ.......
උතුරේ දරුවන් මියැදී ඉවරයි..
දකුනේ දරුවොත් මිය ඇදෙතී..
මගේම මහ උන් මගෙ නම විකුනා
කොටවා මගෙ දරුවන් මරතී...
අවුරුදු පන්දහසක් තව ඉන්නට....
පරමායුෂ මට ඇති බැවිනි....
මගේ පොඩි පැටවුනි...
තෙපිවත් මේ සොර..
මුලුවෙන් මා..
ගලවනු...
මැනවි.......
අවුරුදු දෙදහස් පන්සීයක් දැන්
වයසයි මට මගෙ දූ පුතුනේ....
ලේ කිරි දුන් උන් ලේත් උරා බී
ලේ කළඳක්වත් නෑ දෙතනේ.....
දරුවොත් වැදුවා.. දරුවොත් හැදුවා..
උන් වැඩි හරියක් සොර දෙටුවන්
දරුවන් වුව උන් පරයන් මැරයන්
මගෙ දේ කා මට වින කැටුවෝ...
උනුන් කොටවලා උගුල් අටවලා..
රජවෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන්
ගැන බැලුවේ නෑ කවදාවත්
තමන් හැදෙනු මිස නන්ගිලා මල්ලිලා
හදන්න ඕනෑ කමක් නැතී.
ගේ දොර කණ කර උගසට තියලා
වළඳත් විකුනාගෙන බුදිතී.......
අවුරුදු දෙදහස් පන්සීයක් දැන්
වයසයි මට මගෙ දූ පුතුනේ.......
උතුරේ දරුවන් මියැදී ඉවරයි..
දකුනේ දරුවොත් මිය ඇදෙතී..
මගේම මහ උන් මගෙ නම විකුනා
කොටවා මගෙ දරුවන් මරතී...
අවුරුදු පන්දහසක් තව ඉන්නට....
පරමායුෂ මට ඇති බැවිනි....
මගේ පොඩි පැටවුනි...
තෙපිවත් මේ සොර..
මුලුවෙන් මා..
ගලවනු...
මැනවි.......


