අවුරුදු පලාපල..

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අවුරුදු පලාපල..

    G0V6BAn.jpg

    ඔන්න ඉස්සෙල්ලම කියන්න තියන්නේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලයි. කිව්වත් වගේ මෙදා අවුරුද්ද ලබන වෙලාවේ ලග්න නවාන්ෂක දෙකේම ග්‍රහ බලය නම් බොහොම හොඳ මට්ටමෙන් තියනවා පහුගිය අවුරුදු එක්ක සංසන්දනාත්මකව බැලුවොත් මේ අවුරුද්ද සමස්තයක් වශයෙන් ගොඩක් හොඳ බව පේනවා.. එක අතකට පහුගිය අවුරුදු කීපයේම අවුරුද්ද හොඳ නැ හොඳ නැ කියලා ලියලා මේ අවුරුද්දේ මෙහෙම ලියන්න ලැබෙන එක අපිටත් අස්වැසිල්ලක්.

    මෙවර අලුත් අවුරුද්ද උදා වෙනකොට තත්කාලයෙන් කටක රාශිය උදාවෙන නිසා පළමු මාස තුන ඇතුලතම මේ පලාපල බොහොමයක් ඉටුවෙන බවයි පෙන්න තියන්නේ. ඒ අතරින් සන්නිවේදනය හා අන්තර්ජාල වැනි කටයුතු වල ලොකු දියුණුවක් පෙන්නනවා. (දැන් ඉතින් කට්ටිය කියයි wifi නොමිලේ දෙන නිසා කියලා) අපේ රටේ ඉන්න කම්පියුටර් ප්‍රෝග්‍රෑමස්ලාත් තමන්ගේ දක්ෂකම් පෙන්නන කාලයක්. හැකර්ස්ලත් එහෙමයි.

    කෘෂිකර්මය දියුණු වෙන කාලයක්. ඔන්න අප්සට් ගහලා තිබ්බ සෘතු බේදය ටික ටික යතාතත්වයට ඇවිත් කලට වැසි වහින්න ගන්නවා ඉස්සරහට. ඒ වගේම වස විස නැති වගාවට මිනිස්සු යොමු වෙන්න ගන්නවා වැඩි වැඩියෙන්. ඒ වුනාට වගා ඉඩම් සම්භන්ධව නම් ගැටළු තියෙන්න පුළුවන්. කොහොම නමුත් කලාකාරයෝ නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන කාලයක්. කලාකරුවන්ට ටිකක් අපලයි. ඒ වගේමයි කාන්තාවන් ගේ මඳසරු භාවය වෙනදට වඩා වැඩි කාලයක් වෙනවා.

    ජනතාවගේ සෞක්‍ය මේ ජුනියෙන් පස්සේ ටිකක් හොඳ අතට හැරෙනනමුත් හදිස්සි අනතුරු වලින් නම් අඩුවක් නැ. නාවුක හා යුද්ධ හමුදාවට එතරම් යහපත් කාලයක් නෙමෙයි. විදෙස් රටවල් එක්ක තියන සම්භන්ධකම් බොහොම හොඳ මට්ටමෙන් පවතින අතර ජාත්‍යන්තර ව්‍යාපාර වලටත් යහපත්.

    රාජ්‍ය මන්ත්‍රණ සභාව එහෙම නැත්තන් පාර්ලිමේන්තුව ගැන කියවෙන අටවැන්න තත්කාල කෙන්ද්‍රයේත් ලග්න කෙන්ද්‍රයෙත් දුර්වල වීම පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඒ තරම් හොඳ කාලයක් නෙමෙයි. බොහෝ කුමන්ත්‍රණ සිදුවෙන කාලයක්. කොහොම නමුත් නීතියේ ආධිපත්‍ය වැඩි දියුණු වෙන කාලයක්. රටේ නමක් තියන් ඉන්න තදයෝ කිහිප දෙනෙක්ට උසාවිය හරහා දඬුවම් ලැබෙනවා. මිනිස්සු ආගමික දේ කෙරෙහිත් වැඩියෙන් යොමු වෙනවා මේ කාලයේ. ජ්‍යෝතිෂ වේදීන්ට යහපත්.

    කෙසේ නමුත් රටේ පාලකයාට මේ වසර මුල මාස කිහිපය යහපත්. ගුරු මාරුවත් සමග තරමක් සතුරු කරදර නිසා පීඩනය ඇති කරන්න පුළුවන්. (මෛත්‍රීපාල මහතාගේ කේන්ද්‍රය මතකනම් ඒ කේන්ද්‍රයේ තිබෙන හර්ෂා යෝගය ගැනත් මතක ඇතිනේ) ගුරු මාරුව වෙනකන් ඒ යෝගය තියන්නේ උපරිම බලයෙන්.

    අට වැන්න වගේම එකොලොස් වැන්නත් මන්ත්‍රණ සභාව ගැන කියවෙනවා වගේම එයින් වැඩි පුරාම කියවෙන්නේ නීති සම්පාදනය ගැන. ඉතින් මේ අවුරුද්දේ ජනතාවට හිතකර නීති සම්පාදනයට හේතු වන අතර ස්ත්‍රීන සම්භන්ධ නීති රීති සම්මත වීමටත් ඉඩ තියනවා.
    රට තුල රහස් සතුරන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය වන අතර පෙර සඳහන් කල පරිදි ප්‍රසිද්ධ පුගලයන් බන්ධනාගාර ගතවීමට ඉඩ තියනවා. අපරාධ ක්‍රියාද යම් මට්ටමකින් අවම වන බවයි පෙනෙන්නට තියෙන්නේ..

    ඉතින් එහෙනම් ඒ ඒ ලග්නවලට කොහොමද කියලා හෙට කියන්නම්..

    ජ්‍යෝතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
    වෛදික ජ්‍යොතිෂවේදී
    ධනුෂ්ක අබේරත්න.
    0755004166
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මචන් උඹ ඔය කියන ඒවා ජෝතිෂයෙන් කියපු ඒවා නෙවෙයි.රටේ සිදුවෙන දේවල් අනුව නිගමනය කරපු ඒවා.
     
    • Like
    Reactions: markhaloce

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් උඹ ඔය කියන ඒවා ජෝතිෂයෙන් කියපු ඒවා නෙවෙයි.රටේ සිදුවෙන දේවල් අනුව නිගමනය කරපු ඒවා.
    bump
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;18190373 said:
    G0V6BAn.jpg

    ඔන්න ඉස්සෙල්ලම කියන්න තියන්නේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලයි. කිව්වත් වගේ මෙදා අවුරුද්ද ලබන වෙලාවේ ලග්න නවාන්ෂක දෙකේම ග්‍රහ බලය නම් බොහොම හොඳ මට්ටමෙන් තියනවා පහුගිය අවුරුදු එක්ක සංසන්දනාත්මකව බැලුවොත් මේ අවුරුද්ද සමස්තයක් වශයෙන් ගොඩක් හොඳ බව පේනවා.. එක අතකට පහුගිය අවුරුදු කීපයේම අවුරුද්ද හොඳ නැ හොඳ නැ කියලා ලියලා මේ අවුරුද්දේ මෙහෙම ලියන්න ලැබෙන එක අපිටත් අස්වැසිල්ලක්.

    මෙවර අලුත් අවුරුද්ද උදා වෙනකොට තත්කාලයෙන් කටක රාශිය උදාවෙන නිසා පළමු මාස තුන ඇතුලතම මේ පලාපල බොහොමයක් ඉටුවෙන බවයි පෙන්න තියන්නේ. ඒ අතරින් සන්නිවේදනය හා අන්තර්ජාල වැනි කටයුතු වල ලොකු දියුණුවක් පෙන්නනවා. (දැන් ඉතින් කට්ටිය කියයි wifi නොමිලේ දෙන නිසා කියලා) අපේ රටේ ඉන්න කම්පියුටර් ප්‍රෝග්‍රෑමස්ලාත් තමන්ගේ දක්ෂකම් පෙන්නන කාලයක්. හැකර්ස්ලත් එහෙමයි.

    කෘෂිකර්මය දියුණු වෙන කාලයක්. ඔන්න අප්සට් ගහලා තිබ්බ සෘතු බේදය ටික ටික යතාතත්වයට ඇවිත් කලට වැසි වහින්න ගන්නවා ඉස්සරහට. ඒ වගේම වස විස නැති වගාවට මිනිස්සු යොමු වෙන්න ගන්නවා වැඩි වැඩියෙන්. ඒ වුනාට වගා ඉඩම් සම්භන්ධව නම් ගැටළු තියෙන්න පුළුවන්. කොහොම නමුත් කලාකාරයෝ නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන කාලයක්. කලාකරුවන්ට ටිකක් අපලයි. ඒ වගේමයි කාන්තාවන් ගේ මඳසරු භාවය වෙනදට වඩා වැඩි කාලයක් වෙනවා.

    ජනතාවගේ සෞක්‍ය මේ ජුනියෙන් පස්සේ ටිකක් හොඳ අතට හැරෙනනමුත් හදිස්සි අනතුරු වලින් නම් අඩුවක් නැ. නාවුක හා යුද්ධ හමුදාවට එතරම් යහපත් කාලයක් නෙමෙයි. විදෙස් රටවල් එක්ක තියන සම්භන්ධකම් බොහොම හොඳ මට්ටමෙන් පවතින අතර ජාත්‍යන්තර ව්‍යාපාර වලටත් යහපත්.

    රාජ්‍ය මන්ත්‍රණ සභාව එහෙම නැත්තන් පාර්ලිමේන්තුව ගැන කියවෙන අටවැන්න තත්කාල කෙන්ද්‍රයේත් ලග්න කෙන්ද්‍රයෙත් දුර්වල වීම පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඒ තරම් හොඳ කාලයක් නෙමෙයි. බොහෝ කුමන්ත්‍රණ සිදුවෙන කාලයක්. කොහොම නමුත් නීතියේ ආධිපත්‍ය වැඩි දියුණු වෙන කාලයක්. රටේ නමක් තියන් ඉන්න තදයෝ කිහිප දෙනෙක්ට උසාවිය හරහා දඬුවම් ලැබෙනවා. මිනිස්සු ආගමික දේ කෙරෙහිත් වැඩියෙන් යොමු වෙනවා මේ කාලයේ. ජ්‍යෝතිෂ වේදීන්ට යහපත්.

    කෙසේ නමුත් රටේ පාලකයාට මේ වසර මුල මාස කිහිපය යහපත්. ගුරු මාරුවත් සමග තරමක් සතුරු කරදර නිසා පීඩනය ඇති කරන්න පුළුවන්. (මෛත්‍රීපාල මහතාගේ කේන්ද්‍රය මතකනම් ඒ කේන්ද්‍රයේ තිබෙන හර්ෂා යෝගය ගැනත් මතක ඇතිනේ) ගුරු මාරුව වෙනකන් ඒ යෝගය තියන්නේ උපරිම බලයෙන්.

    අට වැන්න වගේම එකොලොස් වැන්නත් මන්ත්‍රණ සභාව ගැන කියවෙනවා වගේම එයින් වැඩි පුරාම කියවෙන්නේ නීති සම්පාදනය ගැන. ඉතින් මේ අවුරුද්දේ ජනතාවට හිතකර නීති සම්පාදනයට හේතු වන අතර ස්ත්‍රීන සම්භන්ධ නීති රීති සම්මත වීමටත් ඉඩ තියනවා.
    රට තුල රහස් සතුරන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය වන අතර පෙර සඳහන් කල පරිදි ප්‍රසිද්ධ පුගලයන් බන්ධනාගාර ගතවීමට ඉඩ තියනවා. අපරාධ ක්‍රියාද යම් මට්ටමකින් අවම වන බවයි පෙනෙන්නට තියෙන්නේ..

    ඉතින් එහෙනම් ඒ ඒ ලග්නවලට කොහොමද කියලා හෙට කියන්නම්..

    ජ්‍යෝතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
    වෛදික ජ්‍යොතිෂවේදී
    ධනුෂ්ක අබේරත්න.
    0755004166

    Thanks macho.. Lankaven pita inna Makara Lagna Himiyanta kohomada ?