අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න අාණ්ඩුවෙන් තීරණයක්..🔴🔥😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්

    වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

    ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවය.

    වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව තිබේ.

    ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළාය.

    ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

    මේ වන විටත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණි.

    මේ අතර 2025 වර්ෂය තුළ පමණක් ළමුන් හා සම්බන්ධ පැමිණිලි 10,455ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 8,514ක් සහ එම විෂය පථයට සෘජුව අදාළ නොවන පැමිණිලි 1,941ක් ඒ අතර වන බව සඳහන්ය.

    පසුගිය වසරේ ලැබුණු පැමිණිලි අතරින් ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 545ක් ලැබී ඇති අතර බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ පැමිණිලි 231ක් ලැබී තිබේ.

    2025 වර්ෂයේදී යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් සිදුව ඇති අතර ගබ්සා කිරීම් 03ක් සිදුව ඇති බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

    ළමා විවාහ 9ක් සිදුව ඇති අතර ස්ත්‍රී දුෂණ 38ක් පසුගිය වසර තුළ සිදුව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

    ළමුන්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 150ක් ලැබී ඇති අතර සියදිවි නසාගැනීමට තැත්කිරීම සම්බන්ධ පැමිණිලි 20ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

    ඊට අමතරව උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර අවුරුදු 5ට අඩු දරුවන් හැරදමා විදෙස් ගත වීම සම්බන්ධ පැමිණිලි 9ක් ද පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    ලමයි ඔන්ලයින් එන්නෙ දෙමව්පියන්ගෙ ෆෝන් වලින්(tiktok ect)... ඒ වුනාට නීතියෙන් තහනම් කෙරුවොත් දෙමව්පියන්ට ලමයි බය කරන්න පුලුහන් පොලිසියෙන් අල්ලන් යයි කියලා :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    කරන එක හොඳයි පුලුවන් උනාම.

    හැබැයි ප්‍රායෝගිකව ලංකාවට තව ගොඩක් කල් යනවා ඔහොම දෙයක් සාර්ථකව කරන්න. දැනට නං බෑ.

    ඩිජිටල් වෙන්න ඕන ගොඩක් දේවල්.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    ලමයි ඔන්ලයින් එන්නෙ දෙමව්පියන්ගෙ ෆෝන් වලින්(tiktok ect)... ඒ වුනාට නීතියෙන් තහනම් කෙරුවොත් දෙමව්පියන්ට ලමයි බය කරන්න පුලුහන් පොලිසියෙන් අල්ලන් යයි කියලා :P
    හොඳ නරක කියලා දෙන්න. කවදාවත් කිසිදේකට බය කරන්න එපා. ඒක කවදා හරි ළමයට නරකට හිටී.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ලමයි ඔන්ලයින් එන්නෙ දෙමව්පියන්ගෙ ෆෝන් වලින්(tiktok ect)... ඒ වුනාට නීතියෙන් තහනම් කෙරුවොත් දෙමව්පියන්ට ලමයි බය කරන්න පුලුහන් පොලිසියෙන් අල්ලන් යයි කියලා :P
    කියල බලහන්කො. කෝ, ඇයි එහෙම කරන්නේ. අපිටත් එහෙම කරාද, එහෙම අල්ලගත්ත අනික් අය කොහෙද ඉන්නේ, එයාලව ආයේ ඒවඑන්නේ කවද්ද? එයාලගේ අම්මලා දැන් මොකද කරන්නේ. ඔන්න අහන ප්‍රශ්න.
     
    • Wow
    Reactions: jamiezue

    Similar threads