‘සයිනොෆාම්’ චීන එන්නත මෙරට නිෂ්පාදනයට අනුමැතිය ලැබේ…
May 19, 2021 at 10:40 am | lanka C news
කොරෝනා මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාම්’ එන්නත ශ්රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේ දී මෙම අනුමැතිය ලබා දී ඇත.
දැනටමත් එම එන්නත් නිෂ්පාදනය කිරීමට චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙරට නිෂ්පාදනය කරන එම එන්නත් රාජ්ය ඖෂධ සංස්ථාව විසින් වසර පහක කාලයක් මිලට ගැනීමට ද යෝජනා කර තිබේ.
එන්නත් නිෂ්පාදනය සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව ඇත.
