අවුරුදු 70 පසු ලංකාව
ලංකාවේ අසාර්ථකභාවයට බොහෝ දෙනකු දොස් කියන්නේ සුද්දන්ගෙන් නිදහස ලැබී අවුරුදු 70කට ආසන්න කාලයක් ගෙවී ඇතත් රටේ අසාර්ථකභාවයට නිදහසින් පසු බලයට පැමිණි අපේ නායකයන්ට දොස් කියන්නට අපි කැමති නැත.
සුද්දා ලංකාවට නිදහස දී ලංකාව අතහැර යන අවස්ථාව වනවිට ලංකාව ආසියානු රටවල් අතර බැබලෙන තත්ත්වයක් හිමිකරගෙන තිබුණි. ඒක පුද්ගල ආදායමේදී ලංකාව දෙවැනි වූයේ ජපානයට පමණය. එහිදීද රටවල් දෙක අතර තිබුණු පරතරය විශාල නොවීය. අධ්‍යාපනය හා සෞඛ්‍යයට අදාළ දර්ශකවලදීද ලංකාව ආසියානු රටවල් අතර සිටියේ කැපී පෙනෙන තැනකය. ලංකාවට ලැබී තිබුණු අධිකරණ ක්‍රමය කොතරම් ස්වාධීන වීද කියතොත් රටේ ආණ්ඩුකාරයාට එරෙහිවත් තීන්දු දුන් අවස්ථා තිබුණි. ඉතාමත් කාර්යක්ෂම නිලධරතන්ත්‍රයක්ද එකල ලංකාවට තිබුණි. රටේ යටිතල පහසුකම්ද අන් ආසියානු රටවල් සමඟ සසඳන විට දියුණු තත්ත්වයක තිබුණි. එකල කාර්පට් පාරවල් නොතිබුණද රට පුරා විහිදුණු දියුණු මාර්ග පද්ධතියක් ලංකාවට තිබුණි. සැතපුම් 1000ක් දිග රේල් පාරවල් තිබුණු අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රජයේ සමස්ත ආදායමෙන් සියයට 30ක් තරම් විශාල විය.
නිදහස ලැබී අවුරුදු හැත්තෑවකට පසුව ඒක පුද්ගල ආදායමේදී අප ඉන්නේ පළමු පෙළේ නොව එදා අපට වඩා පහළින් සිටි බොහෝ රටවලටත් වඩා පහළ තත්ත්වයකය. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 10200කි. සිංගප්පූරුවේ 85000කි. හොංකොං 42295කි. ජපානයේ 38000කි. දකුණු කොරියාව 36600කි. මැලේසියාව 26000කි. තායිවානයේ 22044කි.
අවසාන විග්‍රහයේදී නිදහස ලැබී අවුරුදු 70කට පසුව රට පාලනය කළ අපේ පාලකයන් අපට උරුම කරදී තිබෙන්නේ ණය බරින් පිරුණු අබල දුබල ආර්ථිකයකි. ළමුන්ට ගිරවුන්ට මෙන් කට පාඩම් කිරීමට හුරු කරන යල්පැනගිය අධ්‍යාපන ක්‍රමයකිග රෝගීන් ගසා කන හා හිංසාවට පත්කරන අකාර්යක්ෂම හා දූෂිත සෞඛ්‍ය ක්‍රමයකිග දූෂණය හා අකාර්යක්ෂමතාව රජ කරන රාජ්‍ය ආයතන ක්‍රමයකිග මාංශ භක්ෂක රාජ්‍යයක් සමඟ කාපට් පාරවල් සහිත ලොකු සොහොන් පිට්ටනියක් බඳු දේශයකි