අශ්වමේධ-යාගය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අතීත රජවරුන් පැවැත්වූ අශ්වමේධ යාගය.


    bgx8rO1Scks6sHhg_Cover-.jpg




    ජිවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා ශාන්තිකර්ම කිරීමට මිනිසුන් පෙළඹී සිටින්නේ අද ඊයේ සිට නොවෙයි. ශාන්තිකර්මවල ආරම්භය කවදා කොහේ සිදු වූයේ ද කියා නිශ්චිතව කිව නොහැකි වුණත් එහි ඉතිහාසය දිගු බව විද්වතුන්ගේ අදහස යි. රෝග පීඩා ආදියෙන් ජීවිතයට කරදර ඇති වීමත්, ජනතාවගේ සුබසිද්ධියට බාධා එල්ලවීමත් සමග ශාන්තිකර්මයන්ගේ ආරම්භය සිදු වන්නට ඇතැයි අනුමාන කළ හැකියි.


    ZiFxExiLezneiJrU_1.jpg



    ශාන්තිකර්ම හා යාග ක්‍රම

    ජීවන ක්‍රමය තරගයක් නැති මධ්‍යස්ථ තත්ත්වයෙන් තිබූ කෘත යුගය අවසානයේ, එනම් ඓතරීය බ්‍රාහ්මණයෙහි දැක්වෙන අන්දමට මීට වර්ෂ විසි ලක්ෂ හැට පන්දහසකට පෙර, මිනිසා ශෝක රෝග ආදියෙන්, පාප කර්ම වලින් තොරව යහපත් ජීවිත ගත කළ අවධියේ ශාන්තිකර්ම නොවී ය. කෘත යුගය අවසානයේ මිනිසුන්ගේ ජීවන රටාව වෙනස්වී රෝග පීඩාදියෙන් පෙළීමේ තත්ත්වය වර්ධනය වීම සමගම, ඉන් මිදීමට ශාන්තිකර්මයන්හි අවශ්‍යතාවයක් මිනිසුන්ට ඇති විය. ජාතක කතා වල ද යාග හෝම, ශාන්තිකර්ම ගැන සඳහන් හෙයින් ද ශාන්තිකර්ම ආරම්භය නිශ්චය කළ නොහැකි බව විද්වතුන්ගේ මතය යි.

    මනෝරථ පුරාණයෙහි සතර සංග්‍රහ විධි වෙනුවට පසු කලෙක අශ්වමේධ, පුරිස මේධ, ගෝමේධ ඇතුළු සංග්‍රහ ක්‍රම 5ක් ඇති කළ බව සඳහන් වේ. අශ්වමේධ යනු අශ්ව බිලි පූජාව යි. ගෝමේධ යනු එළු බිලි පූජාව යි. චතුර් වේද අතුරෙන් අර්ථවේදය ලෝකයාගේ සුබසිද්ධියට අහිතකර දේ සීමා කිරීමේ පිළිවෙලක් සඳහන් කරයි. රෝග, පීඩා, විවිධ ව්‍යසන මෙන්ම බාහිර උපද්‍රවයන් ගෙන් ඇතිවන බාධක ද වළක්වාගැනීමට මන්ත්‍ර, සහ ඒවා යෙදිය යුතු ක්‍රම පිළිබද උපදෙස් ඉහත වේදයෙහි සඳහන් ය. එම වේද ක්‍රම මගින් රාක්ෂ, පිශාච, යක්ෂ ආදී භූතයන්ට පුද සත්කාර කිරීමෙන් ඔවුන්ගෙන් ඇතිවන උවදුරු වළක්වා ගැනීම මෙන්ම තම අදහස ඉෂ්ට කර ගැනීම, ආයුෂ දිගු කර ගැනීම, දරුණු රෝග නිවාරණය කර ගැනීම, සෞභාග්‍යය උදාකර ගැනීම, බලයට පැමිණීම, සතුරන් නැසීම සඳහා උපායමාර්ග ඇති කරගැනීමට හැකි බව ද සඳහන් කෙරේ. මෙයින් රාජ්‍යය සෞභාග්‍යය උදා කරලීමට පවත්වන යාග කර්ම අතුරෙන් අශ්වමේධය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව සඳහන්ය.



    අශ්වමේධ යාගය

    රජ පෙළපත සදාකාලිකව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු, පාලකයාගේ බලාපොරොත්තු ඉටුකරගැනීම, සම්පත් වලින් අනූන වීම, සතුරු පාලකයන් පරාජයට පත්කිරීම, ආරක්ෂක සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාම අශ්වමේධ යාගයේ ගුණ වශයෙන් පෙන්වා දී ඇත. අශ්වමේධ යාග සියයක් පැවැත්වූ රජකුට ඉන්ද්‍රයා පරදවා සක්වල ආධිපත්‍යය තමන් අතට ගත හැකි බවට ද විශ්වාසයක් විය. මේ නිසා බලයට ආශා කරන රජවරු අශ්වමේධ යාගය කැමැත්තෙන් සිදුකළහ.

    wSd1DCmpFuGr4XwA_2.jpg


    අශ්වමේධ යාගය පැවැත්වීම සඳහා වසරක පමණ කාලයක් අවශ්‍ය කෙරුණේ ප්‍රථමයෙන් මේ සඳහා සුදුසු ලක්ෂණවලින් යුතු අශ්වයකු සොයා ගැනීම සඳහා ය. තෝරාගන්නා එම අශ්වයා යාග භූමිය මධ්‍යයට ගෙනවිත් රඳවාගෙන යාගයේ ආරම්භක කටයුතු කළ යුතු ය. ඉන් අනතුරුව තවත් අසුන් සියයක් සමග යාගයට තෝරාගත් අශ්වයා මුදා හැරේ. අසුගේ ආරක්ෂාවට සන්නාහ සන්නද්ධ තරුණයන් හාරසියයක් යොදවයි. එසේ සන්නද්ධ පිරිසක් යොදවනු ලබන්නේ වෙනත් රටක රජෙක් මෙයට විරෝධයක්, අවහිරයක් කළොත් ඊට එරෙහිව යුද්ධ කිරීමට යි. යුද්ධයෙන් අශ්වමේධයට එරෙහි වූ රජු පරාජය කොට, එම රට තම අයිතිය ගනු ලැබේ. මේ ආකාරයෙන් අවුරුද්දක් ගත වූ පසු අශ්වයා නැවත යාග භූමියට ගෙන්වාගනු ලබයි.

    යාග භූමියට ගෙන එන අශ්වයා 27 දිනක් තිස්සේ පවත්වන යාග වලට සම්බන්ධ කරගෙන නැවත ගමන් කරවයි.

    යළි යාග භූමිය අශ්වයා ගෙන එන්නේ වසරකට පසුව ය. විසි හත් දිනක් පවත්වන යාගයකට අශ්වයා වෙළඹුන් මැද්දට යවනු ලබයි. අනතුරුව වෙළඹුන්ගෙන් වෙන් කරවාගත් අශ්වයා ස්වර්ණමය රථයක නංවා පොකුණක් වෙත ගෙනගොස්, නහවා ,බෙල්ලේ සහ වලිගයේ ලොම්වල මුතු ඇට එකසිය එකක් සවිකර සරසා යාග භූමියට පමුණුව යි. එසේ අශ්වයා ගෙන එන විට යාග භූමියේ හීලෑ සහ කැලෑ සතුන් හයසියයකට අධික සංඛ්‍යාවක් බැඳ සිටියි. කැලෑ සතුන්ට අභයදානය දී අනෙක් සතුන්ව සතුන් බිලි පූජාවට යොදාගැණේ. ඉන්පසු අශ්වයාට රෙද්දක් පොරවා ආවරණය කොට, හුස්ම හිර කොට ජීවිතක්ෂයට පත් කරයි. රජ බිසෝවරු පැමිණ අශ්ව මළකඳ ප්‍රදක්ෂිණා කරති. අගබිසවට අශ්වයාගේ මළකඳට සමීපව වැතිර නිදන්නට පහසුකම් සැපයෙයි.

    අග බිසව අශ්ව මළ සිරුර සමග සැතපීම ඉන්දියානු ඉතිහාසය තුළ විවිධ මතබේධවලට තුඩු දී තිබෙන්නකි. එය මිනිස් සහ සත්ත්ව ලිංගික ඇසුර පෙන්වන අවස්ථාවක් ලෙස සැලකේ. එය පූජාවකි. රාමායණයෙහි සතාපත බ්‍රහ්මණයෙහි දැක්වෙන අන්දමට දසරත රජුගේ බිසෝවරු තිදෙනාම අශ්ව මළකුණත් සමග සිටි නමුත්, අසුගේ ලිංගේන්ද්‍රය තම යෝනියෙහි හොවාගෙන මුළු රැය පහන් කළ එකම බිසව ලෙස ගෞරවය ලැබ තිබෙන්නේ රාමගේ මව වන කෞශල්‍යා බිසව යි.





    uSm9AaAFOHqakeUT_4.png



    අශ්වමේධයේ බිලි පූජාව

    පසුදින මරා දැමුණු අශ්වයාගේ හා අනෙකුත් සතුන්ගේ මස් වලින් බිලි පූජාවක් පැවැත්වේ. යාගය අවසන් වන්නේ දින තුනකට පසුව ය. නායක පූජකවරයාට රජුගේ සිව්වැනි බිරිඳ හා දියණිය හිමි කිරීම අවසානයේ දී සිදු කෙරේ. මන්ත්‍ර ශාස්ත්‍රයෙහි අෂ්ටකර්ම අතුරෙන් ආප්‍යාධිත නමින් හඳුන්වන්නේ ද මෙම ශාන්ති කර්මයට ය. එහි අදහස වන්නේ “සුභසිද්ධිය දියුණු කිරීම”, “ශක්තිමත් කිරීම”, “අභිවෘද්ධිය ඇති කිරීම” ආදිය යි.

    අතීතයේ පැවති ශාන්තිකර්ම රෝග අතුරෙන් අශ්වමේධ යාගය පැවැත්වූයේ රාජ්‍ය නායකයාට පාලනය පවත්වාගෙන යාමට ආශීර්වාද ලබාදීමට යි. බලයට පැමිණි විට බලය රැක ගැනීමට රජවරු විවිධ පූජා, බලි තොවිල් කරති. පූජාවට තැබූ අශ්වයා මෙන්ම දහස් ගණනක් සතුන් ද බිල්ලට දී රජකම රැක ගන්නට වෙර දැරූ රජවරුන්ට වුවත් සදාකාලික බලයක් පැවැත්මක් නොවී ය.


    PztxPEZ6xD3vNtZF_5.jpg


    අශ්වමේධ යාගය ගැන විමර්ශනය කිරීමේ දී පෙනී යන්නේ රජකමට නායකත්වයට ලෝභී යමෙක් පත් වූ විට තමන්ගේ පැවැත්ම ආරක්ෂාව සඳහා නොකරන වෙදකමක්, නොදෙන බිල්ලක් නොමැති බව යි. එදා අශ්වමේධයත් වර්තමාන ලෝකයේ පවතින යුද්ධත් අතර එක්තරා අන්දමක සමානත්වයක් පෙනෙන්නට ඇත.


    roar-media.0897f37a.svg


    Article by : Dileesha Abeysundara
     
    • Like
    Reactions: tha123

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Ivan argued that a lumpen, uncivilized aspect was to be seen not just in politics, but in the mass media in Sri Lanka as well. He has taken as an example, an instance from the early 1990’s where one of the so called ‘alternative’ (tabloid style) newspapers of that era, (The precursor of the latter day websites) reported that president Premadasa had participated in an occult rite to bring him good luck where he had been bathed in milk by seven naked virgins. Within a couple of days, this story had spread throughout the country. It had been concocted by opponents of president Premadasa to ridicule him. Shortly afterwards, the press that printed the ‘alternative’ newspaper in question was attacked and damaged by an unidentified gang.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    22.gif


    පට්ට...!!
    ඊයෙ පෙරේදා ඇතින්නියො 7ක් මැරුණ සීන් එකටත්, මේවගේ කතා කියනවා.. අනේ මන්දා ඉතිං...

    You must spread some Reputation around before giving it to yosh371 again.​
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,669
    1
    57,780
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිත්‍යාදෘෂ්ඨිකයො රජවුනාම ඔහොම තමයි. මතකනෙ අපේ රටේ කන්‍යාවන්ට ලවා කිරි නාපු උන්, රත්තරන් පොලු අතේ තියන් හිටපු උන් :rolleyes: