අශ්වයෙක් නෙමෙයි බල්ලෙක්, පූසෙක්, මාළුවෙක් උනත් හදන්න එපා ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්න බැරිනම්, කාලය වෙන්කරන්න බැරිනම්. තරුණ කාලේ වගේම වයසට ගියාමත් ඒ සතාව වෙනසක් නොකර බලාගන්න commit වෙන්න පුළුවන්නම් අලියෙක් උනත් හදන්න.
සතෙක් හදන්න කලින් තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න තමුන්ට ඇත්තටම සත්ව කරුණාව, දයාව, ආදරය තියනවද කියල. ආසාවට, show එකට සත්තු හදන්න එපා. සතෙක් හදන කෙනෙක්ට කරුණාවන්ත, උණුවෙන හදවතක් තියෙන්න ඕන. තමුන්ගේ සතාට විතරක් නෙමෙයි, සියළුම සත්වයින්ට. එහෙම නැත්නම් හදන්න එපා, අහිංසක සත්තු පව්.
වයසට ගියාම "දුප් බල්ලා" කියල පයින් ගහල එලියට දාන මිනිස්සු කොච්චර ඉන්නවද. ඒවගේම වියදම් කරලා වෙලාවට බෙහෙත් කරලා ජිවිතේ අවසාන වෙනකම් ආදරෙන් බලාගන්න අයත් කොච්චර ඉන්නවද.
මේ මගේ අදහස. උඹේ කැමැත්තක් කරපන්