සංඥාව යනු කුමක්ද?
සංඥාවක් කියන්නෙ යම් දෙයක් (දකින, අසන, සිතන... රූපයක්) අද්විතීය ලෙස (අනික් දේවල් වලින් වෙන්කරල) හඳුනා ගැනීමට ඉවහල් වෙන සිතේ ගති ස්වභාවයක් (චෛතසිකයක්). මෙමගින් දකින, අසන, සිතන... දෙය (රූපය), මෙන්න මේ ගතිය ඇති අහවල් දෙය කියල සටහන් කරගැනීම සිද්ධ වෙනව. උදාහරණයකට, ඇසෙන් ඇතුළුවන වර්ණ සටහනක් මලක් හැටියට අර්ථකථනය කරගන්නෙ මෙන්න මේ සංඥා චෛතසිකය නිසා.
වින්ඥානය යනු කුමක්ද?
මේ ඉහත කී සංඥාවත් සමග ඇතිවෙන සිතේ තව ස්වභාවයක් තමයි වින්ඥානය. අපි ඉහත උදාහරණය ගත්තොත් මෙතැනදි තමයි ඔය අර්ථකථනය කරගත්ත මල දකින්නා/නිරීක්ෂකයා(observer) බිහිවෙන්නෙ. මේ ක්‍රියාවලිය සිත් ඇතිවෙන සෑම තැනකටම පොදු දෙයක්. නමුත් මේසේ ඇතිවෙන සිත් තුල, දෙයට සහ එහි නිරීක්ෂකයාට යම් වටිනාකමක් ඇත යන සංජානනය (perseption) පිහිටල තිබුනොත් ඔතන "මම" සහ "මම දකින මල" කියන හැගීම ඇතිවෙනව. මේ තත්වය මල සහ මල දකින්නා පමණක් ඇතිඅවස්ථාවට හාත්පස වෙනස් තත්වයක්. මෙහෙම වටිනාකමක් ඇත කියලත්, මම සහ මගෙ ලෙස වෙන් කරගන්න පුළුවන් යන්නත්, යනුවෙන් ඇති සංජානනයට අවිද්‍යාව කියලත් කියනව.
අසංඥ වැඩීම යනු කුමක්ද?
දැන් හිතන්න යෝගියෙක් යම් ක්‍රමවේදයක් (භාවනාවක්) මගින් ඔය හිතේ සංඥා චෛතසිකය දුර්වල කලොත් කුමක් වෙයිද? සංඥාව දුර්වල වූ විට එය වින්ඥානයට ප්‍රත්‍ය වන නිසා වින්ඥානයද දුර්වල වී යයි... වින්ඥානය දුර්වල වූ විට නිරීක්ෂකයා බිහිවීම දුර්වල වී යයි, එවිට අවිද්‍යාව නිසා ඇතිවෙන මම සහ මගෙ හැගීම දුර්වල වී යයි...දැන් මේ යෝගියා මම සහ මගෙ හැගීම කෙමෙන් දුර්වල වෙමින් යන නිසා නිර්වාණයට ලඟා වෙනවා යන වැරදි නිගමනයට පැමිණෙයි. නමුත් අවිද්‍යාව දුරු කිරීමට යමක් නොකළ නිසා, දැන් සහ අනාගතයේ ඇතිවීමට ඇති සියලු සිත් අවිද්‍යා ප්‍රත්යෙන්ම හටගනී.
මේ අනුව අසංඥ භාවනාවක් පහසුවෙන් හඳුනා ගැනීමට ඇති හොඳම නිර්ණායකය ලෙස විද්‍යමාන වන දේවල් වල දේවල් ගතිය (අද්විතීය ලක්ෂණය) ක්‍රම ක්‍රමයෙන් අඩුවීම අපිට පෙන්වල දෙන්න පුළුවන්. බුද්ධ දේශනාවේ අපිට කියල දෙන්නෙ සංඥාව නිරෝධය නෙවේ, සංඥාවේ රාග, ද්වේශ, මෝහ නිරෝධය සහ දස සංඥා වැඩීමයි. නිවරදි සතිපට්ඨාන භාවනාවේදී ඔය දේවල් වල දේවල් ගතිය ක්‍රම ක්‍රමයෙන් අඩුවීම වෙනුවට නිරීක්ෂකයා සහ දේවල් පාදක කොට ඇතිවෙන මම සහ මගෙ යන හැගීම පමණක් දුර්වල වී යයි. එමගින්, ක්‍රම ක්‍රමයෙන්... දැක්කා නම් දැක්කා පමණක් වෙයි....
ස්වාමින් වහන්සේ නමක් සමග කල සාකච්චාවක් ඇසුරෙනි...

ayyooooo