අසරණ නෞකාව - Helpless Ship

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අර්ථවත් පණිවිඩයක් ඉතාමත් අපූරු විදියට අප වෙත ගෙන එන ඔබේ හැකියාව ඉතා අනර්ඝයි යාළුවා...
බොහොම ස්තුතියි යාලු නිර්මාණය ඇගයීම, දිරිගැන්වීම හා සටහනට.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ජීවිතයත් නැවක් වගේ කියනවානේ.
ගැඹුරු අරුතක්.
අගනා නිර්මාණයක්.

ඇත්ත නොනිමි ගමනක් යන, අපමණ බර ගෙනයන, කලින් කල වරායන් සේන්දුවන හා ඉන් නික්මව යායුතු... ඒත් නොගිලී තරණය කරන තුරු නැවක්! ජීවිතයත්!

බොහොම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීම හා සටහනට.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අසරණ නෞකාව = බලාපොරොත්තු සුන් වූ ජීවිතය
කියලයි දැනුනේ මට නම්
නමුත් නොසිතූ මොහොතක දේශගුණයද වෙනස් විය හැකියි
අපූරු නිර්මාණයක්

නැහැ සොයුරිය අ-සරණ මිස අසරණ නෞකාවක් නොව. ඔබේ අර්ථකතනය යම් කොණයකින් හරි, ඇගයීම හා විමසුමට බොහෝම ස්තුතියි.

ඒත් මෙ නිර්මාණය අදහස් කීපයක් හිතේ දරාගෙන කරන ලද්දකි.

අයෙකුගේ ජීවිතය ද නෞකාවක් වැනි:

වගකීම් ගොන්නක් ස්වභාවයෙන්, බලයෙන් හෝ ස්වෙච්චාවෙන් පටවා වරායෙන් වරායට සෙන්දුවෙමින් ද ඉන් පිටත් වෙමින්ද කරන තරණය... දැන් වගකීම ඉවරයි කියා නැවකට පැත්තකට වෙන්න බැහැ. පෙරට වඩා බරක් ඔසවාගෙන තවත් ගමනක් ආරම්භ කරන්න වේවි. ඒ අතරතුර අබලන් වෙන නැව සාත්තු සප්පායම් වල පිහිටෙන් දුවන්න වෙනවා, වැඩක් ගන්න බැරිවූ කල කඩාබිඳ දානවා. ඒත් ඒ තත්වයට පත්වෙන තුරු වගකීම ඉටු කරන්න වෙනවා...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ජීවිත නෞකාව කාලෙන් කාලයට එක එක වරායන් වල නැංගුරන්ලානවා. කාලයක් පාසලේ.. ඊට පස්සෙ රැකියාවේ. ඊට පස්සෙ ප්වුල් ජීවිතයෙ. නමුත් හැම වාරෙම වරායෙන් වරායට යන ගමන් ලස්සනට පාවෙලා යන්නෙ නැහැ. නමුත් අපි කල්පනාවෙන් ඒ ගමන යන්න ඕනෙ. සමහරවෙලාවට අපිට අපේ පාර වෙනස් කරන්න වෙනවා. තව සමහර වෙලාවට එන බාධක අයින් කරන්න වෙනවා. අර්ථවත් නිර්මානයක් අයියේ...
බොහෝම ස්තුතියි මල්ලී නිර්මාණය අගයමින් එක් කල අර්ථවත් විමසුමට.
මෙ නිර්මාණය අදහස් කීපයක් හිතේ දරාගෙන කරන ලද්දකි, ඔබ ඉන් එකක් ලස්සනට පැහැදිලි කර ඇත.