අස්ගිරි මහනාහිමියන් අපවත් වෙයි.
අති ගෞරවනීය අස්ගිරි මහනාහිමියන් අපවත් වෙයි.
ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක හිමියන් අපවත් වී වදාලහ. සිංගප්පූරුවේ පෞද්ගලික රෝහල ගිලන්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (08) අලූයම උන්වහන්සේ අපවත්වී ඇත.
වර්ෂ 1930 වසරේ මාර්තු මස 17 වන දා කුරුණෑගල, කලුගමුව ප්‍රෙදේශයේ උඩුගම නම් ග්‍රාමයේ දී ජන්මලාභය ලැබූ අස්ගිරි මහනාහිමියන් අපවත් වන විට 86 හැවිරිදි වියේ පසු විය.
1998 සිට අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් ලෙස ද කටයුතු කළ උන්වහන්සේ, එම පාර්ශවයේ මහනායක ධුරයට පත්වූයේ 1999 වර්ෂයේ දෙසැම්බර් 13 වෙනි දාය. ශ්‍රී දළදා මාළිගාවේ අස්ගිරි පාර්ශයයේ තේවාව භාර නායක හිමිලෙස කටයුතු කල උන්වහන්සේ 14 වසරකට වැඩි කලක් අස්ගිරි පාර්ශවයේ මහා නායක පදවිය දැරූ දරමින් සකළ ලෝකවාසී බෞද්ධ ජනයාගේ නොමඳ ගෞරවයට හා ප්‍රසාදයට පාත්රෙවමින් බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කළ සේවය අපරමිතය.
උන් වහන්සේ අමාමහ නිවනින් සැනසේවා කියා ප්‍රර්ථනා කරමු