අස්ථි පද්ධතිය

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හරි මං මේ නිකන් ඉන්න එකේ මොනව හරි ලියන්න ඕනෙ කියල හිතුනා, ඉතින් අද මම මිනිසාගේ අස්ථි පද්ධතිය ගැන පොඩ්ඩක් කියල දෙන්නයි යන්නෙ.



    අස්ථි පද්ධතිය (skeletal system)

    skeletal-system-1-638.jpg




    ඇයි අපිට අස්ථි පද්ධතියක් ඕනේ?
    syst_skel1_240x180.png



    රූපෙ දැක්කම තේරෙන්න් ඇති නේ. :D:D:D



    කියල දෙන්න පහසුව සදහා මම මේ පද්ධතිය කොටස් දෙකකට බෙදනවා.

    Untitled.jpg


    කොටස් වලට බෙදුවට
    මොකක්ද මේ ආක්ෂක සැකිල්ල ,
    මොකක්ද මේ ගාත්‍රා සැකිල්ල කියල දන්නෑනේ.

    පහල තියන පින්තූරෙ බලන්නකෝ.


    skel.jpg





    ආක්ෂක සැකිල්ල කියන්නේ මිනිසාගේ දේහයේ අක්ෂය ඔස්සේ පිහිටන සැකිල්ල.
    ඒ කියන්නේ ඔය උඩ තියන පින්තූරෙ තියන විදියට
    කොල පාටින් දක්වලා තියෙන්නෙ ආක්ෂක සැකිල්ල තමයි.


    එතකොට ගාත්‍රා සැකිල්ල කියන්නෙ ඉතුරු ටිකනේ, :cool:



    මුලින්ම ආක්ෂක් සැකිල්ල ගැන පොඩ්ඩක් දැනගනිමුකෝ.
    මේක කොටස් 3කට බෙදෙනව, ඒ

    හිස්කබල (skull)
    කෂේරුව (vertebral column)
    පර්ශු+උරතලය (Rib cage)
    ලෙස.​

    ribvercr.gif



    හිස්කබල (skull)


    ඒකෙනුත් මුලින්ම හිස්කබල ගැන බැලුවොත් අපි හිතුවෙ නැති උනාට හිස්කබල හැදිල තියෙන්නේ අස්ථි කොටස් 22කින් :eek:

    lateral_view_of_the_brain_answers.jpg



    හරි මම දැන් ඔය උඩ දාල තියන රූපෙ පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්නකෝ.
    මම කලින් කිව්වෙ නෑනේ හිස්කබලේ තියන අස්ථිත් වර්ග 2ක් තියනවා



    වත්‍ර අස්ථි (14)- ඔය උඩ රූපෙ රවුම් කරල තියන කොටසේ තියෙන්නෙ ඒවා වත්‍රය, ඒ කියන්නෙ හිස්කබලේ මුහුණ කොටස සාදන්න දායක වෙන අස්ථි. මන් ඒවා එකින් එක නම් කරල ලොකුවට පැහැදිලි කරන්න යන්නෑ ඔයාලට මේක කියවන්න එපා වෙන හින්දා.

    කපාල අස්ථි (8) - මේව තමයි කපාලය කොටස හදන්න දායක වෙන අස්ථි මම රූපෙ නම් කරල තියනව ප්‍රධාන කපාල අස්ථි කිහිපයක්.

    පහලින් දාල තියෙන්නේ අපේ හිසේ ඉහලින් බැලුවාම පේන විදිය. ඕකෙ පූර්ව කියන්නෙ නලල තියන පැත්ත.​

    79fb41f3815e515d62f7c980c1ad68f2.jpg


    ඔය අස්ථි එකින් එක වෙන් වෙන් තැන් වල කඩ ඉරි වගේ පේනව නේද?
    ඒවට කියන්න් සීවනී කියල,
    ඒවයින් තමයි අස්ථි එකිනෙක සම්බන්ධ වෙල තියෙන්නේ.


    හැබැයි ඉපදුනු ගමන් ඕව ඔය විදියට නෙවෙයි තියෙන්නේ.
    අස්ථි කොටස් එකිනෙක වෙන් වෙලා තමයි තියෙන්නෙ පහල පින්තූරෙ තියනවා වගේ.


    h9991915_001_pi.jpg
    r7_encephfontanelles1348104860043.jpg



    ඔය මම රතු පාටින් රවුම් කරල තියන කොටස
    උපදින කොට අස්ථි වලින් නෙවෙයි හැදිලා තියෙන්නෙ මෘදු පටක වලින්.
    ඒ එහෙම වෙලා තියෙන්නෙ ප්‍රසූතියේදී ඇතිවන සම්පීඩන වලට හිස්කබල ඔරොත්තු දෙන්න.


    සමහර විට කට්ටිය දැකලත් ඇති ලදරුවො හුස්ම ගන්න කොට යාන්තමට ඒ හරියත් ඉහල පහල යනවා.
    ඕකට සමහරු "තෙල් වල" කියලත් කියනවා.
    ඒ පටක කොටස් ඉතින් දරුවට අවුරුදු 1-2 අතරදි අස්ථි වලින් ප්‍රතිස්ථාපනය වෙනව.
    ඒ හින්දා ඉතින් හරිම පරිස්සමින් තමයි පොඩි කාලෙදි දරුවව බලාගන්න ඕනෙ.


    මිනිස් හිස්කබලේ මිනිසාට පමණක් විශේෂිත වූ ලක්ෂණ කිහිපයකුත් තියනවා. පැහැදිලිව පේන ලක්ෂණ තමයි

    1.මිනිස් හිස්කබලේ උස් වූ සිරස් නලලක් තිබීම.
    නලල හැදිලා තියෙන්නෙ ලලාට අස්ථිය මගිනුයි. ඉතින් මේ වගේ සිරස්ව පිහිටන නලලක් තියෙන්නෙ මිනිසාට විතරයි.

    2.කපාල පරිමාව ඉතා විශාල වීම.
    ඒ කියන්නෙ ඉතින් කපාලයේ පරිමාව, සාපේක්ෂව විශාල මොලයක් තියෙන්නේ මිනිසාට ලු නේ. :oo::oo: :lol:ඉතින් ඔය ඒ කියන මොලය තියෙන්නෙ කපාලය ඇතුලෙ. කපාල පරිමාව ලීටර් 1.5යි.



    හරි තව ගොඩාක් විස්තර තියනවා කියල දෙන්න නමුත් අදට මම මෙතනින් නවත්තනව, මොකද මේක දිග වැඩි උනාම සමහරුන්ට දැක්ක ගමන් එපා වෙනවා, කියවන්න හිතෙන්නෑ නෙ. ඉතින් ඉතුරු ටික සමහර විට තව නූලකින් හරි ඇඩ්මින් අයියාට කියලා මේකෙම හරි අමුණන්න බලාපොරොත්තු වෙනවා. මම පුලුවන් තරම් රූප වැඩිපුර දාල රූප වලින්ම පැහැදිලි කරන්න හිතුවෙ ගොඩක් උන් දැන් කියවන්න කම්මැලි හින්දා, හැම මගුලම කෙටියෙන්ම කියන්න කියලා අහනව නේ. :no:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    You must spread some Reputation around before giving it to Sams.Ryo agai




    Pattaa..TFS mchn..
    11.gif



    හොඳ ත්‍රෙඩ් එකක් මචන්..:D

    BUMP

    ++rep

    thanks bn :)