අස්වැසීමක් නොවන වස් වැසීම....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අස්වැසීමක් නොවන වස් වැසීම....


    අස්වැසීමක් නොවන වස් වැසීම....

    ඇසළ පෝයත් සමග කලඑලි බසින වස් සමය බෞද්ධයාට අස්වැසිල්ලක් ලබා නොදෙන මහා මුදල් ජාවාරමක් වී අවසානය... කඨින චීවර ආනිශංසයක් ආටෝපයෙන් හුවා දක්වමින් බෞද්ධයන් හූරා කන මෙම වස් සමය ගැන නව කතිකාවතක් ඇති විය යුතු කාලය එළඹ ඇත... මෙය කාලෝචිත මාතෘකාවක් වන බැවින් මෙම ලිපිය ලිවීමට සිත් වූයෙමි. හුදෙක් මෙය ශ‍්‍රද්ධාවෙන් අන්ධ වූවන්ට ප‍්‍රඥාව පහළ වීමට හේතුවක් වනවා ඇතැයි සිතමි.

    දැන් අලූත්ම මෝස්තරයක් වී ඇත්තේ උපසම්පදා වූ භික්‍ෂුවක් වස් සමාදන් වූ පසු කඨින වස්ත‍්‍රයක් රැගෙන ගෙවල් ගානේ සම්මාදමේ යාමය. මෙය සම්පූර්ණයෙන්ම බෞද්ධ ඉගැන්වීම්වලට පටහැනිය. අනෙක් අතට මෙලෙස සම්මාදමේ ගෙන යනු ලබන්නේ කඩෙන් මිල දී ගත් චීවරයකි. එය ද සම්ප‍්‍රදායට ද හාත්පසින්ම විරුද්ධ වූ කි‍්‍රයාවකි. තවත් මෙහි දක්නට ලැබෙන ඉතා කණගාටුදායකම දේ උපසපන් භික්ෂුව පෝය සීමා මාලකයට වැඩම කළ යුතු වුවත් වර්තමාන භික්ෂුව කිසි විටෙක පෝය සීමා මාලකවලට වැඩම නොකිරීමයි. අද වන විට මෙම පෝය සීමාමාලක භික්ෂූන් රහිත් හිස් ගොඩනැගිලි බවට පත්ව ඇත.

    වස් සමය එළඹුමත් සමග විහාරස්ථානවල ඒ ආශි‍්‍රතව විවිධ පිංකම් මාලාවන් කි‍්‍රයාත්මක වේ. බෞද්ධාගමේ චිර ජීවනයටත්, උනුන් අතර සහයෝගීතාවය ඇති වීමටත් මෙය හේතුපාදක වන බව නිසැකය. ඒ සියල්ලක්ම සිදුවිය යුත්තේ බුද්ධාගමට ගෝචර වන ලෙසය. නමුදු අද වන විට විහාර අසලින් සවස 3.00 න් පසුව යාමට නොහැකි තරම් කන්කරච්චලයක් ඇති කරමින් මැදියම් රැය වන තෙක් කානිවල් සිරි පෙන්වමින් ඕපපාතික රංගනයක් දියත් වේ. පහන් එළි පරදවමින් ඇසි ගිනිකන වැටෙන පරිදි බල්බ් වැල් අස්සක් මුල්ලක් නෑර ඇද ඇත. ලව්ඞ්ස් පීකරය එකම කවි බණ සිය වතාවක් රිප්ලේ වේ. කණගාටුවට කරුණ නම් ඇතැම් විහාරස්ථානවල සල්පිල් ද පැවැත්වේ. සබන් කැටයකට, කිරිපැකට් එකකට ලංසු තබමින් මුදලින් බලය පෙන්වන වලිකන කසිබල් බෞද්ධයෝ දුටුකල ‘අනේ හපොයි’ කියවෙන්නේ නිරායාසයෙනි.

    බුදුන් යනු නිහඩ බව, නිස්කලංක බව අගය කළ ශාස්තෘවරයෙකි. භික්‍ෂුන්ගේ කරච්චලය නිසා නිහඩබව පතා බුදුන් පාරිලෙය්‍ය වනයට වැඩම කළේ ද ඒබැවිනි. නමුදු ඒ මග යායුතුව ඇති භික්‍ෂුහු අද තමන්ගේ ආර්ථික වාසිය උදෙසා තමන්ගේම පාරක් කපාගෙන වෙනමම ගමනක වඩිති. ඒ සදහා අමු අමුවේම බෞද්ධකම සිල්ලරට විකුණති. අප ගිහි බෞද්ධයින් ද අන්ධානුකරණයෙන් ඒ මගම යති.

    එබැවින් වස් සමය තුළ අපි නිහඩවම අපි දෙසම බලමු. ආත්මාවලෝකනයේ යෙදී තම ශුද්ධිය, අශුද්ධිය පිළිබද විමසමු. භික්‍ෂූන් වහන්සේලා ද තමන්ගේ විමුක්තිය උදෙසා පිළිවෙත් පිරිය යුතු කාලය මේ බව නුවණින් මනසින් අවබෝධ කරගත යුතුය. ”අනුන්ගේ කිස නිම කොට ආත්ම ශුද්ධිය ලැබිය නොහැකි බව ප‍්‍රත්‍යාක්වේක්ෂණය කළ යුතුය." ගිහි පැවිදි සියල්ලෝම මෙය යථාවබෝධයෙන් අවබෝධ කරගනිත්වා....!

    විශේෂ ස්තුතිය : නිකවැරටිය බුදුමුත්තාව රාජ මහා විහාරාධිවාසි ගෞරව ශාස්ත‍්‍රවේදී තඹරොඹුවේ පදුමජෝති හිමිපාණන් වහන්සේට.

    pathfinder_PNG_Face.png

     
    • Like
    Reactions: sidathsaumya

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වස් වසන්න දැන් කාලේ වැහි කාලයක් කියල එකක් තියෙනවද :oo:

    ඒකත් තර්කානුකූලයි තමයි... ඒ වුණත් වැස්ස නැතත් වස් කාලය බෞද්ධ භික්‍ෂුවකට ගොඩක් අර්ථවත් කාලයක්... ඒ වුණාට අද ඒක ජාවාරමක් කරගෙන අහිංසක බෞද්ධයින් රවටනවා.... හරියට වස්සාන සැණකෙළියක් වගේ.... :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකත් තර්කානුකූලයි තමයි... ඒ වුණත් වැස්ස නැතත් වස් කාලය බෞද්ධ භික්‍ෂුවකට ගොඩක් අර්ථවත් කාලයක්... ඒ වුණාට අද ඒක ජාවාරමක් කරගෙන අහිංසක බෞද්ධයින් රවටනවා.... හරියට වස්සාන සැණකෙළියක් වගේ.... :(
    අද කාලේ ඉතින් ඔක්කොම සැණකෙළි නෙ තියෙන්නෙ :D වස් පිංකම කියල වෙනසක් කරන්නෙ මොකටද :P
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Lankawe Karana Pinkan, Bodhi Puja Baluwama Karadara Aduma rata Lankawa wenna ona.

    Mama nan Hiththanne thawa awrudu 10-20kin godak dewal wenas wei, dan inna genaration eka , molen hithanne. aththa Buddhagama Eliyata ei.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Lankawe Karana Pinkan, Bodhi Puja Baluwama Karadara Aduma rata Lankawa wenna ona.

    Mama nan Hiththanne thawa awrudu 10-20kin godak dewal wenas wei, dan inna genaration eka , molen hithanne. aththa Buddhagama Eliyata ei.

    බුද්ධාගම ඇදහීමක් නොවන බව තේරුම් ගන්න තාක්කල් මේ සරුවපිත්තල නාඩගම් අවසන් වෙන්නේ නෑ.... මේ වෙන කොට පන්සල්වල් නියම බුද්ධාගම කොන්කී‍්‍රට් කරල ඒ වෙනුවට අමුතුම ආගමක් නිර්මාණය කරල ඉවරයි.... දැන් සමහරක් හාමුදුරුවන්ගේ බණ ගොඩක් සංවේදියි... ඇඩෙන්නේ තනි ඇහැට.... :(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාවෙ වැහි කාල වලදි තදින් වහින නිසා ධර්ම ප්‍රචාරයට යන්න සුදුසු කාලයක් නෙවෙයි. ඒනිසා බුදුහාමුදුරුවො වැසි කාලෙදි එක පලාතකට වෙලා හිටියෙ. ලංකාවෙ ඉන්න බඩු වලට එහෙම කරන්න කිසිම හේතුවක් නෑ. ඒත් ඉතින් ධර්ම ප්‍රචාරය කරන එක දැන් සංඝයාට අකැප දෙයක් වෙලානෙ.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    හැම දේම වාණිජකරණය වෙලා. දුවලා දුවලා හති වැටුනම මිනිස්සුන්ට සැනසිල්ලට තිබිය යුතු දෙයත් පුස්සක් බවට පත් වේගන යනවා. පන්සල්වල දායකයොන්ගේ දායකත්වය තියෙන්නේ අනිත් ආගම් එක්ක තරග කරන්න මිසක් බෞද්ධ දර්ශනය බෞද්ධයන් අතර පතුරවන්න නෙමෙයි. හාමුදුරුවරුත් ගිහියන්ව යොමු කරන්නේ තමන්ට වාසි පැත්තට.