අස්වැසීමක් නොවන වස් වැසීම....
අස්වැසීමක් නොවන වස් වැසීම....
ඇසළ පෝයත් සමග කලඑලි බසින වස් සමය බෞද්ධයාට අස්වැසිල්ලක් ලබා නොදෙන මහා මුදල් ජාවාරමක් වී අවසානය... කඨින චීවර ආනිශංසයක් ආටෝපයෙන් හුවා දක්වමින් බෞද්ධයන් හූරා කන මෙම වස් සමය ගැන නව කතිකාවතක් ඇති විය යුතු කාලය එළඹ ඇත... මෙය කාලෝචිත මාතෘකාවක් වන බැවින් මෙම ලිපිය ලිවීමට සිත් වූයෙමි. හුදෙක් මෙය ශ්රද්ධාවෙන් අන්ධ වූවන්ට ප්රඥාව පහළ වීමට හේතුවක් වනවා ඇතැයි සිතමි.
දැන් අලූත්ම මෝස්තරයක් වී ඇත්තේ උපසම්පදා වූ භික්ෂුවක් වස් සමාදන් වූ පසු කඨින වස්ත්රයක් රැගෙන ගෙවල් ගානේ සම්මාදමේ යාමය. මෙය සම්පූර්ණයෙන්ම බෞද්ධ ඉගැන්වීම්වලට පටහැනිය. අනෙක් අතට මෙලෙස සම්මාදමේ ගෙන යනු ලබන්නේ කඩෙන් මිල දී ගත් චීවරයකි. එය ද සම්ප්රදායට ද හාත්පසින්ම විරුද්ධ වූ කි්රයාවකි. තවත් මෙහි දක්නට ලැබෙන ඉතා කණගාටුදායකම දේ උපසපන් භික්ෂුව පෝය සීමා මාලකයට වැඩම කළ යුතු වුවත් වර්තමාන භික්ෂුව කිසි විටෙක පෝය සීමා මාලකවලට වැඩම නොකිරීමයි. අද වන විට මෙම පෝය සීමාමාලක භික්ෂූන් රහිත් හිස් ගොඩනැගිලි බවට පත්ව ඇත.
වස් සමය එළඹුමත් සමග විහාරස්ථානවල ඒ ආශි්රතව විවිධ පිංකම් මාලාවන් කි්රයාත්මක වේ. බෞද්ධාගමේ චිර ජීවනයටත්, උනුන් අතර සහයෝගීතාවය ඇති වීමටත් මෙය හේතුපාදක වන බව නිසැකය. ඒ සියල්ලක්ම සිදුවිය යුත්තේ බුද්ධාගමට ගෝචර වන ලෙසය. නමුදු අද වන විට විහාර අසලින් සවස 3.00 න් පසුව යාමට නොහැකි තරම් කන්කරච්චලයක් ඇති කරමින් මැදියම් රැය වන තෙක් කානිවල් සිරි පෙන්වමින් ඕපපාතික රංගනයක් දියත් වේ. පහන් එළි පරදවමින් ඇසි ගිනිකන වැටෙන පරිදි බල්බ් වැල් අස්සක් මුල්ලක් නෑර ඇද ඇත. ලව්ඞ්ස් පීකරය එකම කවි බණ සිය වතාවක් රිප්ලේ වේ. කණගාටුවට කරුණ නම් ඇතැම් විහාරස්ථානවල සල්පිල් ද පැවැත්වේ. සබන් කැටයකට, කිරිපැකට් එකකට ලංසු තබමින් මුදලින් බලය පෙන්වන වලිකන කසිබල් බෞද්ධයෝ දුටුකල ‘අනේ හපොයි’ කියවෙන්නේ නිරායාසයෙනි.
බුදුන් යනු නිහඩ බව, නිස්කලංක බව අගය කළ ශාස්තෘවරයෙකි. භික්ෂුන්ගේ කරච්චලය නිසා නිහඩබව පතා බුදුන් පාරිලෙය්ය වනයට වැඩම කළේ ද ඒබැවිනි. නමුදු ඒ මග යායුතුව ඇති භික්ෂුහු අද තමන්ගේ ආර්ථික වාසිය උදෙසා තමන්ගේම පාරක් කපාගෙන වෙනමම ගමනක වඩිති. ඒ සදහා අමු අමුවේම බෞද්ධකම සිල්ලරට විකුණති. අප ගිහි බෞද්ධයින් ද අන්ධානුකරණයෙන් ඒ මගම යති.
එබැවින් වස් සමය තුළ අපි නිහඩවම අපි දෙසම බලමු. ආත්මාවලෝකනයේ යෙදී තම ශුද්ධිය, අශුද්ධිය පිළිබද විමසමු. භික්ෂූන් වහන්සේලා ද තමන්ගේ විමුක්තිය උදෙසා පිළිවෙත් පිරිය යුතු කාලය මේ බව නුවණින් මනසින් අවබෝධ කරගත යුතුය. ”අනුන්ගේ කිස නිම කොට ආත්ම ශුද්ධිය ලැබිය නොහැකි බව ප්රත්යාක්වේක්ෂණය කළ යුතුය." ගිහි පැවිදි සියල්ලෝම මෙය යථාවබෝධයෙන් අවබෝධ කරගනිත්වා....!

විශේෂ ස්තුතිය : නිකවැරටිය බුදුමුත්තාව රාජ මහා විහාරාධිවාසි ගෞරව ශාස්ත්රවේදී තඹරොඹුවේ පදුමජෝති හිමිපාණන් වහන්සේට.

වස් පිංකම කියල වෙනසක් කරන්නෙ මොකටද