අසාර්ථක හතුරුසිංහ ඉවත් කරයි

slcricket

Member
Feb 20, 2008
168
13
0
අසාර්ථක හතුරුසිංහ ඉවත් කරයි

හිග පඩි ගෙවා හතුරුසිංහ එලවා දමයි.. අලුත් පුහුණුකරු ඔස්ටේ‍්‍රලියාවෙන් ගෙනේ.. හතුරුසිංහගෙන් විශේෂ ප‍්‍රකාශයක්…
March 21, 2019 at 9:20 am | lanka C news
හිග පඩි ගෙවා හතුරුසිංහ එලවා දමයි.. අලුත් පුහුණුකරු ඔස්ටේ‍්‍රලියාවෙන් ගෙනේ.. හතුරුසිංහගෙන් විශේෂ ප‍්‍රකාශයක්…
ලබන මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ක‍්‍රිකට් ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ඔස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීව් රික්ෂන් මහතා කටයුතු කරනු ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.

ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ චන්දික හතුරුසිංහ දකුණු අප‍්‍රිකාව සමග එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසුව ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක‍්‍රීඩා ඇමැතිවරයා සහ ක‍්‍රිකට් ආයතනය කටයුතු කළේය. හතුරුසිංහ ලංකාවට පැමිණි පසුව දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ස්ටීව් රික්ෂන් පත්කර තිබේ.

හතුරුසිංහ සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළ සාකච්ඡුා අසාර්ථක වී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ. ඔහුගේ සේවා කාලය තුළදී කණ්ඩායමේ ඇති වූ ගැටුම් සහ පසුබැසීම් සම්බන්ධයෙන් විවිධ අදහස් අදාළ සාකච්ඡුාවේදී හුවමාරු වී ඇතැයි වාර්තා වන අතර ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් විසින් හතුරුසිංහ සම්බන්ධයෙන් ලබාදී ඇති චරිත සහතිකය අනුව ලෝක කුසලානයේදී පුහුණුකරු මාරු කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වැඩි අවධානයක් යොමු කර තිබේ.



උද්ගත වී ඇති තත්ත්වය අනුව ලෝක කුසලානයේදීත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ස්ටීව් රික්ෂන් කටයුතු කරනු ඇතැයි වාර්තා වූ අතර එ් සම්බන්ධයෙන් අවසන් තීන්දුව හැකි ඉක්මනින් ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලාපොරොත්තුවෙන් පසුවේ.

කෙසේ වෙතත් 2020 වසර දක්වා කොන්ත‍්‍රාත් අත්සන් කර ඇති චන්දික හතුරුසිංහව ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඔහු සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එළැඹ ඇත ගිවිසුම ප‍්‍රකාරව 50% ක ගාස්තුවක් ඔහුට ගෙවීමට සිදුවේ. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ හතුරුසිංහ විසින් ඉදිරියේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඉකුත් දෙසැම්බර් මස 7 වැනිදා සිට ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු රැුකීමේ පුහුණුකරු වශයෙන් පත්වූ ස්ටීව් රික්ෂන් ඊට පෙර පාකිස්තානයේ පන්දු රැුකීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කර තිබේ. ඔස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායමේද පන්දු රැුකීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කර තිබේ.

මේ වන විට 65 වැනි වියේ පසුවන ස්ටීව් රික්ෂන් ඔස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස්වල උපත ලබා තිබේ. ඔහු ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 13 ක් ක‍්‍රීඩා කර ඇති අතර එක්දින තරග හයකට සහභාගි වී ඇත. කඩුලූ රකින්නකු ලෙස ක‍්‍රියා කර ඇති රික්ෂන් 1985 දී ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදී තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ලෝක කුසලානයේදී වෙනස් කිරීමට නියමිත අතර ඇතැම් ක‍්‍රීඩකයන් හිටපු පුහුණුකරුවා යටතේ නායකත්වය භාර ගැනීමට අකමැත්ත ප‍්‍රකාශ කර ඇතැයිද සඳහන් වේ.

– divina
 

slcricket

Member
Feb 20, 2008
168
13
0
අපරාදේ හතුරුසිංහට බංගලියො එක්ක ලස්සන ගමනක් තිබ්බා.වැඩි පෙරේත කමට මෙහෙට ආවා:lol::lol::lol: