ඔව් මචන්ලා හැමෝම වගේ මම ලියපු දේ ඒක මතිකව අනුමත කරලා තියනවා දැක්ක මම.
ගොඩක් සතුටුයි මම කියන්න දගලපු දේ තේරුම් ගත්තට.අඩුම තරමේ දැන් අපි අතරේ ඉන්න
කෙනෙක් ගේ අතින් එහෙම වරදක් ඉස්සරහට වෙන්නේ නෑ කියල දැනෙනවා.මට ඕනත් එකමයි.මේ වගේ
ප්‍රශ්න විසදන්න ඕන ගොඩක් පරිස්සමෙන්.හැමෝටම මතක ඇති අපි ඔය වයසේ ඉද්දි මොන තරම්
ඒවාට දැගලුවද? එත් අද අපි ශිෂ්ට විදිහට කාමර ඇතුලේ කරන ඒවා කරගෙන ඉන්නවා.එහෙම උනේ
අපිට පොඩි කාලේ දැන් මෙතන උනා වගේ කාලකන්නි දෙයක් නොවුන නිසා නෙවේද?ඒ වයසට
ඕන මේවා ඉගෙන ගන්න, වෙන්නේ මොනාද බලන්න.මට තාම මතකයි පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා
වාහනේ එනකම් ඉන්න ටිකට මගේ පන්තියේ හිටපු කොල්ලෙක්ගෙන් තමා මම දැනගත්තේ කොතනින්ද
බබාලා හම්බෙන්නේ කියල.ඒක අහල මම ඩිම් වෙලා හිටියේ සතියක් විතර.ඒ දේවල් පොඩි කාලෙට දරගන්න
බෑ තමා, එත් අපි මොන තරම් කුතුහලෙන්ද හිටියේ නේද?හැබැයි එහෙම ඉද්දි හිස් තැනක් පුරවා ගන්න
වෙහෙසෙන කාලේ මේ වගේ ගහල බැනල ඒක නැවත්තුවොත් වෙන්නේ මොකක්ද?ඒ ළමය මුළු
ජීවිතේම ඒ හිස් තැන හොයන්න යනවා එයාවත් නොදැන.අන්තිමට බිහි වෙන්නේ කාමාතුරයෝ.
මොනවා කලත් ආසාවන් සංසිදෙන්නේ නැති මිනිස්සු.පොඩි කාලේ මොලේ උණ හිස් තැන පුරවගන්න
මානසිකව තමන්ව පාලනය කරගන්න බැරි මිනිස්සු..
අපිට නම් වාසනාවට ඒ වගේ දේවල් උනේ නැහැ නේද?කොහොම හරි අහිංසක විදිහට මොන මොනවා
හරි කජු කිරි කාලේ ඔලුවට වැටිලා වැඩේ shape උනා නේද?
.මේ ප්‍රශ්නෙදි ගැණු ළමයි නම් යමක් කමක් දැන ගන්නවා වැඩිවියට
පත් වෙද්දී අම්මගෙන් , පුන්චිගෙන් , වැඩිමහල් අක්කලගෙන් වගේ..කොල්ලෝ ටික තමා ටිකක්
හරි අසරණ වෙන්නේ..
එත් අර කිබුලා කිව්වා වගේ අපිට බැරිම තැන වලදී අර වගේ උතුම් මිනිස්සු හිටිය නේද අපේ උදව්වට
ගුරු දෙවිවරු විදිහට ?අදටත් අපි දැක්ක ගමන් "අනේ අපිව තාත්ත වගේ බලාගත්ත sir අතන ඉන්නවා මම
ගිහින් කතා කරලා එන්නම්" කියල යන ගුරුවරු ඉන්නවා නේද අපිට කකුල් අල්ලලා ඕන පාරක වදින ?
එයාල නේද අපේ වැහෙන්නේ නැතුව තිබ්බ තව මොකක් හරි ගැටලුවකට පිහිට උනේ.?මෙතන ඉන්න
හැමෝටම ඇති ඔය වගේ අද්දැකීම් නේද ?
එත් මෙතන උනේ මොකක්ද? ඒ ළමයාගේ ඔලුවට වැටුනේ මොකක්ද දැන්?
කුතුහලේ කියන සිදුර නෙවේ ඒ ළමයාගේ වහුනේ දැන්.මුළු ජීවිතේම මාව හදන්න දුක් විදපු මගේ තාත්ත
මගේ තියන අවලන් කම නිසා මට නැති උනා කියල පුරවන්න බැරි හිඩැසක් නේද හැදෙන්නේ ඒ ළමයාගේ දැන්?
ඒ හිඩැස කවද කාටද වහන්න පුළුවන් ආයෙම මේ මුළු ජීවිතේටම ?මුළු සංසාරේ පුරාවටම තමන්ගේ තාත්තගෙන්
සමාව ඉල්ලන් යන අසරණයෙක් විතරයි දැන් ඉන්නේ..![]()
am speachless agreed bro






... ටොපියක් තරමේ මොලයක් නෑති මානසික ලෙඩෙක් වෙන්න ඈති...