අසිරිමත් ඊශ්‍රායලය Mission Thunderbolt

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අසිරිමත් ඊශ්‍රායලය Mission Thunderbolt

    zeus සහෝදරයා දාපු thread
    එකක තිබ්බ operation thunderbolt ඒක ගැන කියවන්න කියලා තිබ්බට වෙලාවක් තිබ්බේ නැ
    ඔන්න අද තමා කියවන්න ලැබුනේ
    Zeus සහෝ වගේ වැඩ දාලා ලියන්න නම් බැ
    කියවලා යන්නේ නැතුව අනික උන්ටත් බලන්න බම්ප් එකක් කමෙන්ට් එකක් දාපල්ලා
    නැත්තම් ලියන එකේ කිසි තේරුමක් නැ




    zpAHhwD.png





    Operation Entebbe නොහොත් Operation Thunderbolt



    7uisDty.jpg



    27 June 1976, Air France Flight 139 යානය ඊශ්‍රායලයෙන් පිටත් වෙන්න ගන්නවා පැරිසිය කරා යන්න



    II0cWE8.jpg



    එකේ මගින් 246 සහ කාර්ය මණ්ඩලය 12 සමන්විත උනා
    යානය ග්‍රීසියේ ඇතැන්ස් වලින් ගොඩ බැවම තමා වැඩේ සෙට් උනේ
    එතනින් නගිනවා මගින් 58 දෙනෙක් මෙන්න මේ සෙට් එකේ ඉන්නවා hijackers ල 4 දෙනෙක්
    මුන් ටික පලස්තීනයේ විමුක්ති සංවිධානය (PFLP-EO) සෙබළු ටිකක්
    මුන් මේක hijack කරලා ප්ලේන ඒක බානව ලිබියාවට
    එහෙං තෙල් එහෙම ගහගෙන මුන් කෙලින්ම යන්නේ ඔය කියන Entebbe airport එකට උගන්ඩාවේ
    උගන්ඩාව කීවාම ඉතින් අමතක කරන්න බැරි නමක් දන්නවනේ
    ඒ තමා Idi Amin



    OTjKsPb.jpg




    Idi Amin උගන්ඩාවට මේ ගුවන් යානය සාදරයෙන් පිලිගන්නවා
    ඒ වගේම ලස්සනට මුන් ඒක සාකච්චා එහෙම කරනවා
    කියන හැටියට Idi Amin හැමදාම වගේ ආවලු සිරකරුවෝ බලන්න

    Hijackerලගේ ඉල්ලීම උනේ අතඅඩන්ගුවේ ඉන්න සිරකරුවෝ ටිකක් නිදහස් කරලා $5 million වන්දියක් දෙන්න කියල

    ඊශ්‍රායල රජය වගේම වටේ පිටේ රටවල් කිහිපයක්ම Idi Amin සැහෙන්න පාරක් කතා කරල බැලුවාලු වැඩේ ශේප් එකේ ගොඩින් විසදගන්න
    දන්නවනේ මිනිහගේ හැටි
    කිසි එකක් කනකට ගත්තේ නෑලු

    ඔච්චර දුරකට ගිහින් ඒ රටේ හමුදාවක් එක්ක සටන් කරලා කට්ටිය බේරගන්න ඒක කොච්චර අමාරු වැඩක්ද කියල දන්නවනේ
    ඒ නිසා ඊශ්‍රායලය කැබිනට් ඒක තීරණය කලාලු ඉල්ලීම් ඉටු කරලා හරි වැඩේ බේරගන්න
    ඕවා එහෙ මෙහෙ වෙලා කිසිම දේශපාලන විසදුමක් ගන්න බැරිම තැන කට්ටිය තීරණය කලාලු
    ගේම නම් ගේම කියලා
    ඊශ්‍රායලයේ හැටි දන්නවනේ ඇහැට ඇහක් ඉල්ල්ලන ජාතියක්
    අවුස්සගත්තොත් ඉතින් සුම්මා තමයි

    ඊශ්‍රායලය කියන්නේ හොදම මොලකාරයෝ ටිකක්නේ
    ලෝකේ හොදම බුද්ධි අංශ වලින් එකක්නේ mossad ඒක
    ඒ තොරතුරුත් අරගෙන
    වැඩේ සංකීරණ හින්දම සතියක් තිස්සේ plan ඒක පුහුණුවීම් කලාලු

    සතියම පුහුණුවීම් කරලා ඔන්න Lockheed C-130 Hercules යානා ඊශ්‍රායල කොමාන්ඩෝ බටයන් 100 අරන් පිටත් උනාලු වැඩේ දෙන්න



    HbD43oP.jpg





    ගියා වගේ නෙමෙයි ඔන්න වැඩේ තියෙන්නේ පට්ට දුරක් යන්න එපයි


    fH3dzgY.png



    ඊශ්‍රායලේ එක්ක තරහ නැති රටක හොයාගන්න හරිම අමාරුනේ වටේ පිටේ
    කොහොම හරි කෙන්යා රජය ඉස්රයාලේ උදවුවට ආවලු ඔය වෙලාවේ
    ඉතින් කෙන්යා බුද්ධි අංශ වල තොරතුරැ අරගෙන වැඩේ නුලටම plan කරලා සෙට් එකම පිටත් උනා
    දැන් ඉතින් සේරම හරි යන ඒක තමා ප්‍රශ්නේ
    වටේ රේඩාර් වලට අහු උනොත් පත්තරේ දැම්ම වගේනේ
    මේකටත් මෙයාල විසදුමක් හොයාගත්ත
    හැමදාම වගේ මෙයාල රේඩාර් වලට යටින් තමා පියාසර කරලා තියෙන්නේ
    අහු මුළු වලින් බේරිලා ඔන්න කෙන්යාවේ Nairobi airport ගොඩ බැස්සා


    Hijackersලා මුලින්ම ඊශ්‍රායල සහ අනික සිරකරුවෝ වෙන් කරලා දැම්මලු
    30 June වෙනිදා ඊශ්‍රායල නොවන සිරකරුවෝ 148 දෙනෙක් නිදහස් කරලා දැම්මලු
    ඉල්ලීම් ඉටු වෙනකන් 106 දෙනෙක් සහ කාර්ය මණ්ඩල 12 දෙනා ප්‍රාණ ඇපයට තියාගෙන හිටියලු

    Lt. Col. Yonatan Netanyahu කියන දක්ෂ නිලදාරියා තමයි මේ ටීම් එක ලීඩ් කරලා තියෙන්නේ මේ වෙන කවුරුත් නෙමෙයි වර්තමාන ඉස්රයල අගමැතිගේ සහෝදරයා



    FqyLQHt.jpg



    3 July රාත්‍රී 11 වෙද්දී ඊශ්‍රායල කමාන්ඩෝ බටයෝ Boeing 707 යානා දෙකක් පාවිච්චි කරලා entabbe ගුවන් තොටුපලට ගොඩ බැස්සා



    iG7dBuP.jpg



    එකක අවශ්‍ය සියලුම වෛද්‍ය පහසුකම් පිහිටුවල තිබ්බ
    බැහැල තමන්ගේ කපටි මොලේ පාවිච්චි කරලා Idi Amin පාවිච්චි කරනව වගේ කළු Mercedes එකකුයි ආරක්ෂාවට එන Land Rovers එකකුයි පාවිච්චි කරලා කලබලයක් නැතුව ඇතුල් වෙන්න ගියාලු



    5FPN63i.jpg




    අවාසනාව කියන්නේ ඒ වෙද්දී Idi Amin පාවිච්චි කරන්න අරන් තිබ්බේ සුදු Mercedes එකක්ලු
    මේ හින්ද වැඩේ ගැන සැක හිතල ඇතුල් වීමේ හිටපු ආරක්ෂක නිලදාරිය වාහන නවත්තුවලු
    එතැනදී මොලේ කල්පනා කරපු Lt. Col. Yonatan Netanyahu
    කට්ටියට එන දුන්නලු සයිලන්සර් දාපු පිස්තොලෙන් මරණ නැතුව ආරක්ෂක නිලදරියන්ව නිහඩ කරන්න
    එතනත් අවාසනාවට වගේ ඒක කමාන්ඩෝ බටයෙක්
    තමන්ගේ රයිෆල් එකෙක් වෙඩි තියලා ආරක්ෂක නිලදරියව සදහටම නිහඩ කලාලු
    ඒ සද්දේ ඉතින් කියන්න ඕන නැනේ
    ගුවන් තොටු පලම කදී ගුල වගේ අවිස්සුනලු
    ඊශ්‍රායල හමුදාවත් ඉතින් කෝකටත් තයිලයනේ
    පෙරලුනු පිට හොදයි කියලා
    වාහන ටික දාල කෙලින්ම ගොඩනැගිල්ලට ඇතුල් උනාලු
    හිබ්රු හා ඉංගිරිසි බාෂ දෙකම පාවිච්චි කරලා කගහුවලු
    පාත් වෙලා ඉන්න අපි ඊශ්‍රායල හමුදාව කියලා
    ඔන්න එතනත් නාහෙට අහන්නේ නැති එකෙක් ඉදලා හිටගෙන බයිස්කෝප් බලන්න ගිහිල්ල
    ප්‍රාණ අපකාරයෙක් කමාන්ඩෝ කෙනෙක් අතින් මරුනලු
    වෙඩි තියගනිද්දී තව අපකාරයෙක් හොදටම තුවාල උනාලු
    තව කෙනෙක්ට hijacker කෙනෙක් තියපු වෙඩිල්ලකින් ජිවිතයෙන් සමුගන්න උනාලු
    බිල්ඩිමේ හිටපු සේරම hijacker ල ටිකට දුන්නලු සමතලා වෙන්න

    මේ වෙද්දී ඉතුරු C-130 Hercules ප්ලේන් 3 බාලා
    ඒවගේ තිබ්බ armed vehicle ටික බිමට බාලා ප්‍රාණඇපකාරයෝ නග්ග ගන්නකන් ගාර්ඩ් කරන හිටියලු



    VQ7YBtc.jpg




    හිතාගන්න පුළුවන්නේ මේවගෙන් දීපු පාරවල් ටික
    ඔය වෙද්දී උගන්ඩා හමුදාව control tower එකේ ඉදන් පටන් ගත්තලු දෙන්නම් ජම්බු කියලා
    මෙහිදී ඊශ්‍රායල unit commander Yonatan Netanyahu මිය ගිහින් තියනව
    ඉස්රයල හමුදාව ග්‍රනේඩ් ලෝන්චර් පාවිච්චි කරලා control tower එකත සමතලා කරලා දැම්මලු කිසි ගින්නක් නැතුව
    Airport එකේ තිබ්බ MiG-17 , MiG-21 යානා 11 සමතල කරලා දාලා hijackers 7 දෙනෙක් සහ උගන්ඩා සොල්දාදුවෝ 45 දෙනෙක්ගේ ජිවිත වලට වගකියල සාර්ථක මෙහෙයුමකින් පස්සේ පිටත් උනාලු

    Idi Amin දැන ගත්තලු මෙච්චර හරියක් කරන්න කෙන්යාව තමා සපෝට් කලේ කියලා
    උගන්ඩාවේ හිටපු කෙන්යානු ජාතිකයෝ සහ ගුවන් තොටුපලී කාර්ය මණ්ඩලය 245 දෙනෙක් මරල දැම්මලු
    කිසිම ලැජ්ජාවක් නැතුව
    එන පොට හොද නෑ කියල දැනගත්ත උගන්ඩාවේ හිටපු කෙන්යානු ජාතිකයෝ 3000 විතර ඒ රටෙන් පලා ගියාලු පන බේරාගෙන

    පල්ලෙහායින් දාන්නම් වැඩේ සාරාංශය


    O8QxWYe.png



    තව පොටෝ කිහිපයක්



    8fuHGWH.jpg




    q9HlZ6L




    q9HlZ6L.jpg




    ApgIBmD.jpg




    මේකෙන් හදපු ෆිල්ම් එකක්

    https://www.elakiri.com/forum/showthread.php?t=1855326



    මේක ගැන තියන ඩොකියුමෙන්ටරි එකක්





    Zeus සහෝගේ ඒවා වගේ ලස්සන නම් නැතුව ඇති
    Rep මැරෙනකොට මං අරන් යන්නේ නෑ
    ඒ හින්ද ඒවා නැතත්
    කමන්ට් එකක් දාලා පලයල්ලා
    ජය වේවා ...

     
    Last edited by a moderator: