අසුභ සඤ්ඤාව
අසුභ සඤ්ඤාව
වර්තමාන සමාජය රාගයෙහි වහලෙක් වී හමාරය . සමාජ සාරධර්ම අන්තයටම පිරිහෙමින් පවතී. ඒ අතරින් සුළු පිරිසක් රාගයෙහි වහල් බවින් මිදීමට යත්න දරති . එපිරිසට රුකුලක් වශයෙනි මේ කෙටි සටහන ඔබ වෙත ගෙන එන්නේ .
රාගය දුරු කල හැකි මග අසුභ භාවනාවයි . එහිදී සිදුවන්නේ අසුභ සඤ්ඤාව වැඩීමයි .
අසුභ භාවනාව පිළිබද බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා.
"මල්ලක තල ,මෑ ,වී ,කවුපි වැනි ධානය වර්ග පුරවලා බැදලා තියෙනවා .ඇස් පෙනෙන මසුස්සයෙක් ඇවිත් මේ මල්ල ලිහලා ධාන්‍ය ටික එලියට ගන්නවා . අරගෙන වෙන වෙනම තෝරනවා. මේවා තමා මෑ , මේවා තමා කවුපි කියලා . මෙන්න මේ වගේ නුවණැති ආර්ය ශ්රාවකයා මේ ශරීරයේ කොටස් වෙන් කර කර පිළිකුල් වශයෙන් බලනවා. මේ කෙස් , මේ ලොම් , මේ නියපොතු , මේ දත් , මේ සම් , මේ මස් ආදී වශයෙන් ."
නමුත් බොහෝ පිරිස් අසුභය නොවැඩිය යුතු දෙයක් හැටියටයි සලකන්නේ .
"ගිහියාට එය අදාළ නෑ "
"පවුල් ජීවිත අඩාල වෙනවා ."
යයි කියමින් ඔවුන් එය මගහරිනවා .
අසුභය සිහි කිරීම මෙතරම් භයානකනම් රෝහල්වල හෙදියන් නොසිටිය යුතුයි. වෙදදුරන් නොසිටිය යුතුයි . මිනි කපන්නට කිසිවෙක් ඉදිරිපත් නොවිය යුතුයි . මන්ද යත් ඒවා අසුභ දර්ශන නිසා ඔවුනට ජීවිත එපා විය යුතුයි . නමුත් එවැන්නක් සිදු වී නැහැ .
වරද පවතින්නේ අප තුලමයි . මෙහිදී සිදුවන්නේ සත්‍ය සත්‍ය ලෙස දැකීමයි .
අසුභ සඤ්ඤාව වැඩීමෙන් සිදුවන්නේ නුවණැස දියුණු වීමක් .
මොහොතකට සිතමු ඔබ හෝ ඔබේ මිතුරකු නැතහොත් පවුලේ අයකු සුවකළ නොහැකි රෝගයකින් පෙළෙනවා කියා. නැතහොත් අනතුරකට ලක්ව සදා ආබාධිත තත්වයකින් පෙළෙනවා කියා . බොහෝ දෙනෙක් මෙහිදී මානසිකව කඩා වැටෙනවා තමා පෙර සිටි තත්වය පිළිබද සිතමින් . නමුත් ඒ තත්වයෙන් පීඩා විදින්නා යම්තාක් දුරට හෝ අසුභය වඩා තිබුනේ නම් ඔහුට හෝ ඇයට චිත්ත පිඩාවෙන් මදකට හෝ මිදීමේ ශක්තියක් ලැබෙනු නිසැකය . අසුභය හොදින් වඩන්නාට මේ තත්වයම කමටහනක් කරගනිමින් ඉක්මනින් මේ සසර කතරින් එතෙර වීමට මග හෙළි කරගතහැකිය .
ඉතින් ඔබට අසුභය වැඩීමෙහි ප්රතිපලදායක බව යම් තාක් දුරට හෝ වැටහෙනු ඇතයි සිතමින් පහත රූ පෙළ ඔබ හමුවේ තබමින් මම නිහඩ වෙමි .
තෙරුවන් සරණයි ඔබ සැමට !!!
පහත සබැදිය වෙත පිවිස රූ පෙළ නරබන්න >>>

Last edited: