අසුභ ස්ක්ඤාව

wedakaru007

Active member
  • Dec 2, 2013
    98
    221
    33
    අසුභ සඤ්ඤාව

    අසුභ සඤ්ඤාව

    වර්තමාන සමාජය රාගයෙහි වහලෙක් වී හමාරය . සමාජ සාරධර්ම අන්තයටම පිරිහෙමින් පවතී. ඒ අතරින් සුළු පිරිසක් රාගයෙහි වහල් බවින් මිදීමට යත්න දරති . එපිරිසට රුකුලක් වශයෙනි මේ කෙටි සටහන ඔබ වෙත ගෙන එන්නේ .

    රාගය දුරු කල හැකි මග අසුභ භාවනාවයි . එහිදී සිදුවන්නේ අසුභ සඤ්ඤාව වැඩීමයි .

    අසුභ භාවනාව පිළිබද බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා.

    "මල්ලක තල ,මෑ ,වී ,කවුපි වැනි ධානය වර්ග පුරවලා බැදලා තියෙනවා .ඇස් පෙනෙන මසුස්සයෙක් ඇවිත් මේ මල්ල ලිහලා ධාන්‍ය ටික එලියට ගන්නවා . අරගෙන වෙන වෙනම තෝරනවා. මේවා තමා මෑ , මේවා තමා කවුපි කියලා . මෙන්න මේ වගේ නුවණැති ආර්ය ශ්‍රාවකයා මේ ශරීරයේ කොටස් වෙන් කර කර පිළිකුල් වශයෙන් බලනවා. මේ කෙස් , මේ ලොම් , මේ නියපොතු , මේ දත් , මේ සම් , මේ මස් ආදී වශයෙන් ."

    නමුත් බොහෝ පිරිස් අසුභය නොවැඩිය යුතු දෙයක් හැටියටයි සලකන්නේ .

    "ගිහියාට එය අදාළ නෑ "
    "පවුල් ජීවිත අඩාල වෙනවා ."

    යයි කියමින් ඔවුන් එය මගහරිනවා .

    අසුභය සිහි කිරීම මෙතරම් භයානකනම් රෝහල්වල හෙදියන් නොසිටිය යුතුයි. වෙදදුරන් නොසිටිය යුතුයි . මිනි කපන්නට කිසිවෙක් ඉදිරිපත් නොවිය යුතුයි . මන්ද යත් ඒවා අසුභ දර්ශන නිසා ඔවුනට ජීවිත එපා විය යුතුයි . නමුත් එවැන්නක් සිදු වී නැහැ .

    වරද පවතින්නේ අප තුලමයි . මෙහිදී සිදුවන්නේ සත්‍ය සත්‍ය ලෙස දැකීමයි .
    අසුභ සඤ්ඤාව වැඩීමෙන් සිදුවන්නේ නුවණැස දියුණු වීමක් .

    මොහොතකට සිතමු ඔබ හෝ ඔබේ මිතුරකු නැතහොත් පවුලේ අයකු සුවකළ නොහැකි රෝගයකින් පෙළෙනවා කියා. නැතහොත් අනතුරකට ලක්ව සදා ආබාධිත තත්වයකින් පෙළෙනවා කියා . බොහෝ දෙනෙක් මෙහිදී මානසිකව කඩා වැටෙනවා තමා පෙර සිටි තත්වය පිළිබද සිතමින් . නමුත් ඒ තත්වයෙන් පීඩා විදින්නා යම්තාක් දුරට හෝ අසුභය වඩා තිබුනේ නම් ඔහුට හෝ ඇයට චිත්ත පිඩාවෙන් මදකට හෝ මිදීමේ ශක්තියක් ලැබෙනු නිසැකය . අසුභය හොදින් වඩන්නාට මේ තත්වයම කමටහනක් කරගනිමින් ඉක්මනින් මේ සසර කතරින් එතෙර වීමට මග හෙළි කරගතහැකිය .

    ඉතින් ඔබට අසුභය වැඩීමෙහි ප්‍රතිපලදායක බව යම් තාක් දුරට හෝ වැටහෙනු ඇතයි සිතමින් පහත රූ පෙළ ඔබ හමුවේ තබමින් මම නිහඩ වෙමි .

    තෙරුවන් සරණයි ඔබ සැමට !!!

    පහත සබැදිය වෙත පිවිස රූ පෙළ නරබන්න >>>



     
    Last edited:

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න, දැන් ඔය මනුස්සයෝ දිහා බලලානේ ඔය මිනිස්සුන්ගේ බඩවැල් ද, ලේ අරව මේවා බලලා අසුභය වඩන්නේ? එතකොට බුදුදහමට අනුව දිව්‍ය ලෝක තියෙනවලුනේ? ඉතිං දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන්ගේ ඔය බඩවැල් ලේ එහෙම නෑනේ? ඉතින් දිව්‍ය ලෝකේ ඉන්න දෙවි කෙනෙක් තවත් දිව්‍යාංගනාවකගේ පිළිකුල එහෙම බලන්නේ කොහොමද? ;)
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න, දැන් ඔය මනුස්සයෝ දිහා බලලානේ ඔය මිනිස්සුන්ගේ බඩවැල් ද, ලේ අරව මේවා බලලා අසුභය වඩන්නේ? එතකොට බුදුදහමට අනුව දිව්‍ය ලෝක තියෙනවලුනේ? ඉතිං දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන්ගේ ඔය බඩවැල් ලේ එහෙම නෑනේ? ඉතින් දිව්‍ය ලෝකේ ඉන්න දෙවි කෙනෙක් තවත් දිව්‍යාංගනාවකගේ පිළිකුල එහෙම බලන්නේ කොහොමද? ;)

    දිව්‍යය ලෝකේ අසුභ සන්ඥාව වඩන්නන බෑ බන් .... මොකද එක දිව්‍ය තලවල ඉන්න අයට කරන්න බැ දුක කියන එක තේරෙන් නැති නිසා... ඒත් දිව්‍ය තලවල ඉන්නවා මාර්ග ඵල වලට එළබුනු අය... ඒ අයට අසුභය වඩීම අත්‍යවශය නෑ නිවන් ලැබීමට