අසේල _දිග්විජය_කථා_වස්ථුව..
එකල්හි ට්රරම්පච්චී තෙමේ ජනපදයේ රාජ්‍ය විචාරණ සමයෙහි ලෝක තලයෙහි දකුනු භාගයෙහි වූ අශදෘශ විජයග්රහණක් මෙසේ දිගහැරෙන්නේය..
ලංකා පුත්‍රයෝ ලකුණු 36 ක් පන්දු 12 කින් ලබා ගන්නේ කෙසේමැයි විපිලිසරව සිටිත්..මෙවර නම් අප නැසුනෝමැයි තවෙකෙක් කියත්. එහෙත් මේ අතර එක් පුත්‍ර රත්නයක් මහාමේරුව සේ නොසැලී සිටිමින් මෙසේ සිතත්..හෙන්රිකේ නම් සුළු වේගාදියෙන් පන්දු යවන්නෝය. අනුකුන් පවනපුත්රයන් මෙනි එහෙයින් කල්යල් බලා හෙන්රිකයාම භෂ්ට කල යුත්තේය ඉන් ලැබෙන් පන්නරයෙන් හා ඉසිඹුවෙන් අනිකුන්ගේ ඔද බිඳ ජය කෙහෙලි නැංවිය යුතුයි.
මෙසේ සිතු අසේල නම් මේ ලංකා පුත්‍රයා හෙන්රිකයාගේ වාරය අවසන් වතාවත එන තෙක් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී ඉන්නාහුය. හෙන්රිකයා මේ කිසිවක් නොදන්නාහුය, අසේල නම් කවරහුද , අප කවුරුදැයි ලංකා පුත්‍රයෝ උගන්නේ අද මගෙනි යැයි සේනාධිනායක ආරොන් හා වහසි බස් දොඩා පන්දු යොමු කරන්නත පැමිණියාහුය.
පලමු පන්දුව හෙන්රිකයා එල්ලය බලා එවුවේය අසේල තෙමේ මේ තමා පුල පුලා සිටි මොහොත බැවු වහා වටහා ගත්තාහුය එහෙයින් පලමු පන්දුවට ලකුණක් නොගෙනම ඒ මොහොත එනතෙක උන්නාහුය.
මාතෘ භූමිය ජය කරා ගෙන යන්නෙමැයි ඉටා ගත් එතෙමේ භ්‍රහ්ම අස්ත්‍රයක් සේ පිත්ත අතින් අමෝරාගෙන හෙන්රිකයා එන තෙක් ඉන්නාහුය.
එක් වරම පිටිය දෙවනත් කරමින් යුගන්ධර පර්වත පුපුරා යන හඬින් විදුලි වේගයෙන් හෙන්රිකයාගේ පන්ධුව වම් පසින් ඉවතට විසිවනු පෙනිනි , ජනයා ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගත්තහුය..ලකුණු හයකි..
හෙන්රික්යා මරු විකලෙන් මෙන් නැවත දිව එන්නට විය..
ඒ හෙණ හඬ මෙවර දකුණු පසින් ඇසුණා පමණි පන්දුව විජු ලතාවක් මෙන් මැකී යන එලියක් පමණක් ඉතිරි කලේය..
සතුරු සේනාවද උමතුවෙන් මෙන් මේ අශදෘෂ ව්‍යායාමය දෙස බලා හුන්නේය.
එපසින් දළ පෙන්වමින්, කෙල හලමින් උමතුවෙන් මෙන් දිව එන හෙන්රිකයාය..
මෙපසින් ධ්රැව හිම කුට්ටියක් සේ නිසංසල අසේල තෙමේය..
එපසින් මෙවර තෝ නැතැයි ගිරිය පුප්පා නන් උමතුවෙන් දිව එන හෙන්රිකයාය..
මෙපසින් මේ ව්‍යායාමය රජකම පිණිස නොව හුදී ජන පහන් සුව පිණිස යයි මුමුණන අසේලයානෝය..
එකෙනෙහිම සහසක් සක්වල ධාතුව කම්පා කරමින් පන්දුව ඝන අඳුරු අහස් තලය සිසිරා ගොස් යුඨ පිටියෙන් ඉවතත වැටුනි..
එ හා සමඟ හෙන්රිකයා දණින් ඇද වැටී තම සේනාධි නායක සෙන්පති ආරෙන් හට මෙසේ දුක කියන්නාහුය..
"අහෝ සෙන්පති තුමණි, අසේලයා නම් වෙන කෙලතොල්ලන් මෙන් නොව මහා පුරුෂයෙකි, මහසෝනාගෙ හිස කඳින් වෙන් වී අට ඉස්බක් වීසි වන්නත ගැසූ සෙන්පති ගෝඨාභය පරපුරේ එකෙක් විය යුතුය. මා නම් මොහු හා සටනට නොගැලපෙන්නෝය."
පන්දුව මිටින් අල්ලා විසි කරන අන්ද්‍රෝ වත් සටනට කැඳවන්නේ නම් අප රැකෙන්නේය යයි විලාප තබන්නේය..
අන්ද්‍රෝ තබා පුරාණ සෙන්පති "බුරටලී" පැමිණියද අද ජය පැන් බොමියි සිතා සිටි අසේලයානෝ අන්ද්රෝටද එලව එලවා පහර දෙන්නට වුයේ මහ බලැති හස්ති රාජයෙකු බට දඬු ගෙයක් වනසන්නාක් මෙනි.
අවසනද පොලෝ කම්පා කල පහරක් අන්ද්‍රෝ වෙත එල්ල කරමින් ජය තහවුරු කල අසේලයානෝ දුටු සතුරු සේනා අපි වැනසුනෙමුයි විලාප තබමින් හිස් ලූ ලූ අත පලා යන්නට විය..
මේ දුටු ලංකා ජනී ජනයා , අහෝ කලකින් සැබෑ විජයග්රහණයක් දුටුවෙමු, මෙවන් ලෙස සටනේ යෙදෙන්නේ නම් පරාජය වුවද කම් නැතැයි සිතා පහන් සිතින් යුතුව හා අභිමාණයෙන් විසිර ගියෝය.. (උපුටා ගැනීම ෆේස්බුකියෙනි)

Last edited: