අහන්න ආදරේ තරම්...

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    අහන්න ආදරේ තරම්...

    මේ හිතේ එල්ලිලා පෙරදා
    ඇවිදින් මා ලයේ නැවතිලා
    මා හැර වෙන කෙනෙකුගේ වෙලා
    ඉන්නේ කොහොමදෝ ඔයා
    කදුලු වැහෙනා නෙතු දිහා
    බලන්න මොහොතකට ලං වෙලා
    හිමිහිට පපුව මත කන තියා
    අහන්න ආදරේ තරම්

    දුක දරාගන්නට හිත හයිය නෑ
    හිත හදාගන්නට කොහොමටත් බෑ
    නාදුනන සේ මගහැර යන්න බෑ
    තවත් හිතකට හිමි වෙන්න බෑ

    මේ හිතේ එල්ලිලා පෙරදා
    ඇවිදින් මා ලයේ නැවතිලා
    මා හැර වෙන කෙනෙකුගේ වෙලා
    ඉන්නේ කොහොමදෝ ඔයා
    කදුලු වැහෙනා නෙතු දිහා
    බලන්න මොහොතකට ලං වෙලා
    හිමිහිට පපුව මත කන තියා
    අහන්න ආදරේ තරම්

    මා වෙනුවෙන් මට මැවු සෙනේ
    හමුවෙලා මග හැරී ගියේ
    ආයෙත් ඔබ මා වෙත එනකම්
    තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ

    මේ හිතේ එල්ලිලා පෙරදා
    ඇවිදින් මා ලයේ නැවතිලා
    මා හැර වෙන කෙනෙකුගේ වෙලා
    ඉන්නේ කොහොමදෝ ඔයා
    කදුලු වැහෙනා නෙතු දිහා
    බලන්න මොහොතකට ලං වෙලා
    හිමිහිට පපුව මත කන තියා
    අහන්න ආදරේ තරම්

    Dushyanth Weeramange aluth song eke lyricz....

    Mata me song eka hoyaganna help kare ape EK eke chamil32 yaluwa... thnx machan ubata! Menna song eke link eka...
    http://www.youtube.com/watch?v=z3Q--Fq8eRU
     
    Last edited: